මහජන බැංකු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදෙමින් 2021 ජනවාරි 1 වැනි දින නව වසරේ වැඩ ආරම්භ කරන ලදී. මේ නිමිත්තෙන් මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ උත්සවයක් පැවැත්විණි.
මෙහිදි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් කාර්ය මණ්ඩලය අමතන ලදී. මීට අමතරව මෙදින සෙත් පිරිත් සජ්ජායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩ සටහනක්ද පැවැත්විණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය, වෘත්තීය සමිති හා ස්වේච්ඡා සංගම්ද සහභාගි වූහ. මීට සමගාමීව දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ ශාඛාවලදීද විශේෂ උත්සව පැවති අතර, එම ස්ථානයන්හි කාර්ය මණ්ඩලයද සේවා ප්‍රතිඥාව ලබාදෙන ලදී.











