• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එන්න එන්න තරුණ වෙන කොරින්ගේ රහස

February 27, 2021
in Heart
Reading Time: 2 mins read
A A
එන්න එන්න තරුණ වෙන කොරින්ගේ රහස
Share on WhatsAppShare on Facebook

⬤ සියලු දේ මගේ ජීවිතයට ලැබුණේ යෝග නිසා…

⬤ දෙවියෝ මට මේ මාර්ගය පෙන්නුවේ…

ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රය තුළ අපට දැකගත හැකි ගායන රටාව, ප්‍රාසාංගික බව, තරු ගුණය ලංකාවට හඳුන්වාදීමට ප්‍රමුඛත්වය ගත් ගායන ශිල්පිනියක් ලෙස කොරීන් අල්මේදා අපට හඳුන්වාදිය හැකිය. මුල්කාලීනව බටහිර පන්නයේ ගීතවලට වැඩි නැඹුරුවක් දැක්වූ ඇය පසුකාලීනව රසිකයන් අතර ප්‍රචලිත වූයේ වේගරිද්මයේ ගායන ශිල්පිනියක් ලෙසටයි. ‘මගෙ කොණ්ඩෙ නැතත් ඉණ ගාවට’ වැනි ගීත තුළින් වේග රිද්මයේ ගීත ශෛලිය වෙනස් දිසාවකට යොමුකළ ඇය ‘මව්රට’ සමඟ කතාබහට එක්වූයේ මේ විදිහට.
🔴 කොහොමද ඉතින් ජීවිතේ මේ දවස්වල?
ඇත්තටම කොරෝනත් එක්ක තමයි පහුගිය කාලේ ගෙවුණේ. මේ තත්ත්වයත් එක්ක අපි ජීවත් වෙන්න පටන් අරන් දැන් අවුරුද්දකටත් වැඩියි. මම නම් හිතන්නෙ අපි හැම දෙයක් ගැනම සුබවාදීව හිතන්න ඕනෙ. එහෙම නොවුණොත් අපිට ඉදිරියට යන්න බැරි වෙනව. අපිට විතරක් නෙමෙයි මේ තත්ත්වය හැම කෙනෙක්ටම බලපෑව. නමුත් මේ වෙනකොට ඒ හැම ක්ෂේත්‍රයක්ම නැවත යථා තත්ත්වයට පත්වෙමින් තියෙනව.
🔴 මේ ලැබුණු කාලෙන් අලුත් වැඩකට සම්බන්ධ වුණා නේද? දැන් යෝග හදාරනව කියලත් ආරංචියි?
නෑ… නෑ… මම යෝග අභ්‍යාස කරන්න පටන් ගත්තෙ දැනට අවුරුදු තුනහමාරකට විතර කලින්. අනෝජා වීරසිංහ මහත්මිය යටතේ තමයි මම යෝග හදාරන්නෙ. හරිම ආසාවෙන්, උනන්දුවෙන් තමයි මම ඒ සඳහා යොමුවෙලා ඉන්නෙ. යෝග හරහා මනුස්සයෙක්ගෙ ඇඟ විතරක් නෙමෙයි ඇතුළාන්තයේ ඉඳන් ගොඩනගනව. ඇඟ ඇතුළෙ තියෙන හැම ඉන්ද්‍රියකටම පවා මේකෙන් බලපෑමක් තියෙනව. මේ වගේ කාලවකවානුවක මනස නිරවුල්ව තබාගන්න යෝග කියන අභ්‍යාසය ගොඩක් ඉවහල් වෙනව.
🔴 ඇයි එකපාරම ඒ වගේ දෙයකට යොමුවෙන්න හිතුණෙ? මොනවද එයින් ඔබට ලැබුණේ?
මගේ ජීවිතයේ මට මුහුණදෙන්න වුණ සිදුවීම් එක්ක මීට අවුරුදු හතරකට විතර කලින් මම පොඩි මානසික පසුබෑමක හිටිය. ඒ වෙලාවෙ මම දෙවියන්ගෙන් පවා යාඥා කර කර ඉල්ලුවෙ මගේ මනස ශක්තිමත් කරන විදිහක් ගැන. එහෙම හොය හොය ඉන්නකොට තමයි මට අනෝජා අක්කගෙන් ඇරයුමක් ආවෙ යෝග කරන්න. මම ඊට අවුරුදු දහයකට විතර කලින් ඇයත් එක්ක යෝග වැඩසටහන්වලට සම්බන්ධ වෙලා තිබුණ. ඒ අනුව තමයි එයා මට නැවතත් ඒ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න කියල කතා කළේ.
🔴 ඒ නිසා ඔබ ආගමෙන් ඈත්වීමක් සිදුවෙලාද?
නෑ. ඒ නිසා වුණේ දෙවියන් වහන්සේ එක්ක තිබුණ මගේ බැඳීම තව තවත් වැඩිවීමයි. මම හිතන්නෙ ඒක නිකන් වුණ දෙයක් නෙමෙයි. උන්වහන්සේ තමයි මට ඒ මාර්ගය පෙන්නුවෙ කියල මම විශ්වාස කරන්නෙ.
🔴 යෝග නිසා ජීවිතයෙ යම් වෙනසක් වුණා කියල ඔබ හිතනවද?
මම හිතනව මගේ ජීවිතේට ලොකු වෙනසක් මේ හරහා සිද්ධවුණා කියල. මම කලින් ඉඳන්ම ශක්තිමත් කාන්තාවක්. මට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා. නමුත් කොච්චර ශක්තිමත් කෙනෙක්ට වුණත් ජීවිතයේ වැටෙන තැනක් එන්න පුළුවන්. අන්න එහෙම වෙලාවක මේ අභ්‍යාසය ඉතාම වැදගත් කියල මට අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. යෝග අභ්‍යාසවලදි උගන්වන ‘ප්‍රාණයාම’ කියන භාවනාව අපේ ඇඟේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න ඉතාමත් උපකාරි වෙනව. ඉතින් මේ වගේ කාලයක මේකෙ ඇති වටිනාකම කියල නිම කරන්න බැහැ. මම මේ වෙනකොට ඉතාම තෘප්තිමත්, මානසික අතින් ශක්තිමත්, හොඳ සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරනව. ඒ සියලු දේවල් මගේ ජීවිතේට ලැබුණෙ මේ යෝග අභ්‍යාස හරහා මගේ ජීවිතේට ලැබුණු දේවල් නිසා. මේ අවස්ථාව මට ලබාදුන්නට අනෝජ අක්කටත් මම ඉතාමත් ස්තුතිවන්ත වෙනව.
🔴 පහුගිය කාලෙ කලාකරුවන් ආගම් මුල්කරගෙන කරපු දේවල් ගැන සමාජයෙ ලොකු කතාබහක් ඇතිවුණා. ඔබෙත් සූදානම එවැනි දේකටද?
මම සාමාන්‍යයෙන් කතා කරන්න අකමැතිම මාතෘකා දෙකක් තමයි දේශපාලනය සහ ආගම කියන දෙක. හැම පුද්ගලයෙක්ටම අයිතියක් තියෙනව තමන්ට කැමැති ආගමක් අදහන්න සහ තමන්ට කැමැති දේශපාලනයක නිරත වෙන්න. ඒක ඉතාම පෞද්ගලික දෙයක්. මම යෝග කරනකොට පවා ගොඩක් දෙනෙක් හිතුවෙ යෝග කියන්නෙ හින්දු ආගමේ නැත්නම් බෞද්ධ ආගමේ දෙයක් කියල. ඇත්තම කිව්වොත් යෝග පටන්ගත්තට පස්සෙ දෙවියන් වහන්සේට මම තවත් ළංවුණා. ඔබ ඔය කියන සිද්ධිය මමත් දැක්ක සමාජ මාධ්‍යවල යනව. මට එතැන තියෙන එකම අපැහැදිලි දේ තමයි ඔවුන් විශ්වාස කරන දේ වීඩියෝ කර කර ප්‍රදර්ශනය කරන එක. ඔවුන් යම්කිසි දෙයක් විශ්වාස කිරීමේ අයිතිය සහ ඒ වෙනුවෙන් ඔවුන්ට යම්කිසි දෙයක් ලැබෙන්න පුළුවන්. නමුත් ඇයි ඒක වීඩියෝ කර කර ප්‍රචාරය කරන්නෙ. අන්න එතන තමයි මට ප්‍රශ්නයක් ඇතිවෙන තැන.
🔴 කොරින් අල්මේදා ගායිකාවක් නොවුණ නම් අද ඉන්නෙ කොතැනද?
ඇත්තටම මම ජීවිතයේ එහෙම මහලොකු ගෝල්ස් තියාගෙන, හීන මවාගෙන ජීවත් වුණ කෙනෙක් නෙමෙයි. ඇත්තටම මම දන්නෙ නැහැ මම ගායිකාවක් නොවුණ නම් කොහොම කෙනෙක් වෙයිද කියල. නමුත් ගායිකාවක් විදිහට මම ඉන්න තැන සහ ගායිකාවක් විදිහට ආපු ගමන ගැන මම ඉතාමත් තෘප්තිමත්. ඒ සඳහා දෙවියන් වහන්සේට මම ගොඩක් ස්තුතිවන්ත වෙනව.
🔴 අනුකරණය කරන්න ගොඩක් අය ආවත් කොරින් ළඟටවත් එන්න ඒ කාටවත් හැකිවුණේ නෑ?
මම නම් කියන්නෙ නෑ කවුරුත් මාව අනුකරණය කරනව කියල. ඒක මිනිස්සුම කියන දෙයක්. එක එක ශෛලීන්වන ගීත කියන පිරිස් හැමදාම මතුවෙනව. මම කියන ශෛලියෙම ගීත කිව්ව පලියට ඔවුන් මාව අනුකරණය කරනව කියන්න බැහැ. මේ ක්ෂේත්‍රයෙ හැමෝටම කාලයක් තියෙනව. හැමෝටම බැහැගෙන යන කාලෙකුත් එනව. මට එහෙම කාලයක් ආවමත් ඉතාමත් ගෞරවාන්විත විදිහට ඒ කරන්න තමයි මම හිතාගෙන ඉන්නෙ.
🔴 ඔබේ පුතත් මේ වෙද්දි කලාවට සම්බන්ධව වැඩ කරනව?
ඔහු පෞද්ගලික ආයතනයක නිර්මාණ අධක්ෂවරයෙක් විදිහට තමයි රැකියාව කරන්නෙ. ඒ අතරතුර තමයි කලා කටයුතුවලට යොමුවෙලා තියෙන්නෙ. ඔහු රංගනයට, ගායනයට, ලියන්න වගේ ක්ෂේත්‍ර කිහිපයකම දක්ෂතා තියෙන කෙනෙක්. ඒ අනුව තමයි දීපා මේතා කියන ඉන්දියානු අධ්‍යක්ෂවරියගෙ ‘ෆනී බෝයි’ කියන ෆිල්ම් එකේ රංගනයට දායක වෙන්න අවස්ථාව ලැබුණෙ. මවක් විදිහට මට ඔහු ගැන ඉතාමත් ආඩම්බරයි.
🔴 ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?
මගේ අලුත්ම ගීතයෙ වැඩකටයුතු මේ වෙනකොට අවසන් වෙමින් යනව. ඒක මගේ ගොඩක් සින්දු වගේම ටිකක් ෆන් සින්දුවක්. ‘අපි නටමු’ කියල නම් කරල තියෙන ඒ ගීතය ළඟදීම අහන්න ලැබෙයි.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

මේ රාජපක්ෂලා රැකිය යුතු වෙලාවයි (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

මම ගැළපෙන තැන්වල හිටගන්න කෙනෙක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.