ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත් වූ “හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවැත්විණි. කොළඹ පිහිටි හච් මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී, ඉකුත් මාස 6ක කාලය පුරාම හච් පාරිභෝගිකයින්ගේ සාමාන්‍ය දැනුම උරගාමින් පැවැත්වුණු වැඩසටහන් මාලාවේ ජයග්‍රාහකයින් හට මෙලෙස ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබිණි.
hSenid Mobile Solutions අනුබද්ධ BeyondM, මෙම වැඩසටහන් මාලාවේ මාධ්‍ය සහ සේවා හවුල්කරු වේ. BeyondM යනු, ලොව පුරා ව්‍යාප්ත පාරිභෝගික ජාලයක් සතු මෘදුකාංග නිෂ්පාදන සහ සේවාවන් සපයන සමාගමකි.
වැඩසටහන පැවැත්වුණු මාස 6 කාල පරිච්ඡේදය අවසානයේදී, කොළඹ හච් ප්‍රධාන කාර්යාලයේ ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනින් ඔවුන් ලබාගත් ලකුණු පදනම් කර ගනිමින්, දිනුම් ඇදීම මගින් එහිදී ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබිණි. ඒ අනුව, පළමු ජයග්‍රාහකයා ලෙසින් තේරී පත් වුණේ, කැලණිය පදිංචි ජේ.එම්.ඩබ්.ඒ. ධර්මරත්නය. දෙවැනි හා තුන්වැනි ජයග්‍රාහකයින් ලෙසින්, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි එම්.එච්.එම්. නජුබුදීන් හා පුත්තලම ප්‍රදේශයේ ඒ.එච්.ආර්. මොහොමඞ් තේරී පත් වූහ.











