• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාව අමු අමුවේ මංකොල්ල කෑවා

December 12, 2020
in Heart
Reading Time: 3 mins read
A A
මාව අමු අමුවේ මංකොල්ල කෑවා
Share on WhatsAppShare on Facebook

කවුරු මොනව කිව්වත් මට කමක් නැහැ…

කොතැනද හරිදේ හරියට කෙරෙන්නේ…

ටෙලිනාට්‍ය තුළ වගේම සිනමාවේත් විවිධ චරිත නිරූපණය කළ
සුවිශේෂී කලා ශිල්පිනියක් තමයි රොහාණි වීරසිංහ කියන්නෙ. ඇය රඟපෑම වගේම ටෙලිනාට්‍ය කලාව රඳවා ගැනීම සඳහා නිෂ්පාදකවරියක් ලෙසටද කටයුතු කළා. එහෙත් ඇයගේ සමහර නිර්මාණ අපට දැකගැනීමට නොහැකි වුණා. ඉතින් කාලෙකට පස්සේ නැවැත ‘මායා මන්ත්‍රි’ ටෙලිනාට්‍ය හරහා අප හමුවට එන ඇය සමඟ මේ කරුණු කාරණා සියල්ල ගැන අප කතාබහ කළේ මේ විදියට.
රොහාණි කාලෙකට පස්සේ නැවැත ‘මායා මන්ත්‍රී’ හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනාගන්නවා නේද?
ඔව්… කාලෙකට පස්සේ මම සම්බන්ධ වුණු නිර්මාණයක් විකාශය වෙනවා. ඒ වගේම තමයි ‘මායා මන්ත්‍රි’ ටෙලිනාට්‍යයේ තවත් විශේෂත්වයක් තමයි මේ නිර්මාණය කරලා අවුරුදු හයක් විතර වෙනවා. ඉතින් එහෙම කරල තිබුණු නිර්මාණයක් දැන් හරි විකාශය වන එක ගැන සතුටුයි. මොකද මම සම්බන්ධ වුණු ප්‍රාසාංගික ටෙලිනාට්‍යයක් විකාශය වුණේ සෑහෙන කාලෙකින්.
ටෙලිනාට්‍යවල ඔබේ රංගන දායකත්වය අඩු බවක් අපට දැකගන්නට පුළුවන්?
එහෙම කියන්න විශේෂ හේතුවක් නැහැ. සමහරු හිතාගෙන ඉන්නේ මම දැන් රඟපෑමෙන් ඈත්වෙලා කියලා. එහෙම ඉවත් වෙලා නැහැ. කරපු නිර්මාණ විකාශය වීමේ ප්‍රමාදයක් තමයි තියෙන්නේ. අනෙක දැන් තිබෙන කොවිඞ් ප්‍රශ්නයත් එක්ක නිර්මාණ කරනවා අඩුයි. හැමෝම ආරක්‍ෂාකාරීව ඉන්න තමයි උත්සාහ කරන්නේ. ආරාධනාවක් ලැබුණොත් මම එහෙම සම්බන්ධ නොවී ඉන්නෙත් නැහැ.
සුදුස්සාට සුදුසු දේත් අහිමිවෙලා යන කාලවකවානුවක් නේද තිබෙන්නේ?
කොතැනද හරි දේ හරියට කෙරුණේ. තව කෙනෙක් කපාගෙන තැන ගන්න තමයි තව කෙනෙක් උත්සාහ කරන්නේ. ඒ වගේ තමයි අපිට ගැළපෙන චරිත නිර්මාණවල තිබෙනවා. ඉතින් ඒ චරිත එක්කෙනාම කරනවා අපි දකිනවා නිර්මාණවල. ඉතින් එහෙම වුණාම අපිට රඟපාන්න චරිත හිඟවීමක් තිබෙනවා. කතා කළොත් ගිහින් රඟපානවා. නැතුව එහෙම වැඳගෙන, චරිත ඉල්ලගෙන යන්න මට කිසිම ආශාවක් නැහැ. මගේ නිර්මාණයක් නම් මම කැමැති චරිතයක් අරගෙන රඟපානවා.
හිතේ පුංචි කලකිරීමක් ඇති නේද මෙහෙම වෙනකොට?
එහෙම කිසිම වේදනාවක් නැහැ. නමුත් කලාවට මමත් ලොකු සේවයක් කළා. එයින් වුණේ අවසානයේ කරපු දෙයකුත් නැහැ. වැය කරපු සල්ලිත් නැහැ. එහෙම හිතන කොට වේදනාවක් එනවා.
ඒ ඔබ නිර්මාණය කළ නිර්මාණය අස්ථානගත වීම නිසාද?
ඔව්… මම ටෙලිනාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළා. සමහරක් විකාශය කරගැනීමට නොහැකි වුණා. මම නිෂ්පාදකවරියක් ලෙසට වෘත්තීය මට්ටමින් මේ ක්‍ෂේත්‍රයට යමක් කරන්නට උත්සාහ කළා. ඒත් අවසානයේ වුණේ නොහිතපු දෙයක්. මේ වන විට ඒ කිසිම නිර්මාණයක් හොයා ගන්නට නැහැ. නිර්මාණ විකාශය කරලා දෙන්නම් කියලා බාරගත්තු අයත් අද ජීවතුන් අතර නැහැ. එයාලගේ පවුලේ අයගෙන් ඒ ගැන අහන්න ගියාම ඒ කවුරුත් ඒ කිසිවක් ගැන දන්නේ නැතිලු.
ඔබේ නිර්මාණ මංකොල්ල කෑමක් වුණා කියලද කියන්නේ?
ඒ නිර්මාණවලට වුණු දේ මොනවාද කියන්න මම දන්නේ නැහැ. මම නිෂ්පාදකවරියක් වීමට උත්සාහ කළේ නිෂ්පාදන පැත්ත නොදන්නා කාලවකවානුවකයි. හැබැයි ඒ නිර්මාණ දැන් මම ළඟ තිබුණා නම් විකාශය කරගන්න ඕනෑ වැඩපිළිවෙළ ගැන මම දන්නවා. ඒ නිර්මාණ වෙන කෙනෙකුගේ නිර්මාණයක් විදියට විකුණන්න බැහැ. එහෙම වුණොත් මම නීතිමය පියවර ගන්නවා. දැන් මට තේරෙනවා ඒ මුදල්වලින් වෙන ව්‍යාපාරයක් මම කළා නම් අද මම ලාබ ලබනවා.
සාරි ඇඳගෙන නිදාගන්න ගිහින් වචන අහපු කාලයකුත් තිබුණා නේද?
ඔබ ඔය අහන්නේ ‘කිදුරංගනා’ ටෙලිනාට්‍ය ගැන වෙන්න ඇති. ඔව්… ඉතින් ඒ කාලේ විවිධ කතා අහන්න සිද්ධ වුණා. හැබැයි අපේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ගැන කිසිම වටිනාකමක් ප්‍රේක්‍ෂකයන්ට දැනුණේ නැහැ. නමුත් එහෙම කියපු අපේ ප්‍රේක්‍ෂකයින් අද පැල්බැඳගෙන හඬ කැවීම් කරන විදේශීය ටෙලිනාට්‍ය නරඹනවා. ඉතින් මම විශේෂ ස්තුතිය පුදකරනවා ඒ නාලිකාවට. මාව ඒ චරිතයන්ට තෝරා ගැනීම නිසා.
පසුගිය කාලේ අපට දැකගන්නට ලැබුණා අන්තර්ජාලයේ ඔබව විවේචනය කර තිබුණා?
කවුරු මොනවා කිව්වත්, මට වැඩක් නැහැ. මිනිසුන් විවිධාකාරයි. උගත් වගේම, නූගත් මිනිසුන් නිර්මාණ රසවිඳින විදිය තමයි ඔය. මට හෙණ ගහපන් කියලා බැනලා තිබුණා. ඒ මෑත කාලයේ මම රඟපාපු ටෙලි චිත්‍රපටයක කුඩම්මාගේ චරිතයකට. ඇයි මිනිසුන්ට තේරුම් ගන්න බැරි රඟපෑමක් කියලා. ඔය දේවල් අහලා හොඳට පුරුදුයි. මම මගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා. ඔය දේවල්වලට මම වගඋත්තර බඳින්න යන්නේ නැහැ.
එක්තරා කාලයක ඔබ සම්භාව්‍ය සිනමා නිර්මාණවලට දායකත්වය පැවැසුවා. මෑත කාලයේ එහි වෙනසක් දැක්කා?
මම සිනමාවේ විවිධ චරිත රඟපාලා තියෙනවා. මම රංගන ශිල්පිනියක් නිසා මට එහෙම වර්ගීකරණයක් කරන්න බැහැ. අවසානයට රඟපෑවේ ‘ෆේස් ටු ෆේස්’ චිත්‍රපටයේ. සම්භාව්‍ය සිනමාව කියලා එක්තරා කාලෙක රැල්ලක් තිබුණා. එහෙම කළේ සිනමා ශාලාවක ඉඳලා විඳින්න පුළුවන් රසයත් තිබුණු නිසා. නමුත් දැන් ඔය කියන සම්භාව්‍ය රසය ගෙදර ඉන්න කුඩා දරුවාටත් නරඹන්න පුළුවන් තත්ත්වයක් උදාවෙලා. තාක්‍ෂණය දියුණු නිසා ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා නරඹනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඔබාමාගේ පොත-ජොන්සන්ගේ මල සහ රාජපක්ෂලාගේ පොහොට්ටුව (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

කොළඹ වහපු මහල් නිවාස 6ක් අරී

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.