• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් අලුත් වැඩකට අතගහයි

September 4, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
බැසිල් අලුත් වැඩකට අතගහයි
Share on WhatsAppShare on Facebook

මාර්ග කිලෝමීටර් ලක්ෂයක් දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පළාත් සභාවලට අයත් සියලු මාර්ග සහ පළාත් පාලන ආයතනවලට අයත් තෝරාගත් ප්‍රධාන මාර්ග වැඩිදියුණු කිරීමට තීරණය කර ඇතැයි ‘ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ’ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අද (04) දින අරලියගහ මන්දිරයේ දී මාර්ග කිලෝමීටර් ලක්ෂයක් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ මෙම වැඩපිළිවෙළ මහාමාර්ග අමාත්‍යාංශය සහ ග්‍රාමීය මාර්ග සහ අවශේෂ පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය හා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ පළාත් සභාවලට අයත් මාර්ග සියල්ල කාපට් කර යථා තත්ත්වයට පත් කිරීමට නියමිතය. එමෙන්ම පළාත් පාලන ආයතනවලට අයත් මාර්ගවලින්, ප්‍රධාන මාර්ග දෙකක් එකතු කරන මාර්ග, ප්‍රධාන නගරවලට සම්බන්ධවන මාර්ග වැනි විශේෂතා සහිත මාර්ග ද මේ යටතේ වැඩි දියුණු කෙරේ.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජලසම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය වැනි ආයතන සමඟ සම්බන්ධවී කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහි දී අවධාරණය විය.

මාර්ග සකස් කිරීමේ ප්‍රමුඛතා ලැයිස්තුවක් එම ආයතනවලට ලබාදීම හරහා විටින් විට මාර්ග කැඩීම වෙනුවට මාර්ග සකස් කරන අවස්ථාවේදීම ජල සැපයුම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ආදී කටයුතු අවසන් කර ගැනීමේ හැකියාව ඇතැයි ද එහි දී සඳහන් විය.

මාර්ග සකස් කිරීමේ දී පරිසර හිතකාමී භාවය රැකගැනීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් එහි දී මාර්ග දෙපස රටට ගැලපෙන පරිසර හිතකාමී ප්‍රයෝජනවත් ගස් වර්ග පැළ කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පැළ වර්ග තෝරා ගැනීමේ දී පරිසරයට ප්‍රයෝජනයක් නැති පැළ වෙනුවට මී, කුඹුක් ආදී ගස් වර්ගවලට වැඩි අවධානයක් යොමු කරන ලෙසය.

ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය ආදී ආයතනවල උපදෙස්, සහාය ලබා ගැනීමේ හැකියාව ඇත. පරිසර අමාත්‍යාංශය යටතේ සෑම ගමකම පරිසර කමිටු සකස් කිරීම ට නියමිතව ඇති හෙයින් මඟ දෙපස රෝපණය කරන ගස් රැකබලා ගැනීම එම පරිසර කමිටුවලට සහ ප්‍රදේශවාසීන්ට පැවරීම සුදුසු බවද මෙහිදී සඳහන් විණි.
‘සෞභාග්‍යයේ දැක්ම’ යටතේ ක්‍රියාත්මක කිරීමට ජනතාවට පොරොන්දු වූ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් දියුණු කිරීමේ වැඩපිළිවෙළ මගින් රටේ සියලුම මාර්ග යථා තත්ත්වයට පත් කිරීම, ඉදිකිරීම් ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම, ග්‍රාමීය හා නාගරික රැකියා අවස්ථා වැඩි කිරීම, දළ ජාතික ආදායම ඉහළ නැංවීමට දායක වීම මෙන්ම සෑම පුද්ගලයකුටම තමන් ජීවත් වන ස්ථානයට නිසි පිවිසුමක් ලබා දීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, පළාත් ආණ්ඩුකාරවරු ඇතුළු රජයේ සහ පළාත් සභා නිලධාරින් රැසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

අයිශ්වරයා ලංකාවේ නවතින්න එයි

Next Post

විනූගෙ වෙඩිමට හිටිහැටියෙ කඩාපැන්නෙ කවුද

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.