• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රාණිගෙන් චාලිස් ඒන්ජස්ල්

December 6, 2019
in Heart
Reading Time: 1 min read
A A
රාණිගෙන් චාලිස් ඒන්ජස්ල්
Share on WhatsAppShare on Facebook

රාණි මුඛර්ජි ගැන කිසිවක් පැහැදිලි කිරීමට වචන නාස්ති කළයුතු නැත. මීට වසර කිහිපයකට පළමුව උතුරු ඉන්දීය සුපිරි තරු අතර උන්මාදනීය වූ ආකර්ෂණීය එක් තරුවකුව සිටි රාණි මුඛර්ජි ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයන් අතරද දැඩි ජනප්‍රියත්වයකට පත්ව සිටියාය. දඟකාර චරිත නිරූපණය තුළින් තවමත් ඉන්දීය පිරිමින් අතර නොමැකෙන මතකයක් තබා සිටින රාණි දැවැන්ත චිත්‍රපට නිෂ්පාදනයක් සඳහා අත ගහන්නට සූදානම්ව සිටින බව මේ දිනවල සමාජ ජාලා වෙබ්අඩවි හරහා පැතිර යන අලුත්ම ආරංචිය වෙයි.
ක්‍රියාදාම චිත්‍රපටයක් වන “මර්දානි 2” සඳහා රූපවාහිනී සාකච්ඡාවට පැමිණි රාණි මුඛර්ජි තමා “චාලීස් ඒන්ජල්ස්” චිත්‍රපටය තැනීම සඳහා විධිවිධාන සකස් කරමින් සිටින බව පැවසුවාය.
පළමුව “මර්දානි-2” ගැන කතා කළ රාණි එහි තමන් රඟපෑ නිර්භීත පොලිස් නිලධාරිනියකගේ චරිතය තුළින් තම සිතට දැනුණු අලුත්ම තෘප්තිය අති විශාල යැයි පවසා සිටියාය. අධ්‍යක්‍ෂ ගෝපි පුත්‍රන් “ශිවානි රෝයිගේ” චරිතය සාර්ථක කිරීම සඳහා තමා සතු සියලු හැකියාවන් උකහාගත් ආකාරය ඉතාම ප්‍රශංසනීය බව රාණි තවදුරටත් කීවේ ඉතා පුදුමාකාර වූ යමක් අත්දුටු ලෙසින්ය.
ශිවානි රෝයිගේ චරිතයට මා ඇතුළු වූයේ පොලිස් නිල ඇඳුමෙන් පමණක් නොවෙයි. ශිවානිගේ නිර්භීත පැවැතුම්, සිංහ ධෙනුවකගේවූ ප්‍රභාවය, කෝපය සමඟ වූ දරා ගැනීමේ ශක්තිය යන ගති පැවැතුම් තුළ මා ජීවත් කරවීමට ගෝපි ගත් වෑයම මට පුදුමය දනවනසුලු වුණා.
“ෆ්‍රෙස් ෂෝ” එක නරඹන විට ඒ චිත්‍රපටයෙහි සිටින්නේ මම බව මට අමතක නොවන තරමට මට එහි කටයුතු කර තිබුණා.
දිගින් දිගටම ශිවානි රෝයි මගේ මනස තුළ හොල්මන් කරන විට මට හිතුණා ඉන්දියානු නිළියන් සොඳුරු පෙම් චරිත හෝ සරාගී චරිත පමණක් නොව “ශිවානි රෝයි” වැනි චරිත තුළින්ද ප්‍රේක්‍ෂකයා පිනවිය යුතුයැයි කියා.,
ඒ අතරට මට හිතුණා කාන්තා චරිත කිහිපයක සටන්කාමී බව පිළිබිඹු වන චිත්‍රපටයක් කරන්නට ඇත්නම් අපූරුය කියා. මගේ මතකයට ආවේ චාලිස් ඒන්ජල්ස් ටෙලි කතා මාලාවයි.
දෙවරක් සිතීම නිෂ්ඵල නිසා මම තීරණය කළා චාලීස් ඒන්ජල්ස් හදනවාමයි කියා. ඒ වාගේම එහි ඒන්ජල්ස් කෙනකු වීමේ දැඩි ආශාවක්ද මා සතුව තිබෙනවා.
රාණි මුඛර්ජි තම සිහිනය එලෙස පළමු වරට කියා පෑවාය.
එක් සුරදූතියක් ඔබ වූ විට තවත් සුර දූතියන් දෙදෙනකුට ඉඩ තිබෙනවා, ඒ කෙල්ලන් කවුරු විය හැකිද?
සූම් ටී.වී.හි සම්මුඛ සාකච්ඡාව මෙහෙය වන්නා රාණිගෙන් ඒ ඇසුවේ ඕපාදූපයකි.
ඇත්තටම “ටයිගර් සින්දා හේ” චිත්‍රපටය නරඹන විට මට කත්‍රිනාගේ රඟපෑම ගැන පුදුම හිතුණා. සමහර සීන්වලදී මටත් නොදැනුවම මගේ හිත තිගැස්සුණේ කත්‍රිනාගේ බිහිරිමය ආවේගශීලී බව දැකලයි. කත්‍රිනා කෙතරම් සාර්ථකද, අපූරුද කියා මට හිතුණා. ඒ නිසා එක් සුරදූතියකුගේ හිස් තැන හරි..,
ඒ එක්කම මට දීපිකා පදුකෝන්ව හිතට නැඟුණා. දීපිකාගේ පෙනුම සහ දාංගලය සිහිවූ නිසා ඉතුරු සුරදූතියගේ හිස්තැනත් සපිරුණා. ඔන්න හරි අපූරු නිර්මාණයක ඉඩ සැලසුණා.
ඇත්තෙන්ම, රාණි මුඛර්ජි, දීපිකා පදුකෝන් සහ කත්‍රිනා කයිෆ් චාලීස් ඒන්ජල්ස්ලා විදියට ඇඳගෙන ඉන්න හැඩකාර කටවුට් එක මේ දවස්වල මගේ සිතේ මැවෙමින් තියෙනවා.
“කවදාද චාලීස් ඒන්ජල්ස් චිත්‍රපටයට මුල පුරන්නේ”
සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්නා රාණිගෙන් ඇසුවේය.
ඉක්මනින් සියල්ල සිදුවේවි. සුරදූතියන්ගේ ක්‍රියාදාම සපිරි ඉතා අපූරු චිත්‍රපටයක් නැරැඹීමේ භාග්‍යය උතුරු ඉන්දීය සිනමා ලෝලීන්ට උදාවන බව නිසැකයි.
“අනේ මන්දා… මම කයිවාරු කිව්වා වැඩිද?”
සියල්ල අවසානයේ රාණි ඇසුවේ ලැජ්ජාවෙන් වාගෙය.
“අයියෝ නැහැ… ඔබ හරිම අවංකව කතා කළා රාණි ජී”
“සූම්” රූපවාහිනියේ මාධ්‍යවේදියා ඈව සන්සුන් කළේය.
“චාලීස් ඒන්ජල්ස්” හමුවේ ඈ දියත් කරන්නට හදන මෙහෙවර වෙනුවෙන් බොහෝ ප්‍රේක්‍ෂකයන් තම සතුට සමාජ ජාලා වෙබ් අඩවි හරහා නිකුත් කොට තිබිණි.
“සුබ පැතුම් රාණි ජී, ඔබේ සුරදූත සිහිනය තිරය මත සැබෑවනු දැකීමට අපද පෙරුම්පුරා බලා සිටිමු.”
කමෙන්ට්ස් අතර විශේෂයෙන්ම වූයේ එවැනි වදන්ය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වැඩ ‌ගැසට් එක තවම නෑ

Next Post

කෝටිපතියන් ‌දෙදෙනකුට ප්‍රබල තනතුරු 2ක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.