පසුගිය කාලසමයේදී මහත් ආන්දෝලනයකට ලක්වූ රජයේ ප්‍රධාන ආයතන 2ක් වූ ශ්‍රීී ලන්කන් ගුවන් සේවයට සහ විදුලිබල මණ්ඩලයට මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු පත් කිරීමට යෝජනා වී ඇති බව දැනගන්නට ඇත.
පසුගිය දින කිහිපය පුරාම මේ සම්බන්ධයෙන් සාකච්ජා වට කිහිපයක් පැවැත්වී ඇති අතර අදාළ ආයතන 2 බාරගැනීමට එම කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනාද එකගතාව පළ කොට ඇති බව වාර්තා වේ.
ඉදිරි දින කිහිපය ඇතුළත මෙම පත්කිරීම සිදු කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.










