ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව නම, ආගම වෙනස් කරගත් තැනැත්තියක් බවට මෙරට ඇතැම් මාධ්‍ය සහ වෙබ්අඩවි ගෙන යන ප්‍රචාරය සම්පූරණයෙන්ම අසත්‍යයක් බව රහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ඇතැම් මාධ්‍ය ඇය කැලණියේ ජීවත් වන බවත්, එජාප ප්‍රාදේශීය දේශපාලකයකුගේ ලේලියක බවත්, නමින් ශ්‍රියාලතා පෙරේරා බවත් ප්‍රකාශ කර සිටියද ඒ සියල්ල අසත්‍ය බව මේ වනවිට අනාවරණය වී ඇත.
කෙසේවෙතත් ඇය සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ප්‍රශ්න කළ බවට ඇය විසින කරන ලද චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව රහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද දැනගන්නට ඇත.










