අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මීට සුළු මොහොතකට පෙර රාජිත සේනාරත්න මහතා නේවාසිකව රැදී සිටින ලංකා රෝහල වෙත ගොස් ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව පළමුව සේනාරත්න මහතාෙගේ වෛද්‍යවරයාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා අදාළ වෛද්‍ය වාර්තා ලැබෙන තුරු එම නිලධාරීන් සිටින බවද දැනගන්නට තිබේ.










