රවිනා කන්ඩන් කියන්නේ 90 දශකය පුරාවටම උතුරු ඉන්දීය සිනමාව පුරා ජයකෙහෙළි නැංවූ ඉතා සුරූපී සිනමා තාරකාවකි.
අක්ෂය කුමාර් සමඟ ඉතා සමීප ප්‍රේම සම්බන්ධතාවක නියැළී සිටි රවීනා ‘Me Kiladi the Anari” චිත්‍රපටයෙහි ‘මේ ජීස් අ බඩීහේ මස්ත මස්ත හේයි’ ගීතය තුළින් මුළු ආසියාව පුරාම අසීමිත ජනප්‍රියත්වයට පත්වූවාය.
තවමත් තම ප්‍රතිරූපය තුළ හමස් පෙට්ටියට නොවැටුණු ලෙස කාලය ගෙවන රවීනා කන්ඩන් විටින් විට සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ යම් ගොසිප්වලටද බඳුන්වන සොඳුරු චරිතයකි.
හැබැයි මෙවර නම් රවීනාගේ ඒ අපූරු නාමය සමාජ ජාලා වෙබ්අඩවි හරහා නිතර නිතර කියැවෙන්නේ ‘කළුපාට’ පැල්ලමක්ද සහිතවය. සුවිශේෂිත ආගමික වූ අපහාසයකට මැදිව කළ වරදක් නිසා රවීනාට ‘පන්ජාබයේ ෆෙරෝසපූර්හි පොලිසිය විසින් නඩු පවරා තිබෙන්නේ කිසිසේත්ම ඈ නොසිතූ ලෙසය.
සිද්ධියට මුල්වී ඇත්තේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදී ‘ආලේලුය්යා’ යන වචනය අපහාසයට පත්කරමින් හඬ නඟා කිහිප විටක්ම සිනාසීමය. මෙම සිදුවීමට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂ සහ ප්‍රවීණ නැටුම් ශිල්පිනියක ලෙස උතුරු ඉන්දියානු සිනමාවෙහි නමක් නංවා ඇති ෆාරා ඛාන්ද එක්වී ඇත. වෙබ්අඩවි ඔස්සේ පළවන නිතර පුවත්වල සඳහන් වෙන අන්දමට කතෝලික ප්‍රජාව ඉතාම බැතියෙන් ආමන්ත්‍රණය කරන ‘ආලේලූය්යා’ යන ගෞරවනීය වචනය රවීනා සහ ෆාරා කෑ ගසා සිනාසෙමින් අත්පුඩි ගසමින් කිහිපවිටක්ම තම මුවින් පිටකර තිබෙන්නේ අංග චලනයෙන්ද අගෞරවනීය ලෙස හැසිරෙමිනි.
කුමක් අරභයා හෝ එම වීඩියෝව ‘යූ-ටියුබ්’ ඔස්සේ ලක්‍ෂ ගණනින් නැරැඹූ අතර, ඔවුන් මෙසේ හැසිරීම කනගාටුදායකයි යන කමෙන්ට් එකද ආගම් බේදයකින් තොරව ප්‍රකාශ වී තිබිණි. රවීනා ෆාරා හෝ ඔවුන්ගේ අවිනීත හැසිරීමට උඩගෙඩි දුන් ‘භාරතී සිං’ නම් වැඩසටහන් මෙහෙයවන්නාටද පන්ජාබයේ ෆෙරෝසපූර්හි පොලිසිය විසින්ද රවීනා, ෆාරා සහ භාරතී සිංග්ට නඩු පැවරීමෙනි.
‘ආලේලුය්යා’ වදනට නිග්‍රහ කළාය යන හැඟීම රවීනා ඇතුළු තුන්කට්ටුවට ඒත්තු ගියේ එතැනිනි.
සියලුම ඇපොයින්මන්ට් කැන්සල් කිරීමට තරම් කලබල වූ තිදෙනා එකට එක්වී කාදිනල් ඔස්වල්ඞ් ග්‍රේසියස් හමුවීමට ගියේ තම තමන්ට සමාව දෙන අයැදීමටය. පැය ගණනක කතාබහකින් පසු කාදිනල්තුමා රවීනාට කියා සිටියේ විද්‍යුත් මාධ්‍ය හමුවේ මෙ වරද නිවැරැදි කරමින් කතෝලික ප්‍රජාවගෙන් සමාව ඉල්ලා සිටින ලෙසය. සභාපති ඒබ්‍රහම් මතායෙස්ද හමුවීමට ගිය ඔවුන් තම තමන්ගේ මනස්තාපය කතෝලික ප්‍රජාව හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටියහ.
‘වැරැදි කිරීම මිනිස් ගතියකි. සමාව දීම දේව ගතියකි’ යන කියමන ප්‍රකට කරමින් දෙවියන් වහන්සේගේ දූතයන් ඔවුන්ගේ කන්නලව්වට කන් දුන්හ. ඒබ්‍රහම් මතායෙස්, කාදිනල් ඔස්වල්ඞ් ග්‍රේසියස් යන දෙදෙනාම කතෝලික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ඔවුනට සමාව දෙන ලෙසය.
ආලේලුය්යා වදනෙහි ශුද්ධ වූ භාවයට අපහාස කළ ප්‍රහර්සනාත්මක වීඩියෝව ‘යූ-ටියුබ්’වලින් ඉවත් කොට රවීනා ඇතුළු තුන් කට්ටුව කළ ප්‍රකාශය මෙසේ සඳහන් විය.
කරුණාකර මෙය අතනොහැර නරඹන්න.
කිසිදු ආගමකට අපහාස කිරීමට අප නොසිතුවෙමි. සිදුව ඇති අපහාසය ගැනත්, එයින් සිත රිදවාගත් සියලුම කිතුනු නායකයන් සහ කිතුනුවන්ගෙනුත් ඉතාම බැගෑපත්ව සමාව අයැද සිටිමි. සමස්ත කණ්ඩායම වෙනුවෙන් රවීනා කන්ඩන් වන මම සුවිශේෂීව සමාව ඉල්ලමි.
මෙම සමාව අයැදීම කළ හා අපට සහාය දුන් සියලුම ආගමික නායකයන් ඇතුළු කාඩිනල් ඔස්වල්ඞ් ග්‍රේසියස්තුමාට ස්තුති කරමු. කරුණාකර අවසානය තෙක් සවන් දෙන්න.’
ට්විටර් ඇතුළු සියලු සමාජජාලා වෙබ්අඩවි තුළ කළ රවීනා ඇතුළු තුන් කට්ටුවේ මනස්තාපයට කාරුණික ප්‍රතිචාර ලැබී තිබිණි.
නමුත්,
දේව අනුහසෙහි තිබෙන තෙතමනය සහ අනුකම්පාව, නීතියට අදාළ නැත. පන්ජාබයේ ෆොරෝසපූර්හි පොලිසිය විසින් ඔවුනට දැමූ අපහාස නඩුවට කුමක් වෙන්නේද යන්නේ දන්නේ දෙවියන්ම පමණය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











