මෙරටින් හඳුනා ගැණුනු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන මේ වනවිට 718ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (03) දිනයේදී හදුනාගැනුණු නව ආසාදිතයින් 13 දෙනා ද සමඟය.
මේ වන විට නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සංඛ්‍යාව 324 දෙනෙක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනාවරණය කරයි.
ඒ අනුව මේ වන විට ආසාදිතයින් 527 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.










