• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලංකාවම ‘අඩෝ’ කියපු කවුද ඩෝ මේ?

December 15, 2019
in Heart
Reading Time: 1 min read
A A
ලංකාවම ‘අඩෝ’ කියපු කවුද ඩෝ මේ?
Share on WhatsAppShare on Facebook

පහුගිය දවස්වල පුංචි තිරයට ආවා චණ්ඩියෙක්. ලංකාවටම අඩෝ කියාගෙන. අඩෝ කියන එකේ කිසි මිත්‍රශීලී ගතියක් නැති වුණාට හැමෝම වගේ අඩෝ එක්ක ආදරෙන් බැඳුණා. මේ අඩෝ අධ්‍යක්ෂ මාධ්‍යවේදී ලේඛක සුපුන් රත්නායක එක්ක ගහපු කයිය.
කතාව පටන් ගන්නෙම කොහොම ද “අඩෝ” කියලා?
අඩෝ කියන වචනේ අපේ සමාජ ව්‍යවහාරික භාෂාවෙන් නිතර හමු වෙන දෙයක්. ඒ වචනය උච්චාරණය කරන විදියත් එක්ක ඒ තුළ තියෙන හැඟීම වෙනස් වෙනවා. ඒ දේවල් කොහොම වුණත් අපි අඩෝ කියන වචනය භාවිත කරන්න හේතුවුණේ මේ කතාවේ ප්‍රධාන චරිතයට පණ පොවන අරවින්ද සහ ඩෝරාගේ නම්වල මුල් අකුරු එකතු කරල.
“අඩෝ” වෙනස් වැඩක්නෙ. කොහෙන්ද හම්බවුණේ අනුභූතිය?
ටෙලි නාට්‍යයක් සඳහා හෝ වේවා වේදිකා නාට්‍යයක් සඳහා හෝ වේවා කතාවක් ඔළුව ඇතුළේ පිළිසිඳ ගත්තහම නිර්මාණකාරයෙක් ගත කරන්නෙ හරිම අමාරු කාල පරිච්ඡේදයක්. තත්පරෙන් තත්පරේ එකී කතාව මෝරා වැඩෙනවා. එහෙම නිකන්ම මෝරා වැඩෙනව නෙවෙයි, නිර්මාණකරුවා එය පෝෂණය කරනවා. කප්පාදු කරනවා. ආයෙමත් පෝෂණය කරනවා. ඒක ලේසි පාසු සෙල්ලමක් නෙවෙයි. ‘අඩෝ’ පිටපත අවුරුදු හතරක් තුළ හතර වතාවක් ලියලා අවසන් කරපු එකක්.
දූපතට යන්න එන්න, මුහුදෙ කරක් ගහන්න නළු නිළියො සහ වෙනත් ශිල්පීන් කැමැති කරගන්න ලේසි වුණාද?
මේක වෙනස් විදියේ අත්දැකීමක් නිසා නළු නිළියන් කාර්මික ශිල්පීන් සහ අනෙකුත් නිෂ්පාදක කණ්ඩායමේ සියල්ලන්ගේම ලොකු කැමැත්තක් තිබුණා. විශේෂයෙන්ම මුහුදේ ගත කළ දවස් පහ සහ දූපතේ ගත කළ දවස් 21 අඩෝ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණ කිසිවකුට අමතක නොවන අත්දැකීමක් එකතු කළ බව නම් විශ්වාසයි. සමහර දවස්වල අපේ රාත්‍රී ආහාරය වුණේ බෙල්ලො, රංගන ශිල්පීන් දවස් විසිඑකක් කට්ට අව්වේ ඉඳලා එනකොට අපිට ගොඩබිමේ රූගත කිරීම් මාස දෙක තුනකට නවත්තන්න වුණා. මොකද ඒ තරම් ඔවුන් කළු වෙලා හිටියේ. ඒත් කිසිම කෙනෙක් ඒ අත්දැකීමට වෛර කළේ නෑ. ඒ තරමට දුෂ්කර වූ ප්‍රියජනක අත්දැකීමක්.
විදුලිය නෑ, කඩවල් නෑ, කෑම බීම නෑ, එහෙම යන්න එන්නත් බෑ, වටේම සද්දෙ කොහොමද මේ ප්‍රශ්න විසඳගත්තෙ?
මේ කතාවේ වැඩි හරියක් දුවන්නෙත් දූපත කේන්ද්‍රස්ථානය කරගනිමින්. මුළු දූපතටම ඉන්නේ අපේ නිර්මාණ කණ්ඩායම විතරයි. ඒක අක්කර හතක දූපතක්. මඟදී කිසිදු අවශ්‍යතාවක් ඇති නොවෙන්න අපි මුලින්ම හැමදේම සැලසුම් කරගත්ත. වතුර බෝතලයේ ඉඳලා හැමදේම වැඩිපුරත් එක්ක අපි දූපතට සපයලා තිබුණේ. ඒ නිසා කිසිම ශිල්පියකුට අපහසුතාවක් ඇති වෙන්න ඉඩක් ලැබුණේ නෑ. අපි දූපතේ රූගත කිරීම සඳහා සමහර අවස්ථාවල කැමරා හයක් යොදා ගත්තා. ඇතැම් දර්ශන සංස්කරණ මැදිරියේදී හඬකැවීම්වලට ලක් කරන්න වුණා. වටේටම ගල් පර නිසා රැල්ල ගහන සද්දේ ඇහෙනවා වැඩියි.
මොනවද සුපුන්ගෙ වෙන වැඩ?
ටෙලි නාට්‍ය පැත්තෙන් බැලුවොත් පළමුවැනි වැඬේ විදියට එළියට ආවෙ ‘මගේ ආදර අවනඩුව’. ඊට පස්සේ ‘ඒක දිග කතාවක්’ කළා. ‘පොප්කෝන්’ කියලා වෙබ් අඩවිය කැට ඇට්ටරයා කියලා කොටස් 18ක ටෙලි නාට්‍යයකුත් කළා. ඊට පස්සේ තමයි අඩෝ බිහි වුණේ. අඩෝ ටෙලි නාට්‍යයත් එක්ක කාර්යබහුල වුණ නිසා මම ලියාගෙන ආපු ාැ්ර ඩ්කමැා ජමිඑදපැර වෙන නවකතාව අතරමඟ තාවකාලිකව නවත්තන්න වුණා. ඒ වගේම අනිකුත් ලියන වැඩත් තාවකාලිකව නතර කරන්න වුණා.
කොහොමද ‘අඩෝ’ට ප්‍රතිචාර?
‘අඩෝ’ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර සියයට අසූවක් විතර හොඳයි. ඒත් මම වඩා සැලකිලිමත් වෙනවා සියයට විස්සකින් ලැබෙන නරක ප්‍රතිචාර දිහා නැවත අවධානය යොමු කරන්න. පෞද්ගලික නාළිකාවල සමාජ ජාල හසුරවන නිලධාරීන්ගේ ෆේක් ප්‍රොෆයිල්වලින් ලැබෙන නරක ප්‍රතිචාර ගැන නම් උනන්දුවක් දක්වන්නෙම නෑ. මොකද ඒ නාළිකා ඒ අයට පඩි ගෙවන්නේ ඔවුන්ගේ ටෙලිනාට්‍ය විකාශනය වන වේලාවන්ට සමගාමීව අනෙකුත් නාලිකාවල විකාශනය වන ටෙලි නාට්‍ය කෙසේ හෝ ප්‍රේක්ෂක අවධානයෙන් ඈත් කරනවට. ඔවුන් ඇරුණහම සාමාන්‍ය ප්‍රේක්ෂකයන්, අපේ මේ විෂය හදාරපු ප්‍රවීණයන් පෙන්නල දීපු ඇතැම් අඩුපාඩු ශීර්ෂ ප්‍රණාම සහිතව පිළිගන්න කැමැතියි.
නිර්මාණවලට ගන්න කලින්ම වෙන්කරගත්ත නළු නිළි සෙට් එකක් ඉන්නවද?
බොහෝ නිර්මාණකරුවන්ට එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ගේ බොහෝ නිර්මාණවල එම නළු නිළියන් වී පිට චරිතවලින් එළියට එනවා. ඒක මටත් සාපේක්ෂයි. නමුත් මා තෝරා ගන්නා රංගන ශිල්පියා හෝ රංගන ශිල්පිනිය එම චරිතය නිවැරදි ආකාරයෙන් නිරූපණය නොකරන්නේ නම් පමණක් කෙනකුට චෝදනාවක් ලෙස එල්ල කරන්න පුළුවන් හැමදාම ගන්න එකම කට්ටිය කියලා.
අලුත්ම අය ගොඩක් එක්ක වැඩක් කරනවා කියන්නෙ වෙනමම කට්ටක්, ඇයි එහෙම එකක් තෝරගන්නෙ?
අලුත් අයත් එක්ක වැඩ කරන කොට තියෙන ප්‍රශ්නේ තමයි වැඬේට අවධානය දෙන්නේ නැති එක. ආපු වෙලාවෙ ඉඳලා ජංගම දුරකතනය අරගෙන කොට කොට ඉන්න එක තමයි ඒ අය පුරුදු පුහුණු වෙලා තියෙන්නෙ. සමහර වෙලාවට දර්ශන තලයට එනවා පිටපතවත් කියවලා නැතුව. බොහෝ පිරිසක් එහෙම වුණාට තනියම අභ්‍යාස කරලා, චිත්‍රපට බලලා එක් එක් රංග වින්‍යාසයන් පිළිබඳව හැදෑරීමක් කරලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න උත්සාහ කරන අයත් ඒ අතර ඉන්නවා. හැබැයි ඒ අතළොස්සක් වගේ බොහොම සුළු පිරිසක්. අපේ රටේ ගොඩක් වෙලාවට නළුවෝ නිළියෝ තෝරන්නෙ ලස්සන විතරක් බලලා. අඩෝ එකේදි අපි අවස්ථාව ලබා දුන්නේ රඟපාන්න පුළුවන්ද, චරිත ඇතුළෙ රඟනොපා ජීවත් වෙන්න පුළුවන්ද, අඩුම ගානේ කියන එක තේරුම් ගන්න පුළුවන්ද කියන දේවල් හොඳට හොයල.
ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ස්විස් කත ගැන මාධ්‍ය කියන ‌බොරුවක් රහස් ප‌ොලිසිය ‌හොයාගනී

Next Post

කළුදිය පොකුණේ අභිරහස

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.