• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මතකය ඉතිරි කර තිරයට සමුදුන් චාපා

June 6, 2020
in Heart
Reading Time: 1 min read
A A
මතකය ඉතිරි කර තිරයට සමුදුන් චාපා
Share on WhatsAppShare on Facebook

අපේ රටේ එක රැයින් ජනප්‍රිය වුණු තරු විශාල ගණනක් ඉන්නවා. ඒ අතරින් බොහෝ දෙනෙක් තම නිර්මාණ එක්ක ඒ ජනප්‍රියත්වය ඉදිරියට අරගෙන යන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම එහෙම එක රැයින් ජනප්‍රිය වෙලා සුළු කාලෙකින් ඉවතට විසිවෙලා යන තරුත් කලා ලෝකයේ ඉන්නවා.

මේ කියන්නේ ඒ දෙවර්ගයටම අයිති නැති සුවිශේෂී තරුවක් ගැන. ඇය නමින් වන්දනා ලියනාආරච්චි. නම කිව්ව ගමන් ඇය කවුද කියලා මතකයට නොනැඟෙන්න පුළුවන්. ඒත් රතු රෝස ටෙලි නාට්‍යයේ චාපා කියලා කිව්ව ගමන් විශේෂයෙන්ම වර්තමානයේ මැදිවයසේ පසුවන කලා ලෝලීන්ට ඇය පිළිබඳ මතකය අවදි වන බව නොඅනුමානයි. ඇය ජනප්‍රිය වෙන්නේ එකම එක ටෙලි නාට්‍යයක් හරහා. එතැනින් පස්සේ කිසිම කලා කටයුත්තකට සම්බන්ධ නොවුණත් ඇයගේ ජනප්‍රියත්වය අදටත් එහෙමමයි.

රතුරෝස ටෙලි නාට්‍ය විකාශනය වෙන්නේ 90 දශකයේ මුල් භාගයේදී. 1991 දී තමයි රතුරෝස රූ ගත කරලා තියෙන්නේ. වන්දනා එක්ක ඒ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ කමල් අද්දරආරච්චි. කමල් කියන්නේ 90 දශකයේ ටෙලි නාට්‍ය වංශ කතාවේ ඉදිරිපෙළේ නළුවෙක්. රතු රෝස විකාශනය වුණු 90 දශකයේ මුල් භාගය වෙද්දි ටෙලි නාට්‍ය කලාවේ අංක එකේ නළුවා කමල් කිව්වත් ඒකෙ වැරැද්දක් නෑ. ඒ යුගයේ කමල් රඟපෑව හැම ටෙලි නාට්‍යයකටම අසීමාන්තික ජනප්‍රියත්වයක් හිමි වුණා. ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ පළමු වරට කුඩුකාරයකුගේ චරිතයකට පණපොවමින් කමල් රඟපෑ “රන් කහවණු” ඒ අතරින් එකක්. ඒ ගැන අපි කමල් එක්ක පසුගිය සතියේ නැවත මතකය අලුත් කර ගත්තා.

රතු රෝස කියන්නේ ඒ වගේම මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වුණු ටෙලි නාට්‍යයක්. හැබැයි රතු රෝස ජනප්‍රිය වුණේ කමල් හින්දම විතරක් නෙවෙයි. ඒකට චාපගේ එහෙම නැත්නම් වන්දනාගේ ආදරණීය රඟපෑමත් බොහෝ දුරට ඉවහල් වුණා. රතු රෝස හරහා කමල් වගේම වන්දනාත් එක වගේ ජනප්‍රිය වුණා. ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට රසිකයන් ආකර්ෂණය කර ගන්න රතු රෝස ඉටුකෙරුව මෙහෙය සුළුපටු නෑ. හිරිමල් තරුණියක් වුණු වන්දනාගේ හැඩ රුවට, ඇයගේ සිනහවට, ඇයගේ කඳුළුවලට, විශේෂයෙන්ම ඇයගේ හඬට ඒ කාලේ තරුණ පරපුර පිස්සු වැටුණා. සමාජ ජාල නොතිබුණු ඒ කාලේ ලියුම් මඟින් ඇයට විවාහ යෝජනා එවූ තරුණයන් පමණක් නෙවෙයි තමාගෙ පුතු පිළිබඳ යෝජනා එවූ මව්වරුන්ද සිටිය බව වන්දනා පසු කාලෙක පවසලා තිබුණා.

අපේ සිංහල සිනමාවේ තරු යුගල සංකල්පය හරිම ජනප්‍රියයි. 70 දශකයේ ඉඳන් 90 දශකය වන තුරුම අපේ සිනමාවේ බොහොම ජනප්‍රිය තරු යුගල් කිහිපයක්ම හිටියා. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් තියෙනවා. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය විදියට 70 දශකය සැලකෙනවා වගේම සිංහල ටෙලි නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය විදියට සැලකෙන්නේ 90 දශකය. ඒ හින්දා 90 දශකය ආරම්භයේදී ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරු ටෙලි තරු යුගල හොයමින් හිටියා. ඉතිං රතු රෝස විකාශනය වෙද්දි හැමෝම හිතුවේ ඒ අඩුව පිරවුණා කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ. රතු රෝස හරහා අතිශයින් ජනප්‍රිය වුණු කමල්- වන්දනා නැවත කවදාවත් එකට රඟපෑවේ නෑ. ඒ විතරක් නෙවෙයි වන්දනා එතැනින් පස්සේ කවදාවත් නැවත රඟපෑවේ නැහැ. ජනප්‍රියත්වය වෙනුවෙන් බොහෝ දේ කරන නිළියන් ගැන ඇහෙන ලංකාවේ රඟපෑ පළමු නිර්මාණයෙන්ම අතිශයින් ජන්ප්‍රිය වෙලා තියෙද්දිත් කලා ගමනට තිත තැබුව වන්දනා සුවිශේෂී චරිතයක් වෙන්නේ ඒකයි. වන්දනා තව දුරටත් රංගන කලාවේ නිරත වෙන එකට ඇයගේ මවගේ තිබුණු විරෝධය තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. තම මවගේ ආදරය සහ ජීවිතයේ ඉදිරි ගමන වෙනුවෙන් එතරම් ජනප්‍රියත්වයක් මැද ඇය ගත් සෘජු තීරණය එක් අතකින් වර්තමාන පරපුරට හොඳ ආදර්ශයක්.

මවගේ විරෝධය හින්දා රඟපෑමට සමුදුන්නත්, වන්දනා රතු රෝස ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙත් ඇයගේ මවගේ හිතවත්කමක් මත. රතු රෝස කියන්නේ 80 දශකයේ බොහොම ජනප්‍රිය වුණු නව කතාවක්. ඒ යුගයේ ආදරණීය නවකතාකරු ලෙස හඳුන්වපු කුමාර කරුණාරත්නයන් තමයි රතු රෝස රචනා කරලා තියෙන්නේ. රතු රෝස ටෙලි තිරයට ගේන්න අධ්‍යක්ෂ රන්ජන් ද සිල්වාගේ හිතට ආවට පස්සේ ඔහු චාපගේ චරිතයට ගැළපෙන කෙනෙක් හොයන්න අවුරුදු තුනක් වෙහෙසිලා තියෙනවා. වන්දනාගේ මවගේ හිතවතෙකු හරහා රන්ජන් වන්දනාව සොයා ඇවිත් තියෙන්නේ ඒ උත්සාහයේ 37 වැනියා විදියට. රන්ජන්ගේ ඒ උත්සාහය සහ තෝරා ගැනීම කොයි තරම් සාර්ථකද කියන එකට රතු රෝස පේක්ෂකයන් අදටත් සාක්ෂි දරාවි.

රතු රෝස, වන්දනාගේ පළමු ටෙලි නාට්‍යය වුණාට කමල් ඇතුළු එහි රඟපෑ අනෙක් සියලුම ශිල්පීන් ශිල්පිනියන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. ඒ හින්දා ඒ අයගෙන් වන්දනාට විශාල සහයෝගයක් හිමි වෙලා තියෙනවා. එක් අවස්ථාවක ඇයම ප්‍රකාශ කෙරුව විදියට ජීවිතේට අඬලා නොතිබුණු ඇයට අඬන්න උගන්වලා තියෙන්නේ කමල්. රතු රෝස තුළින් අපි දැක්ක චාපගේ හැඬුම ඉතාම තාත්වික වුණේ ඒ හරහායි.

කමල් එහෙම නැත්නම් රතු රෝස නාට්‍යයේ සරත් එක්ක ප්‍රේමණීය ජවනිකා රාශියකට පෙනී සිටින්න ඇයට සිද්ධ වුණා. ඇය ඒවෙද්දි පාසල් අධ්‍යාපනය හමාර කෙරුවා පමණයි. ඒත් ඒ දර්ශන ඉතාම හැඟුම්බර අයුරින් රඟපාන්න ඇයට හැකියාව තිබුණා. රතු රෝස රසිකයකුට මේ සටහන කියවද්දි ඒ දර්ශන මැවී නොපෙනෙනවා නම් ඒක පුදුමයක්. චාපගේ චරිතයට එදා වගේම අදත් බොහෝ දෙනෙක් ආසයි කියලා මම කිව්වේ ඒකයි.

රතු රෝස ටෙලි නාට්‍යයෙන් පස්සේ රැකියාවක් සඳහා යොමු වූ වන්දනා වසර ගණනාවක් විදේශගතව සිටියා. රතු රෝස අවසානවීමෙන් පසුවත් මාධ්‍ය සමඟ ඇය සුහදව කටයුතු කළා. නමුත් විවාහ වී දරුවන් ලැබීමෙන් පසුව තමන්ට නිදහසේ කල් ගත කිරීමට ඉඩ දෙන මෙන් ඇය මාධ්‍යයෙන් සුහද ඉල්ලීමක් කළා. ඒ මීට ගොඩ කාලෙකට කලින්. ඒත් ඒ සුහද ඉල්ලීමට ගරු කළ යුතු නිසාම ඇයගේ වර්තමාන ජීවන තොරතුරු හොයන්න අපි උත්සාහ කළේ නැහැ. ඒත් ආදරණීය මතක අවුස්සන්න ඕනෑම කෙනෙක් ආසයි. මේ චාප ගැන එහෙම ඇවිස්සුව මතක ගොඩක් විතරයි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මැදියම් අඳුරේ ඔබට ළංවෙන මහසෝනා

Next Post

Huawei Nova 7i දැන් වෙළෙඳපොළේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.