ළමා අවධියේ පටන් කලාවට ඇලුම් කළ ඇය පසුකාලීනව පුංචි තිරයේ අපට දැකගන්න ලැබුණේ නැහැ. එනිසාම කවුරුත් ඇය ගැන සොයමින් සිටියදී ඒ රුව යළිත් කරළියට ආවේ ‘2018 දෙරණ අවුරුදු කුමරිය’ ලෙසටයි. ඇය නමින් හිරුෂි වසුන්දරා. ඉතින් නැවත පුංචි තිරයේදී ඇගේ රුව දැකබලා ගන්න ලැබෙනවා. ඒ ගැන කතාබහ කිරීමට අප ඇයව ‘හාට්’ පිටු අතරට කැන්දාගෙන ආවේ මේ විදියට.
‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලිනාටයේ අනුරාධි ගැන කතා කළොත්?
ගොඩාක්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතපු නැති විදියට අනුරාධිගේ සංවේදීකම මගේ රසික, රසිකාවියන් වයස් භේදයකින් තොරව ග්‍රහණය කරගෙන. අනුරාධි චරිතය මගේ ජීවිතයට ලැබුණු වටිනා සම්පතක් කිව්වොත් හරි.
අනුරාධිගේ චරිතය හිරුෂිගේ ජීවිතයටත් සමානයි කියන්නෙ ඇත්තද?
ඇත්තටම ඔව්. මමත් අනුරාධි වගේම සංවේදී කෙනෙක්. මට මේ චරිතය ඒ තරම් හොඳට කරන්න පහසු වූයේත් මගේ තිබුණු සංවේදීකම නිසා. කැමරාව මට නුහුරු දෙයක් නෙමේ. නමුත් කාලෙකට පස්සේ මා මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා.
දෙරණින් හඳුන්වා දෙන ශිල්පීන්ට වෙනත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න බැහැ කියනවා. ඇත්තද එය?
මට නම් කවදාවත් එහෙම කියලාවත්, එහෙම ගිවසුම්වලට අස්සන් කරලාවත් නැහැ. ඔවුන් පවසන්නේ ජීවත් වෙන පළමු චරිතය ගැන අවධානය යොමුකර පසුව වෙනත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියලා. මම පෞද්ගලිකව එක නාට්‍යයක් ඉවර වෙනකම් තවත් ටෙලිනාට්‍යයක් භාරගන්නේ නැහැ. මොකද එහෙම වුණාම මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්.
ඔබ ජනප්‍රිය නිළියන් අතරට පියමනිමින් සිටින යුගය මේ. ඉතින් ඔබේ මහන්සියට සාධාරණයක් වෙනවද?
මාව නිර්මාණවලට සම්බන්ධ කරගත්තු හැම කෙනාම මට ගෙවීමක් කළා. හැබැයි මම විනෝදාංශයක් විදියට රඟපෑවා. හැබැයි මාව නිර්මාණවලට සම්බන්ධ කරගත්ත අය මගේ වටිනාකමට සාධාරණයක් කරනවා කියලා පැවසුවොත් මම හරි.
නීතිඥවරියක් විමේ සිහිනය නිළි වරම් තුළින් බොඳවී යාවිද?
ආපෝ කවදාවත්ම නැහැ. මම දැනටත් විවෘත විශ්වවිද්‍යාලයේ නීති අංශයේ 2 වැනි වසරේ ශිෂ්‍යාවක්. ඉතින් ඉදිරියේදී හැමදාම මාව දකින්න ලැබෙන්නේ නැතිවෙයි. මගේ වෘත්තිය වැඩකටයුතු නිසා.
හිරුෂි එකපාරට ඇවිත් නැවත සැඟවී යනවා. මෙයට හේතුව මොකක්ද?
මෙහෙමයි. මට හිතුණොත් විතරයි මම රඟපාන්නේ ලැබෙන හැම වැඬේම භාරගෙන තිරයේ ඉන්න මම කැමැති නැහැ. ජනප්‍රියතාව පසුපස හඹාගෙන යන කෙනෙක් නෙමේ මම.
ජනප්‍රියතාව කෙසේ වෙතත් ආදර ඇරයුම් නම් ගලාගෙන එනවා ඇති?
ආදරය කළුද, සුදුද කියන්නවත් මම දන්නේ නැහැ. ඒ ගැන හිතලත් නැහැ. අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීගෙන වැඩ කරනවා. මගේ මවුපියන්ගේ ආදරය මට නොඅඩුව ලැබෙනවා. ඒ විතරක් නෙමේ මගේ ආදරණීය රසික, රසිකාවියන් නිසා තමයි අද මෙහෙම තැනක මම ඉන්නේ. ඔවුන්ගේ ආදරයත් මට වටිනවා.
වසන්ත විතාරණගේ