අවම මිලකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 7i, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ෂණයක් හිමි කර ගෙන ඇති අතර, එහි නිමාව බොහෝ දෙනකුගේ සුවිශේෂී අවධානයකට ලක් වේ.
ආකර්ෂණීය මිලකින් වෙළෙඳ පොළ වෙත ඉදිරිපත් කර ඇති Huawei Nova 7i, Nova පවුලේ අනෙකුත් ස්මාර්ට් දුරකථන මෙන්ම භාවිතයට සහ අල්ලා ගැනීමට පහසු aluminum frame පදනම් කර ගනිමින් නිපදවා ඇත. දුරකතනයේ වීදුරු වක්‍ර දාර අලංකාර නිමාවක් දුරකථනයට එක් කර ඇති අතර පහසු පරිශීලක අත්දැකීමක් හිමි කර දීමට සමත් වී ඇත. පික්සල් 1080 x 2310 resolution සහ 83’5% screen to body ratio සමඟින් එන Huawei Nova 7i ස හරහා දුරකථන ක්‍රීඩා සහ චිත්‍රපට නැරඹීමේදී පරිශීලකයාට වඩාත් පුළුල් අත්දැකීමක් හිමි වනු ඇත. අඟල් 6.4 ක් තරම් වූ Punch Full View තිරය දුරකථනයේ පෙනුම තව දුරටත් වර්ධනය කර ඇති අතර දුරකතනයේ ග්‍රෑම් 183ක් තරම් සැහැල්ලු බර සහ IPS LCD touch තිරය භාවිත කරන්නාට සුමට අත්දැකීමක් හිමි කරදේ.











