• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මමත් දැන් ලොකු ළමයෙක් නැන්දා හැමදේම කියලා දෙනවා…

May 11, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මමත් දැන් ලොකු ළමයෙක් නැන්දා හැමදේම කියලා දෙනවා…
Share on WhatsAppShare on Facebook

මට තවම එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ…

වයස් භේදයකින් තොරව ‘සකූ’ චරිතයට ඔබ ආදරය කළා. සකූව අපට හමුවන්නේ ‘සකූගේ කතාව’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් තුළින්. ඉතින් එදා සකූගේ කතාව අද ‘සකූගේ ලෝකය’ ලෙස අපට නැවතත් නරඹන්නට පුළුවන්. සකූ චරිතයට ජීවය දෙන සම්මානලාභී ළමා තරුව තමයි සහේලි සදිත්මා සතරසිංහ. දිගු නිහැඬියාවකට පස්සෙ ඇය අප සමග ‘සකූ’ ගැන කතා කළේ මේ විදියටයි.

🔴 ‘සකූ’ දිගු නිහැඬියාවකට පස්සෙ නැවත අප අතරට එනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. ‘සකූගේ කතාව’ ලෙස මීට කලින් විකාශය වුණු ටෙලි නාට්‍ය මෙවර ‘සකූගේ ලෝකය’ නමින් තමයි විකාශය වෙන්නේ. ‘සකූගේ කතාව’ට වඩා ‘සකූගේ ලෝකය’ ටෙලි නාට්‍ය ලොකු වෙනසක් දැනේවි. ඒ වගේම මමත් දැන් ලොකු ළමයෙක් නිසා කතාවේ සුන්දරත්වය තදින්ම ප්‍රේක්ෂකයන්ට දැනේවි.

🔴 ඔබව තවමත් ගොඩ දෙනෙක් දැන හඳුනන්නේ සකූ ලෙසටද?
ඔව්, ‘සකූ’ ටෙලි නාට්‍ය ඉවර වුණත් ‘සකූ’ චරිතය කාටවත් අමතක වෙලා නැහැ. පාරක තොටක ගියත් මට ‘සකූ’ කියලා තමයි දකින හැමෝම කතා කරන්නේ.

🔴 සහේලිට ‘සකූ’ චරිතය දැනෙන්නේ කොහොමද?
හරිම සංවේදී චරිතයක් විදියට තමයි මට සකූව දැනුණේ. ‘සකූ’ වගේ චරිතයක් කරන්න මම ගොඩක් ආශාවෙන් හිටියේ.

🔴 ‘සකූගේ කතාව’ තුළ සකූට ආදරය, අනුකම්පාව ලැබුණා. ‘සකූගේ ලෝකය’ තුළින් ඒ දේවල් ඒ විදියටම ලැබේවිද?
‘සකූ’ ගමේ ඉපදුණු කෙනෙක්. ඒ නිසා චරිතය තුළ වෙනසක් දනින්න ලැබෙන්නේ නැහැ. ඔබ කියනවට වඩා ‘සකූගේ ලෝකය’ ටෙලි නාට්‍ය බලන විට එය තේරුම් ගන්න පුළුවන් වේවි.

🔴 ‘සකූගේ ලෝකය’ට අමතරව මොනවද ඔබගේ වෙනත් කලා කටයුතු?
නෙත් එෆ්.එම්. එකේ ගුවන් විදුලි නාට්‍යයකට හඬකවනවා. ඉදිරියේදී ප්‍රියන්ත මාමාගේ ‘මන්දාරා’ චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබෙනවා.

🔴 ඔබේ ආදරණීය නැන්දා, ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇගෙන් ලැබෙන සහාය කොයි වගේද?
ඇය තමයි ධනංජි තාරුකා. නැන්දා මම රඟපාන හැම නාට්‍යයක්ම ආශාවෙන් බලනවා. රඟපාන චරිතය තුළ අඩුපාඩු දැක්කොත් ඒ දේවල් හදාගන්න කියලා මට උපදෙස් දෙනවා. මට නොතේරෙන දෙයක් තිබුණොත් මම නැන්දාටත් කතා කරලා අහලා විස්තර දැනගන්නවා.

🔴 ඔය පුංචි වයසට චරිත තෝරාගන්නේ කොහොමද?
මට තවම එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ. චරිත තෝරාගන්න මගේ අම්මයි තාත්තයි තමයි මුලින්ම පිටපත කියවලා බලන්නේ. මට ගැළපෙන චරිතයක් නම්, අම්මයි තාත්තයි මට අවසර දෙනවා එය රඟපාන්න.
– වසන්ත විතාණගේ

SendShareShare
Previous Post

නවයේ බාර් හය කරයි

Next Post

පළාත් සීමා දිස්ත්‍රික්කය දක්වා අඩු වෙන්න පුළුවන්!

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.