• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ලොකු ‘හිට්’ එකක් නෙමෙයි

October 24, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මම ලොකු ‘හිට්’ එකක් නෙමෙයි
Share on WhatsAppShare on Facebook

උදය කුමාරි රණසිංහ ප්‍රේක්ෂක සිත් තුළ යම් මතක සටහනක් තැබුවේ කටකාර සැර පරුෂ චරිත තුළිණි. මග තොටේදී වුවද කිසිවකු ඇය වෙත පැමිණ යම් ප්‍රතිචාරයක් දැක්වූයේද ඒ කටකාර චරිතය තුළ ඈ සැබෑවටම කළ රංගනය නිසාය. ‘අපෝ මේ ගෑනිගේ කට’ යනුවෙන් ප්‍රේක්ෂකයන් රූපවාහිනිය ඉදිරිපිට ඉඳගෙන උදය කුමාරිට දොස් නැඟුවේද ඈ දක්ෂ නිළියක වූ නිසාය. ප්‍රහර්සනාත්මක වුවද නැහැදුණු යැයි හංවඩු ගැසුණු චරිතයකට මැදිව සිටියද උදය කුමාරි රණසිංහ තමාට ලැබුණු මෙහෙවර තුළ සාර්ථකව සිටියාය. වේදිකාව මෙන්ම ටෙලි තිරය තුළද තවමත් කිසිවකුට අමතක නොවූ තැනක සිටින උදය කුමාරි ‘මව්රට’ ‘හාට්’ වෙත ගොඩවැදී යන්නට පැමිණි නිමේෂය ගැන තොරතුරු බිඳක් අප මෙලෙස සනිටුහන් කරන්නෙමු.
ඉතින් කොහොමද? ඔබ ගැන අලුත් තොරතුරු දැනගන්නට කැමැතියි?
කෝපි කඬේ ඇතුළුව මම රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය දෙකක් මේ දිනවල විකාශනය වෙනවා. එකක් ‘සකලගුරු’ අනිත් නාට්‍යය ‘හොඳ වැඬේ’. අලුතින් බාරගත්ත වැඩ හෝ රූගත කිරීම් තවම නැහැ. කොරෝනා දෙවැනි රැල්ල සමඟ සමහර දේ අතරමග නතර වුණා.
කට සැර නපුරු චරිතවලටම ඔබ කොටුවන්නේ ඇයි කුමාරි?
මම කොටුවෙනවා නෙමෙයි. මාව කොටු කරනවා කිව්වොත් තමා ඔබේ ප්‍රශ්නයට හරියටම හරියන උත්තර ලැබෙන්නේ.
එය සතුටින් බාරගන්න නිසා නෙමෙයිද ඔබව එතැනට කොටුවෙන්නේ?
බාර නොගෙන මොනවා කරන්නද? චරිත තෝරා බේරාගන්නට තරම් ශ්‍රී ලාංකේය රංගන කලාව පොහොසත් නැහැ. අනේ නපුරු චරිත කරන්න බැහැ කියලා මම කිව්වොත් ඔවුන් මට වෙනත් චරිතයක් දෙන්න තරම් මම ‘හිට්’ කෙනෙක් නෙමෙයි. ලැබෙන චරිතය කරන කලාවක් තුළ තමයි අද රංගන කලාව දිව යන්නේ.
ඔබ ඒ ගැන පසුතැවෙනවද කුමාරි?
අනේ නැහැ. ඇයි මම පසුතැවෙන්නේ. මට ලැබෙන චරිතය හරියට කරන එක තමයි මගේ සතුට. ඒ වගේම මම එය හරියටම කළා. කටකාර සැර පරුෂ චරිත මම සාර්ථකව කළ නිසා තමයි මම එතැනට කොටවුණේ. මඟතොටේදී කිසිවකු ළඟට පැමිණ ‘ඔයා උදය කුමාරි නේද?’ කියලා අහන තැනක මම අදටත් ඉන්නෙ ඒ නිසයි.
ඔබේ දක්ෂකම සංකීර්ණ මට්ටමේ චරිතයකට දෙන්න අවස්ථාව ආවොත්?
අවස්ථාව ආවා ටී. සුසිරන්ද සිල්වාගේ ‘මිණි කිරණ’ ටෙලිනාට්‍යයෙහි සරත් කොතළාවල සමඟ මම රඟපෑ චරිතය ඉතාම සංකීර්ණයි. ඒ වාගේම බොහෝදෙනකු මා සමඟ එදා පැවැසුවා එම චරිතයට මා කළ සාධාරණය උපරිම යැයි කියා. නමුත් ඒ චරිතය තුළ මා අගය කළ යුතු ඇතැම් අය ඊට නිසි ගෞරවයක් නොදීම ගැන මම අදටත් පසුතැවෙනවා.
‘අගය’ යනුවෙන් ඔබ අදහස් කළේ සම්මාන ප්‍රදානයක් ගැනද?
අයියෝ නෑ. සම්මානයක් හමුනොවුණාය කියා මම කවදාවත් පසුතැවෙන්නේ නැහැ. අනික මට වඩා බොහෝ දක්ෂ රංගවේදීන් තව කොයි තරම් ඉන්නවද සම්මානයට පාත්‍ර නොවුණු. ඉතින් අනේ මට සම්මානයක් නොලැබීම ගැන මම මොනවට දුක් වෙනවද?
එහෙනම් අගය කිරීමක් නොවුණා යැයි ඔබ අදහස් කළ කාරණය කුමක්ද?
මම කීවේ එම චරිත නිරූපණයෙන් පසුවවත් මගේ රංගන හැකියාව ගැන කිසිදුම නිර්මාණකරුවකු තේරුම් නොගැනීම ගැන මම පසුතැවෙන බවයි. ඇත්තෙන්ම මම හිතුවේ කටකාර නැහැදුණු චරිත තුළින් මිදෙන්නට මට ඒ අවස්ථාව ලැබුණු බවයි. හොඳ චරිතයක් සඳහා හොඳ නිර්මාණ කරුවකු මට ආරාධනය කරනතුරු මම යම් අහිංසක බලාපොරොත්තුවක සිටියා. නමුත් ඒ අගය කිරීම මට ලැබුණේ නැහැ. අඩුම ගනේ ‘කටකාර කුමාරි බෙස්ට්’ කියාවත් ඔවුන් මට කීවේ නැහැ.
එයට හේතුව කුමක් කියාද කුමාරි ඔබ හිතන්නේ?
කිව්වාට අමනාප වෙන්න එපා. පැහැදිලිවම එතැන ඇත්තේ කුහකකම. මා තුළ සිටින දක්ෂ නිළියව මතුකරලන්නට ඔවුන් දක්වන අකමැත්ත තුළ තිබෙන්නේ එයයි. හැබැයි කොයි තරම් කනගාටු වුණත් උදය කුමාරි රණසිංහ ලෙස මම මට ලැබෙන උපහාසමය හෝ ප්‍රහර්සනමය හැකියාව තුළ මගේ රංගනය කැප කළා මිස හොඳ චරිතයක් දෙන්න කියා ඔවුන් පසුපස නම් ගියේ නැති බවද කිව යුතුයි.
වේදිකාව තුළවත් ඔබට ඒ අගය කිරීම ලැබුණේ නැද්ද කුමාරි?
මෙහෙමයි. වේදිකාව කියන්නේ අඩු මට්ටමක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන මාධ්‍යයක්. වේදිකා නාට්‍යය බලන්නට එන පිරිස පවා කොයි තරම් අඩුයිද? ටෙලි තිරය කියන්නේ එක රැයින්ම මාගේ බොහොමයක් වූ ප්‍රේක්ෂක පිරිසක් ඇතිකර ගත හැකි තැනක්. මට ඕනෑ වුණේ අන්න ඒ තැනදි කටකාර චරිත රඟපානවට වඩා යමක් මට කළ හැකිය කියන කාරණය ඔප්පු කරන්නටයි.
ඔබ ඔය කියන්නේ නිළියක ලෙස ඔබ ගැන සෑහීමකට පත්ව නැති බවද?
වරදවා තේරුම් ගන්න එපා. මම නිළියක ලෙස අතිශයින්ම තෘප්තිමත්. මට ලැබුණු චරිතය කොයික වුවද මම එය හරියටම කළා. අන්න ‘කෝපිකඬේ උදය කුමාරි’ යනවා කියා මම පාඩුවේ යන්න හැදුවත් ප්‍රේක්ෂකයන් තව කෙනකුට කියනකොට මට දැනෙන සතුට අප්‍රමාණයි. අන්න ඒ සතුට තුළ ඉහත පැවසූ කනගාටුදායක සිදුවීම් මම අමතක කරනවා.
තවමත් ඔබ කවුරුන් හෝ හොඳ නිර්මාණකරුවකු ඔබේ අගය වටහාගන්නාතුරු බලා සිටිනවාද?
බලා සිටින්නේ නැහැ. අවස්ථාවක් පැමිණියහොත් ඉතා සතුටින් භාරගන්නවා.
රංගනවේදියක ලෙස ඔබ තුළ වන බලාපොරොත්තු එපමණද?
මහලු වියට පත් කාන්තාවක ලෙස හොඳ චරිත නිර්මාණයක යෙදෙන්න කැමැත්තෙන් සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

DFCC බැංකුව 65 වන සංවත්සරය වෙනුවෙන් කුරුණෑගලට නවීන පහසුකම් සහිත ශාඛාවක්

Next Post

“හච් දැනුමයි මිලියනයයි” ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතිකපත්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.