• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ගියොත් ඒක ලොකු අඩුවක් වෙයි

April 11, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම ගියොත් ඒක ලොකු අඩුවක් වෙයි
Share on WhatsAppShare on Facebook

⬤ රඟපාන්න, සින්දු කියන්න ඕන තරම් අය ඉන්නවා…

⬤ අපි හැමදාම වැඩ; ඒත් පෙන්නන්නේ අවුරුද්දට විතරයි…

⬤ ළඟදීම විවේකයක් ගන්න පුළුවන් වේවි කියලා මට හිතෙනවා…

“මේ අවුරුදු කාලේ සිනහා වෙයන් රාලේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ….”
වසර ගණනාවක් තිස්සේ හැම සිංහල හින්දු අලුත් අවුරුද්දකම අපේ රටේ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම අහන්න ලැබෙන ගීතය තමයි ඒ. ලයනල් රංවල මහතා විසින් ගායනා කළ මේ ගීතයේ වර්තමාන හිමිකරුවා වෙන්නේ සහන් රංවල. මේ ගීතය විතරක් නෙවෙයි දේශීය සංස්කෘතිය සම්බන්ධ බොහෝ වැඩසටහන් හරහා සහන් ඇතුළු කණ්ඩායම අවුරුදු කාලෙට දැක ගන්න ලැබෙනවා. හැමදාම අලුත් අවුරුද්දට අලුත් දෙයක් කරන රංවල කණ්ඩායම මේ අවුරුද්දේ වෙනස්ම වැඩකට අත ගහලා කියලා අපිට දැන ගන්න ලැබුණා. අපි සහන්ට කතා කළේ ඒ ගැන දැන ගන්න.


🔴 මේ අලුත් අවුරුද්දේ අලුත්ම වැඩකට අත ගැහුවා කියලා දැනගන්න ලැබුණා. ඒ ගැන මතක් කරන ගමන් අපි කතාබහ පටන්ගමු?
මේක ඇත්තටම වසර ගණනාවක් සැලසුම් කෙරුව වැඩක්. අපේ ලංකාවේ ළමයි සහ විදෙස්ගතව ජීවත් වෙන ලංකාවේ ළමයි එකතු කරලා විශේෂ වැඩක් අපි පටන් ගත්තා. ඒක ඔන්ලයින් පාඨමාලාවක්. ලංකා ඊ පාසල නමින් තමයි ඒ අලුත් පාඨමාලාව අපි පටන් ගත්තේ.
🔴 ඒ වැඩේ ගැන තව ටිකක් පැහැදිලි කළොත්?
අපේ දේශීය සංස්කෘතිය ඉගෙන ගන්න කැමැති විදෙස්ගතව ජීවත් වෙන ළමයි බොහෝ දෙනෙක් ඉන්නවා. බත්තරමුල්ල, ගාල්ල, කුරුණෑගල, ගම්පහ සහ පානදුර තමයි වර්තමානයේදී අපේ පාඨමාලා පැවැත්වෙනන්නේ. ඒවට සහභාගි වෙන්න බැරි දේශීය ළමයිනුත් සෑහෙන්න පිරිසක් ඉන්නවා. ඒ හැමෝවම සම්බන්ධ කර ගන්න පුළුවන් වෙන විදියට තමයි මේ වැඩේ පටන් ගත්තේ.
වර්තමානයේදී අන්තර්ජාලය හරහා මෙවැනි දේ කරන එක සාමාන්‍ය දෙයක්. ඒවාට වැඩිය
🔴 සහන් රංවල කණ්ඩායම කරන මේ වැඩේ වෙනස් වෙන්නේ කොහොමද?
මේක සාමාන්‍ය ඔන්ලයින් පාඨමාලාවකට වැඩිය එහා ගිය එකක්. ඒ හරහා හොයන්න, ලියන්න, අදහස් පළ කරන්න වැගේ හැම පහසුකමක්ම සලසලා තියෙනවා. සිංහල භාෂා හසුරුව, ලංකා බෙර පාඨමාලාව, ලංකා චිත්‍ර පාඨමාලාව වගේ විවිධ විෂයන්ට අදාළ පාඨමාලා රැසක් ඒ හරහා ක්‍රියාත්මක වෙනවා. තව අවුරුදු 10ක් යද්දි මුළු ලෝකයේම ජීවත් වෙන අපේ දරුවන් එකම ජාලයක් බවට පත් කරන එක තමයි මේ පාඨමාලාව හරහා අපි බලාපොරොත්තු වෙන්නේ.
🔴 කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඉතාමත් හොඳයි. මෙහෙම දෙයක් කරන්න කියලා විදෙස්ගත ශ්‍රී ලාංකික දෙමව්පියන් අපිට කාලයක් තිස්සේ ඉල්ලීම් කළා. මොකද අපි අවුරුද්දට සැරයක් ඒ රටවලට ගිහින් එනවා. ඒත් එතැනින් පස්සේ ඒ ළමයින්ට ඒක හදාරන්න අවස්ථාවක් නැහැ කියන දේ ඒ අය අපිට කිව්වා. ඒ හින්දා මේ වැඩේට ඒ අයගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපේ රටේ ළමයින්ගෙනුත් එහෙමම තමයි.
🔴 මේ වැඩත් එක්ක වෙනදා වගේ රූපවාහිනිය ඔස්සේ රංවල බලකාය දැක බලා ගන්න ලැබෙන එකක් නැද්ද?
වෙනදා වගේම මේ සැරෙත් ලංකාවේ බොහෝ රූපවාහිනී නාළිකාවල අවුරුදු වැඩසටහන් රාශියක් සඳහා අපි සහභාගි වෙනවා. ඒ වගේම ගුවන් විදුලි නාළිකා රාශියකත් අවුරුදු වැඩසටහන් සඳහා අපි සහභාගි වෙනවා.
🔴 හැම අවුරුද්දකම ඔබ ඇතුළු කණ්ඩායම අපි රූපවාහිනියේ දකිනවා. නමුත් එතැනින් පස්සේ ඔබව දකින්න ලැබෙන්නේ නැහැ කියලා මතයක් ජනතාව අතරේ තියෙනවා?
මෙහෙමයි. හැමෝම හිතන්නේ අපි අප්‍රේල්වලට තමයි කාර්යබහුල වෙන්නේ කියලා. ඒත් සාහිත්‍ය මාසයේදි අපි ඊට වැඩිය කාර්යබහුලයි. අපි ඒ කාලෙට රටපුරාම ගිහින් දේශන සම්මන්ත්‍රණ පවත්වනවා. බොහෝ වෙලාවට ඒ සඳහා අපි දින ලබා දෙන්නේ අවුරුද්දකට විතර කලින්. නමුත් ඒ දේවල් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි එහෙම මතයක් ඇතිවෙලා තියෙන්නේ. අපි අවුරුද්දේ දවස් 365ම වැඩ. ඒත් මාධ්‍ය ඔස්සේ නිතර පේන්නේ අප්‍රේල්වලට විතරයි.
🔴 සහන් රංවල කියන්නේ අංශ කිහිපයක් යටතේ දක්ෂතා දක්වන කලාකරුවෙක්. ඒත් ඔබ මේ වෙද්දි එක දෙයකට කොටු වෙලා වගේ දෙයක් පේනවා නේද?
මං වෘත්තියෙන් නීතිඥයෙක්නේ. ඒ වගේම කළමනාකරණ උපාධිධාරියෙක්. නමුත් ඒ ක්ෂේත්‍රවලට මගේ අඩුවක් දැනෙන්නේ නැහැ. මොකද ඒවාට ඕනෑ තරම් අවශ්‍ය පිරිස් ඉන්නවා. කලා ලෝකයේත් ඒ වගේමයි. මම නැති වුණා කියලා ටෙලිනාට්‍ය කලාවට ඒක ලොකු අඩුවක් නෙවෙයි. කලාවේ අනෙක් ක්ෂේත්‍රවලටත් මම නැති එක අඩුපාඩුවක් නෙවෙයි. ඒත් මේකට මම නැතිව බැහැ. මම මෙතැනින් ගියොත් ඒක ලොකු අඩුවක් වෙනවා. මේවා උගන්වන්න කවුරුත් නැති වෙනවා. ඇත්තටම මේ දේශීය දේ රැකගෙන ඉදිරියට ගෙන එකට කැප වෙන එක මට ආර්ථික අතින් පාඩුවක් වෙන්න පුළුවන්. ඒ හරහා මගේ වෘත්තීමය ජීවිතය පස්සට යන්න පුළුවන්. ඒත් මම ඒක කරන්න ඕනෑමයි කියලා මට හිතෙනවා. ඒ හින්දා මම ඒ වෙනුවෙන් කැප වෙනවා.
🔴 නමුත් ඔබ තවම රංගනය අත්හැරලා නැහැ?
අත්හැරලා නැහැ. මේ වෙද්දිත් මම රඟපෑව හදවතේ කතාව සහ ස්කෝලේ කියන ටෙලිනාට්‍ය දෙක විකාශනය වෙනවා. ඒ වගේම සත්වර්ෂා කියන ටෙලිනාට්‍ය මේ මාසයේ අන්තිම සතියේදී පමණ විකාශනය වීමට නියමිතයි.
🔴 ඔය ගමන මේ විදියට තව කොපමණ කාලයක් යන්න බලාපොරොත්තු වෙනවද?
මේ ජීවිතයෙන් ටිකක් ඈත් වෙලා පෞද්ගලික ජීවිතය වෙනුවෙන් කාලය යොදවන්න ඕනෑ කියන එක මටත් හිතිලා තියෙනවා. මම නැතිව මේක කරගෙන යන්න පුළුවන් කියලා හිතුණුදාට මම ඒ තීරණය ගන්නවා. ඒ වගේම මේ යන විදියට ඒක ඉක්මනටම කරන්න පුළුවන් කියන එකත් මට දැනිලා තියෙනවා.
🔴 අවසන් වශයෙන් මේ වෙලාවේ ඔබේ රසිකයන්ට මොනවාද කියන්න තියෙන්නේ?
මේ වෙලාවේ ලෝකයේ තත්ත්වය වෙනස්. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනෑ. අපි ඒකට හැඩ ගැහෙන්නත් ඕනෑ. ඒක තේරුම් අරගෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මේ අවුරුද්ද ගත කරන්න කියලයි මම හැමෝගෙන්ම ඉල්ලන්නේ. එහෙම නැති වුණොත් ලබන අවුරුද්ද සමරන්න අපි ජීවත් වේවිද කියන ප්‍රශ්නය ඇති වේවි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මාස 12යි ලග්න 12යි හරියටම වෙන්න යන දේ දැනගන්න

Next Post

සෝරත පොඩි සාදු ‘සිඳූ’ නාට්‍යයෙන් අයින් වෙයිද?

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.