• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රවීනාගේ දුවට රාජකීය මඟුලක්

May 4, 2020
in Heart
Reading Time: 1 min read
A A
රවීනාගේ දුවට රාජකීය මඟුලක්
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය ජාලා සමඟ ගැටෙන සුපිරි ඉන්දීය තාරකාවන් අතර රවීනා තණ්ඩන් වඩා ජනප්‍රියය. සෑම උදෑසනකම රවීනා සිය ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් මිතුරු මිතුරියනට සුබ දවසක් ප්‍රාර්ථනා කරයි. එදිනෙදා සිදුවන සුවිශේෂී යම් සිදුවීම්ද සෙල්ෆියක් ලෙස ගෙන මුදාහරියි. රසවත් කෑමක ආහාර වට්ටෝරුව රවීනා හැමෝම අතර සුහදව බෙදාහරින්නේද ඈ අතින් පිළියෙල කරන ලද එම අතුරුපස හෝ කෙටි කෑම වර්ගය සහිත සේයාරූද පළකරමින්ය.

තවත් ලෙසකින් කියනවා නම් රවීනා තණ්ඩන් නම් මේ සරල නිළි තාරකාවිය ‘ටික්ටොක්’ වීඩියෝ ක්‍රමයෙහි තදින් ඇබ්බැහිව සිටින්නියකි. එම ‘ටික්ටොක්’ වීඩියෝපට සඳහා ඇය හා රඟන සහායිකාව වන්නේ ඇගේ සුරතල් දියණිය රෂාය. ඉන්දීය රසිකයන් අතර වඩාත්ම ජනප්‍රිය ඔවුන්ගේ ‘ටික්ටොක්’ වීඩියෝ පෙළ ඉතා විකාරරූපී වුවද බෙහෙවින්ම සුන්දරය.

පසුගිය දින කිහිපය තුළ රවීනා ‘ටික්ටොක්’වලට මඳ විරාමයක් පනවා තිබිණි. එයට හේතුව වූයේ කැපකරු මාපිය ක්‍රමය යටතේ රවීනා ඉතාම ළෙන්ගතුව හදාවඩා ගත් ඇගේ දියණිය ‘චායා’ගේ විවාහ මංගල්‍යය.
ගෝවේදී ඉතාම අලංකාරව පවත්වන ලද මේ ලස්සන විවාහය වෙනුවෙන් රවීනා නිර්මාණය කර තිබුණු වීඩියෝව පුරා වූයේ දැඩි ආකර්ෂණයකි. බොහෝදෙනෙක් එයට ප්‍රතිචාර දක්වා තිබුණේ “ඇත්තටම මේ අපූරු මංගල්‍යය එංගලන්තයේ රාජකීය විවාහයකට වඩා සුන්දර” යැයි වචන පෙළගස්වමින්ය.

හිම කුමාරියක මෙන් සැරසුණු ‘චායා’ගේ සුරතින් ගත් රවීනාගේ දෑස තුළ සතුටු කඳුළක් මෝදුවී තිබිණි. නිළියක ලෙස ජනප්‍රිය වීමට ඇයට බොහෝ උපකාරී වූ සොඳුරු සිනහවද රවීනාගේ මුව පුරා ඇඳී තිබිණි.
මනාලියක ලෙස ‘චායා’ සැරසෙන තැන සිට අතිනත ගන්නා අවස්ථාව එනතුරුම මේ සොඳුරු වීඩියෝව දුවයයි.
මෙහි අපූර්වතම වෙනස වන්නේ සාමාන්‍ය විවාහ මංගල්‍යයක් නිල වශයෙන් වීඩියෝ කරනවාට වැඩි වෙනත් යමක් මෙම දර්ශන පෙළෙහි ඉතාම කලාත්මකව ඉදිරිපත් වීමය.

රවීනා හෝ දියණිය චායා එහි මුහුණදී සිටින්නේ යම් කිසිවකු විසින් රහසේ ඔවුන්ව රූගත කරන තාලයටය. තමන් පිටුපස කැමරා කාචයක් තියෙන්නේදැයි යන්නවත් නොදන්නා ලෙස ඉතාම සාමාන්‍යව චායා සහ රවීනා එහි රඟා තිබූ අපූර්වත්වය සිත් ඇදගන්නාසුලුය.

මෙහිදී රවීනා රෝයල් බ්ලූ ඇඳුමකින් සැරසී සිටියේ චායා ඇඟලා සිටි අයිවරි පැහැති මැක්සි ගවුමට සරිලන ආකාරයටය. හොඳින් පෙළට දිස්වන සෑම රූපරාමුවකම රවීනා සතු අව්‍යාජ සිනාවෙහි වූයේ අසාමාන්‍ය බවෙන් පිටතට ගිය සාමාන්‍ය සරල බවකි. ඒ සිනාව රවීනා තිළිණකොට තිබුණේ කැමරා කාචයකට නොවන තරමට ඒ සරලත්වය මිහිරිමය විය.

බලාපොරොත්තු වූවාටත් වඩා එය රවීනාගේ ඉන්ස්ටග්‍රෑම් රසිකයන් විසින් නරඹා තිබිණි. සටහන්ව තිබූ කමෙන්ට්ස්වල රවීනාගේ දියණියට ආශීර්වාද කර තිබූ අතර වීඩියෝව නිමකර තිබූ ස්වභාවයටද ලකුණු දී තිබිණි.
දහස් ගණන් නොව ලක්ෂ ගණන් වූ රසික හදවත් මේ මනහර දසුන් වෙත ආකර්ෂණීයව සිටියහ.
‘සොරකම් කර ළඟ තබාගැනීමට තරම් මෙය අමන්දානන්දනීයයි රවීනා’
‘එය අපූරුයි. වැරැදීමකින් කාටත් හොරා කළ රූගත කිරීමක් වැන්න’
‘සුන්දරත්වය ඇත්තේ ඔබ හෝ චායා තුළ නොව කැමරාවක් ගැන නිනව්වක් නොවූ සරල හැසිරීම් තුළය’
ඉතාම අලංකාර වූ එවැනි කමෙන්ට්ස් හමුවේ රවීනා තණ්ඩන් දැඩි සතුටට පත්ව සිටියාය.
ඒ අපූරු සතුට රවීනා විසින් ආදරණීය වචන කිහිපයකට මෙසේ බැර කළාය.
ජීවිතයට බොහෝ වැදගත් විය හැකි මෙවැනි සිදුවීම් රැඳී තිබිය යුත්තේ අප හදවත් තුළ මිස වීඩියෝවක නොවේය.
එනමුදු,
රූප මාධ්‍යයක් හරහා එය යම් විටෙක නැරැඹීමෙන් එම වැදගත් මතකයට ආදරය සහ සතුට හරි කදිමට නැවත නැවත එක්කළ හැකිය.
ඉතින් ඔබේ මිතුරු බවටත් ආදරයටත් හැමදාමත් ස්තුතියි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවේ කොරෝනා 700 පන්නයි

Next Post

මැකො අහපු දේට නීතිපති උත්තරේ එවයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.