• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මධුමාධව – නිල්මිණි හදිසියේ හමුවෙලා

December 27, 2019
in Heart
Reading Time: 1 min read
A A
මධුමාධව – නිල්මිණි හදිසියේ හමුවෙලා
Share on WhatsAppShare on Facebook

කාලෙන් කාලෙට විවිධාකාර සිදුවීම් මුහුණපොත හරහා ජනප්‍රිය වෙනවා. එහෙමත් නැත්නම් මුහුණුපොත පරිශීලනය කරන්නන් සංවේදී කරනවා. එහෙම ජනප්‍රිය වෙන එහෙම කතා කරන බොහෝ සිදුවීම් හැම හදවතකටම යම් ඉඟියක් දෙනවා. එහෙමත් නැත්නම් යම් අවබෝධයක් ලබාදෙනවා. කෙටියෙන් කියනවා නම් එවැනි සිදුවීමකින් ජීවිතයකට ගත හැකි පාඩම් බොහෝමයි. ඉතින් එවැනි අවස්ථාව ගැන පසුගිය දිනවල මුහුණු පොතේ හුවමාරු වූ අතිශය සංවේදී සටහනක් ගැන ‘හාට්’ අවධානය යොමුවුණා. මේ අවස්ථාව ‘හාට්’ එකට විශේෂ වෙන්නත් සුවිශේෂී හේතුවක් වුණා. ඒ තමයි ලංකාවේ දක්ෂ ජනප්‍රිය කලාකරුවන් දෙදෙනකු මේ සිදුවීමට සම්බන්ධ වීම. ඉතින් මෙය මධුමාධව අරවින්ද මුහුණදුන් අතිශය සංවේදී අවස්ථාවක් පිළිබඳව ඔහු ඔහුගේම වචනවලින් කළ අපූරු සටහනක්. මේ සංවේදී සටහනෙන් සමාජයට ලබාගත හැකි යමක් ඇතැයි සිතුණු නිසාම අපි මෙලෙසින් ඉඩකඩ වෙන් කිරීමට තීරණය කළෙමු.
ඔබ දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ…
දිගුකල් ජීවත් වෙන්නකෝ…
නෝනට පෙන්නන්න හිටපු නෝන එක්ක පින්තූරයක් ගත්ත.
ලෝකේ ඉන්න හොඳම බිරිඳට පෙන්නන්න ලෝකෙ ඉන්න හොඳම අම්මගෙ පින්තූරයක් ගත්ත. පස්සෙ හිතුව ලෝකෙ ඉන්න හොඳම හිතවතුන් වෙන ඔබටත් මෙය පෙන්නන්න. ලෝකෙ ඉන්න හොඳම අනුන්ගෙ කුණු හොයන ආදරණීය කුහකයන්ටත් මේක බලල මගෙ කසාද ගාන ගණන් කරල පොරක් වෙන්න පුළුවන් තමන්ගෙ අතීතය ගැන ලෝකෙන්ම වසන් කරල.
ඇත්තක් වෙන්න හැමෝටම බෑ…
මධුමාධව නිල්මිණිට ගැහුව, මැරුව කියල බුකියෙ ලියන ගොඩාක් අයට තමන්ගෙ ජීවිතේ හෙවණ දුන්න අතීත තැනක් තම බිරිඳට කියන්න බෑ, සැමියට කියන්න බෑ. එක්කො තමන්ගෙ කලින් සම්බන්ධතාවලට බැනල තම ඊළඟ සම්බන්ධතාවය හදා ගන්නෙ. එහෙම තමන් කා එක්කවත් කලින් යාළුවුණේ නෑ කියල පට්ටපල් බොරු පළන අය. ජීවිතේ ප්‍රේම සම්බන්ධතා කැඩිල, ඒව ලෝකෙන් වහල, තමන්ගෙ අලුත් සම්බන්ධතාවයන් ළඟ එකිනෙකා රවට්ටන, අන්දන අය.
බුකියෙ ලියනව “මධුමාධවගෙ පරණ විවාහ දෙදෙරුව කියල”
තමන්ගෙ පැරැණි සම්බන්ධතා වහපු සමහර අය මට කියනව,
“අනේ ඔය දෙන්න එකතු වෙන්න තිබ්බෙ කියල.”
සම්බන්ධතා ඇති වෙනව වගේම නැතිවෙන එක දරා ගන්න හැමෝටම බෑ. හොඳක් වෙන්න කියල පතන්න තමන්ගෙම වෙන්න ඕනෙ. ගොඩක් අයට. සම්බන්ධතා ඉවර වුණත් හොඳක් පතන්න පුළුවන් මිනිස්සුත් ලෝකෙ ඉන්නව. ඇය රාගම රෝහලේ පණ අදිනකොට දින 14 නොකඩවා කළ හැකි හැම දේම කළෙත්, අපි සම්බන්ධතා නතර කර ඇති මොහොතක.
“දිගුකල් ජීවත් වෙන්න කෝ” කියල ගීතවල තිබ්බට කවුරුත් එහෙම නොකරපු ලෝකයක,
නැවත එකතු නොවීත් දිගුකල් ජීවත් වෙන්න පතන්න පුළුවන් කතාත් ජීවිතේ තිබුණ.
පැරැණි සම්බන්ධතාවලට හෙණ ඉල්ලමින් අලුත් සම්බන්ධතා හදා ගන්නා ලෝකයක, ජීවිතේ ඉතිහාසයේ මට හෙවණ දුන්න ඇය හමුවුණා.
ඊයේ “දුකාට 50යි”
වසන්ත දුක්ගන්නාරාල මගෙ ආදරණීය මිතුරට අවුරුදු පනහයි.
මමත් මගෙ මිතුර අනුරත් ගියා දුකාට මනෝජට දරුවන්ට සුබ පතන්න. ඉතිං ඇයත් ඇවිත් හිටියා. ඔව් නිල්මිණි ඇවිත් හිටිය.
පිටවෙලා යනකොට තමා මූණට මූණ අපි හමුවුණේ.
ඉතිහාසයේ, ජීවිතේ හෙවණක් වුණ ආදරණීය ඇයට පරිස්සමට ඉන්න බුදු සරණයි කියල එන්න පින්තූරයක් ගමු, කියනකොට ඇය පුදුම වුණා.
මගෙ මිතුරා අනුරත් එතැන හිටියා. නිල්මිණිව වගේම නිලූවත් දන්න අනුරත් ඇය එක්ක කතා කළා. දරුවව මලක් වගේ බලන ඇය ලෝකෙ ඉන්න හොඳම අම්මා. ඇයත් සන්තෝසෙන් අත වනල අපිට සමුදුන්න. මම ගෙදර ආපු හැටිය මේ හමුවීම ගැන මගේ නෝනට කිව්ව.
පින්තූරෙ පෙන්නුව.
ඇය කට පුරා නිල්මිණි අක්ක ලස්සන වෙලා කියල කිව්ව. මට ජීවත් වෙනව වගේ දැනුණ. ස්තූතියි මට ඇත්තක් වෙන්න දීල මගේ අතීතයට වැඳල, හිටපු ආදරණීයන්ට ගරු කරන්න අවසර දුන්නට. මම එනකම් ඔයාට හෙවණ දුන්න හැමෝටම මම ගරු කරනව කියපු කෙනාව තමයි මම බැන්දේ. ජීවිතය කියන්නෙ අපි මැරිල කුණුවෙලා හෝ පිච්චිලා යනකම් පිරිල ජීවත් වෙන තැනක්.
ජීවත් වෙන ගමන් මැරිල පිච්චිල යන්න ඕනෙ නෑ. අතීතයට ගරු කරල. ලැබුණ, නැතිවුණ හැම තැනටම ආදරෙන් සමු දෙන්න කවද දෝ කවුරුදෝ මට කියල දුන්න. මට දවසක් හරි ආදරේ කළ හැමෝටම නරකක් වෙන්න එපා කියල පතල මං ඇස් වහගත්ත. උදේ මගෙ නෝන ලස්සන පණිවුඩයක් මට ලියල දුරකතනයට එවල.
නිල්මිණිටත් නිරෝගී සුව ඇය පතල තිබුණ. අන්තිමට මෙහෙම ලියල තිබුණ.
“මහත්තයො ඔයා ඇත්තක්”
ජීවිතේ ආදරයෙන් ගෙවන්න කියවන ඔබටත් ලිව්ව මටත් අපි හැමෝටමත් ලැබේවා….
අපි ළංවෙන්නෙ
උපතට නෙවෙයි විපතට.
මුකුත්ම අරන් යන්න බැරි නිසා.
හැම දේම සමරල මරමු.
ජීවිතේ සමරමු අන්තිමට අපි මැරෙමු.

SendShareShare
Previous Post

CIDය ලංකා ‌රෝහලට එයි: ප්‍රකාශ ගැනීම අරඹයි

Next Post

Marina Square – Uptown Colombo ව්‍යාපෘතිය ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.