ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූර කාලය තුළ අසුන්ගන්නා අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම අද (11) පැවැත්වීමට නියමිතය.
සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අගහරුවාදා දින පැවැත්වුණද පොහොය හෙට දිනට යෙදී ඇති බැවින් එම රැස්වීම අද පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව පැවසේ.
අද පැවැත්වෙන රැස්වීමේදී සියලුම අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










