පසුගිය සතියේදී අපේ කලා ලෝකයට මංගල වැස්සක් ඇද හැලුණා කිව්වොත් ඒක වැරැදි නැහැ. මොකද ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම පසුගිය සතියේදී විවාහ දිවියට එළැඹුණා. විනූ උදානි සිරිවර්ධනත් ඒ මංගල වැස්සට එකතු වුණු ජනප්‍රිය තාරකාවක්. හැබැයි එකපාරටම විනූ විවාහ වුණා කියන එක ඇයගේ රසික රසිකාවියන් පුදුමයට පත් කළ කරුණක් වුණා කිව්වත් හරි. ඒ අවස්ථාව ස්වර්ණවාහිණිය ඔස්සේ සජීවීව විකාශනය වීම ඒ පුදුමය දෙගුණ තෙගුණ කරන්න හේතු වුණා. අලුත් ජීවිතයට සුබ පතන්න වගේම විවාහ උත්සවයේ තොරතුරු දැන ගන්න අපි විනූට කතා කළා.
විනූ එකපාරටම විවාහ වුණු එක ගැන ඔබේ රසික රසිකාවියන් පුදුමයට පත් වෙලා ඉන්නේ. මොකක්ද ඒ අයට කියන්න තියෙන්නේ?
සුදුසු කාලයේදී මට සුදුසු කෙනා හම්බ වුණා කියලා මට හිතුණා. ඉතිං මං විවාහ වුණා. හැබැයි මේක එකපාරටම වුණු දෙයක් නෙවෙයි.
කොහොමද මේ සම්බන්ධය ඇති වෙන්නේ. මේක ආදර සම්බන්ධයක්ද? යෝජනාවක්ද?
යෝජනාවක් හරහා තමයි අපේ සම්බන්ධය ඇති වුණේ. අවුරුද්දක් වගේ ඇතුළත තමයි මේ දේවල් සිද්ධ වුණේ. යෝජනාවකින් දැන හඳුනා ගත්තත් ආදර සම්බන්ධයකටත් එහා ගිය දෙයක් දැන් අපි දෙන්නා අතරේ තියෙනවා. එයත් එක්ක ජීවිත කාලයම ඉන්න පුළුවන්ද කියන එක තමයි විවාහයකදී බලන්න ඕනෑ. අපි දෙන්නට ඒ විශ්වාසය උපරිමයෙන්ම තියෙනවා.
හැබැයි විනූට පෙම්වතෙක් ඉන්නවා කියලා කවුරුවත් දැන ගෙන හිටියේ නැහැ. ඒ හින්දා තමයි ඔබ විවාහ වුණා කිව්වම බොහෝ දෙනෙක් පුදුමයට පත් වුණේ. කොහොමද මේක රහසක් විදියට රැක ගත්තේ?
ඇත්තටම මං රංගනයට ආව මුල් කාලේ ඉඳන්ම ගොඩ දෙනෙක් ඇහුව ප්‍රධාන ප්‍රශ්නය තමයි ඕක. පෙම්වතෙක් නැද්ද කියන එක ඕනෑම තරුණියකගෙන් අහන ප්‍රශ්නයක්. ඒ වෙලාවලදී සමහර අය ගැන මම කලින් කියලත් තිබුණා. මිනිස්සු ගැන විශ්වාසය තියෙන එක ගැන මම ගොඩක් කලකිරිලා හිටියේ. ඒ හින්දා ඒ පෞද්ගලිකත්වය රහසක් විදියටම තියා ගන්න මම තීරණය කළා.
ඔබේ ස්වාමියා මොන වගේ කෙනෙක්ද කියලා දැන ගන්නත් ඔබේ රසික රසිකාවියෝ කැමැති වේවි?
ඔහු කලා ලෝකයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඔහු කථිකාචාර්යවරයෙක්. ඒ වගේම ඔහු ඔහුගේ ක්ෂේත්‍රයේදී ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහු ඒ තරම් ජනප්‍රියයි කියලා මම දැනගෙන හිටියෙත් නැහැ. විවාහයෙන් පස්සේ එන ප්‍රතිචාරවලින් තමයි මට ඒක තේරුණේ. ඇත්තටම ජනප්‍රිය කෙනෙක් බඳින්න මට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මගේ ස්වාමි පුරුෂයාට ආදරය කරන පිරිසක් ඉන්න එක ගැන පුංචි ආඩම්බරයක් මගේ හිතේ තියෙනවා. මම විවාහ වෙන කෙනා උගත්, බුද්ධිමත් කෙනෙක් විය යුතුයි කියන එක අපේ පවුලේ අයගේ තිබුණු බලාපොරොත්තුවක්. ඒ අතින් අවශ්‍ය හැම සුදුසුකමක්ම ඔහුට තියෙනවා.
ඔබේ විවාහ මංගලෝත්සවයේ අවස්ථා සජීවීව ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශනය වුණා. මේක කලින් සැලසුම් කරලා කරපු දෙයක්ද?
ඇත්තටම නැහැ. මගේ විවාහ මංගලෝත්සවය කිසිම මාධ්‍යයකට නොකියා ඉන්න තමයි මම තීරණය කරලා තිබුණේ. ධනුෂ්ක සේනාධීර තමයි මගේ විවාහ මංගලෝත්සවයේ ඡායාරූපකරණය බාර ගෙන තිබුණේ. ඒ හින්දා මාධ්‍යයටත් ඔහු හරහා ඡායාරූප ලබා දෙන්න තමයි මගේ අදහස තිබුණේ. සිකුරාදා උදේට මම ස්වර්ණවාහිණියේ සජීවී වැඩසටහනකට සහභාගි වෙනවා. විවාහ මංගල්‍යය හේතුවෙන් පසුගිය සතියේ සිකුරාදා වැඩසටහන සඳුදා දිනට යොදා ගත්තා. ඒත් වැඩසටහනේ අධ්‍යක්ෂ රංගන අයියා ඒ සජීවී වැඩසටහන අතරේ මගේ විවාහය පැවැත්වුණු තැනට පිරිසක් එවලා තිබුණා. ඇත්තටම ඒක මාවත් පුදුමයට පත් කළ දෙයක් වුණා. කොහොම වුණත් විවාහ මංගල්‍යය අතරේදීත් සිකුරාදා සජීවී වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැනත් සතුටුයි.
ඔබේ විවාහ මංගලෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා බවට පත් වෙලා හිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා. මීට පෙරත් එතුමා සමඟ ඔබ විවිධ අවස්ථාවලට සම්බන්ධ වෙන හැටි අපි දැකලා තියෙනවා. කොහොමද ඒ සම්බන්ධය ඇති වුණේ?
රාජපක්ෂ පවුල සමඟ අපේ තාත්තගේ පැත්තෙන් නෑකමක් තියෙනවා. ඒ හින්දා තමයි මගේ විවාහයේ මගේ පැත්තට අස්සන් තබන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණියේ. ඒ වගේම ශිරන්ත රාජපක්ෂ මහත්මිය, චමල් රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහත්මයත් ඒ අවස්ථාවට සහභාගි වුණා. මගේ විවාහ උත්සවයට ඉතාම සුළු පිරිසකට තමයි ආරාධනා කළේ.
ඉතිං දැඩි කාර්යබහුලත්වය මැද්දේ වුණත් ඒ අවස්ථාවට සහභාගි වුණු එක ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් මව්රට හාට් පාඨක සියලු දෙනා වෙනුවෙන් අපිත් විනූට සුබ අනාගතයකට පැතුම්.
චන්දන පොන්නම්පෙරුම