ජයශ්‍රී සංගීත කණ්ඩායමේ අලුත්ම මියුසික් වීඩියෝව පසුගියදා ‘හදවත කීරි ගසයි’ නමින් එළිදැක්වුණා. මේ ඒ පිළිබඳව ජයශ්‍රී සංගීත කණ්ඩායමේ නියමු රෝහිත ජයලත් අප සමඟ අදහස් දැක්වූ අයුරු.
රෝහිත මොකක්ද මේ ඕගොල්ලන්ගෙ අලුත් වැඬේ?
මම සෑහෙන කාලෙක ඉඳල රෙගේ ඩුවට් එකක් කරන්න ආසාවෙන් හිටියෙ. ඉතින් අපි රයිනිත් එක්ක එකතු වෙලා ‘හදවත කීරි ගසයි’ කියන අපේ අලුත් රෙගේ මියුසික් වීඩියෝ එක කළා.
කවුද මේ සින්දුව ලිව්වෙ?
සින්දුව ලිව්වෙ ‘රේරු රේරු’ කියල ගර්ල් කෙනෙකුයි මමයි. මියුසික් කළේ අපේ ‘ජයශ්‍රී’ බෑන්ඞ් එක. සින්දුව ලියල සෑහෙන කාලයක් වෙනව. මං හිතන්නෙ අවුරුදු දෙකකට වැඩියි.
මොකද රිලීස් කරන්න මෙච්චර පරක්කු වුණේ?
මුලින් අපි රෙකෝඞ් කළා පොඩි ඩමි එකක්. ඒත් හිතන් හිටපු විදිහට වැඬේ කරගන්න බැරිවුණා. මොකද අපි මෙහෙ එනව, යනව එක දිගට ඉන්නෙ නැති නිසා. කොහොම හරි අපි ගිය සැරේ ආපු වෙලාවෙ තමයි සින්දුව රෙකෝඞ් කළේ. ඊට පස්සෙ ආයෙත් ඔස්ටි්‍රයා ගෙනිහිල්ල මික්ස් කරල තමයි වැඬේ ඉවර කරගත්තෙ.
සින්දුව ලියනකොටම අයිඩියා එකක් තිබුණද රයිනිත් එක්ක තමයි කියන්නෙ කියල?
අනිවාර්යෙන්. මට ලොකු ආශාවක් තිබුණ රයිනි එක්ක ඩුවට් එකක් කරන්න. මොකද මම එයාගෙ අම්මගෙ වොයිස් එකටත් ආසයි. එයාගෙ වොයිස් එකත් සෑහෙන්න රෙගේ පැත්තට බරයි. ඒ හින්ද රයිනිව ගන්නව කියල තමයි හිතාගෙන හිටියෙ. ඒක රයිනිට කිව්ව ගමන් රයිනිත් සෑහෙන්න ඒකට සතුටු වුණා. එයාගෙ හස්බන්ඞ්ගෙනුත් මේකට අපිට ලොකු සපෝට් එකක් හම්බවුණා.
මීට කලින් ඩුවට් කරල තියෙනවද?
මීට කලින් මම නිරෝෂත් එක්ක එහෙම ඩුවට් කරල තියෙනව. හැබැයි මේක මගේ පළමුවෙනි රෙගේ ඩුවට් එක.
ජයශ්‍රී බෑන්ඞ් එකෙන් රෙගේ සින්දුවක් එළියට ආවෙ කොච්චර කාලෙකට පස්සෙද?
2018 ‘ලව්’ කියල අපේ අලුත් ඇල්බම් එක එළියට දැම්ම. ඊට පස්සෙ තමයි මේක කළේ. හැබැයි ඒ අතර බූඩිගෙ ෆිල්ම් එකකට සින්දුවක් කෙරුව. ඒ වගේ ෆිල්ම්වලට, ටෙලිඩ්‍රාමාවලට තනි තනි සින්දු කෙරුව. හැබැයි මේ විදිහට රෙගේ එකක් කළේ අවුරුදු දෙකකින් විතර පස්සෙ.
ජයශ්‍රීලගේ සින්දු ගොඩක් දුරට ලියන්නෙ රෝහිතමයි. ඒ ඇයි?
ගොඩක් අය අපිට සින්දු ලියල එවනව. එතකොට මම ඒගොල්ලන්ට කියන්නෙත් ලියන කෙනා හිතන්න ඕනෙ මම ලියන්නෙ ජයශ්‍රීලට කියල. නැතුව එයාගෙ හිතේ තියෙන විදිහට මොකක් හරි මල් සින්දුවක් ලියල අපිට එවන එකේ තේරුමක් නෑ. මම සින්දු ලියද්දිත් එකපාර එක තැනක ඉඳල සින්දුව ලියල ඉවර කරන්නෙ නෑ. සමහර සින්දුවක් ඉවර කරන්න අවුරුදු දෙකක් විතර යනව. අපි ගොඩක් වෙලාවට සින්දුවක් ලියන්නෙ සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් කාලීන මාතෘකාවක් අරගෙන. අපි ආදර සින්දුවක් කළත් කරන්නෙ හදවතට දැනෙන්න, විඳින්න පුළුවන් විදිහට. ඒක නිසා තමයි අපේ සින්දු අවුරුදු 20ක් විතර පරණ වෙලත් තාමත් ඒව මිනිස්සු ඉල්ලන්නෙ.
ජයශ්‍රීල මියුසික් වීඩියෝ කරල තියෙන්නෙ බොහොම අඩුවෙන් නේද?
අපි ගොඩක් යූටියුබ්, වීඩියෝ පස්සෙ එළවගෙන යන සංගීත කණ්ඩායමක් නෙමෙයි. අපි බෑන්ඞ් එකක් විදිහට ගොඩක් සජීවී ඉදිරිපත් කිරීම් කරන්න තමයි කැමති. අපේ රසිකයොත් හැදිල තියෙන්නෙ ඒ විදියට.
කොහොමද මේ මියුසික් වීඩියෝ හැදෙන්නේ?
මේ විඩියෝ එක කරන්නෙ නුවර ‘ත්‍රී වේ ප්‍රඩක්ෂන්’ කියල වීඩියෝ ටීම් එකක් එක්ක. ඒ ගොල්ලන් අපිට කිව්ව හොඳ වීඩියෝ එකක් මේකට කරමු කියල. ඊට පස්සෙ අපිටත් හිතුණ ඒගොල්ලන්ට අවස්ථාවක් දීල හොඳ වීඩියෝ එකක් කරන්න. මේකට අපිත් අයිඩියාස් දීල තමයි සිම්පල් මියුසික් වීඩියෝ එකක් කළේ. මාරවිල ශ්‍රී බීච් එකේ තමයි මේක ෂූට් කරේ. බීච් පාටියක් වගේ ෂූට් කරල, ඊට පස්සෙ පූල් පාටි එකකින් ඉවර වෙන විදිහට තමයි වැඬේ කළේ.
රටේ තියෙන තත්ත්වෙත් එක්ක කොහොමද සින්දුවේ වැඩ ඉවර කරගත්තේ?
ජනවාරි මාසෙ මුල් කාලෙ තමයි අපි ෂූට් එක කළේ. ඔස්ටි්‍රයාවල ඉඳල ඇවිල්ල හිටිය මගේ යාළුවො ටිකක් තමයි ඒකෙ ඇට් කරන්නෙ. ජනවාරි ෂූට් කරාට අපිට ඒ එක්කම වැඬේ එළියට දාගන්න බැරිවුණා. මොකද අපි ආයෙත් ඔස්ටි්‍රයා ගිහිල්ල එනකොට මෙහෙ තත්ත්වය දරුණු වෙලා තිබ්බෙ. ඊට පස්සෙ අපි වට්ස්ඇප්වලින් කතා කර කර තමයි එඩිට් එක ගහල මේ විදිහට වැඬේ ඉවර කරගන්න පුළුවන් වුණේ.
සින්දුවෙන් කියවෙන්නෙ හන්තානෙ ගැන කතාවක්නෙ. ඇයි ඉතින් බීච් එකක ෂූට් කළේ?
ලංකාවෙ ගොඩක් මියුසික් වීඩියෝවල සින්දුවෙ යන කතාවනෙ වීඩියෝ එකට ගන්නෙ. ගොඩක් වෙලාවට එකම වගේ කතානෙ අපිට දකින්න හම්බවෙන්නෙ. මං හිතන්නෙ අපි ඒකෙන් මිදිල වැඩක් කරන්න තමයි උත්සාහ කළේ. අනිත් එක අපි මේ සින්දු එක්ක ලෝකෙ වටේම යන හින්ද ඒ ඕඩියන්ස් එකත් ටාගට් කරල තමයි මේ වැඬේ කළේ. පිටරට ඕඩියන්ස් එකට වීඩියෝ එකේ කතාවක් වැඩක් නෑ. බීට් එකයි, ස්ටයිල් එකයි ලස්සනට ගැළපිලා තියෙනවද කියන එක තමයි පිටරට ඕඩියන්ස් එකට වැදගත් වෙන්නෙ. රෙගේ එක්ක අපිට ලංකාවෙ බීච් එක තමයි හොඳටම ගළපන්න පුළුවන්. එහෙම හිතල තමයි අපි ඒ විදිහට වැඬේ කළේ.
රොහාන්ව ඇයි මේ සින්දුවෙන් හැලුණෙ?
එහෙම එකක් නෑ. ඩුවට් එකක ගොඩක් වෙලාවට දෙන්නෙක්නෙ සින්දුව කියන්නෙ. එහෙම ප්‍රශ්නයක් තමයි තිබ්බෙ. සින්දුවෙ හාමනීවලට තමයි රොහාන් අපිත් එක්ක එකතු වුණේ.
කොහොමද සින්දුවට ලැබෙන ප්‍රතිචාර?
ඒක නම් කියල වැඩක් නෑ. අපි ඕකෙ කරල තියෙන්නෙ ‘ලවර්ස් රෙගේ’ කියන ස්ටයිල් එක. ඉතින් ඒකට හැමෝගෙන්ම ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඇත්තෙන්ම ලැබිච්ච ප්‍රතිචාරවලට අපිට ඉතාම සතුටුයි.
ඉන්දික වික්‍රමරත්න











