• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ හිතේ ඉන්න කෙනා තවම හම්බවුණේ නෑ

December 13, 2020
in Heart
Reading Time: 3 mins read
A A
මගේ හිතේ ඉන්න කෙනා තවම හම්බවුණේ නෑ
Share on WhatsAppShare on Facebook

රඟපෑම ගැන කිසිම අවබෝධයක් තිබ්බෙ නෑ…

සංගීතයට මම කොටුවෙලා නෑ…

කෙළිලොල් බවත්, සුන්දර පෙනුමත් ඇයව බොහෝදුර රැගෙන ගොසින්ය. හිරු අවුරුදු කුමරිය තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් රංගන ක්ෂේත්‍රයේ දොරටු විවර කරගත් ඇය අද වන විට රටම හඳුනන යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ‘සංගීතේ’ අසෙනිගේ චරිතය නිරූපණය කරන ඇය ගීත්මා බණ්ඩාරයි. ඒ හුරුබුහුටි යොවුන් කලාකාරිනිය ‘හාට්’ හැඩ කිරීමට අපගේ ඇරැයුමට කතා කළේ මේ විදියටයි.
ගීත්මා කොහොමද මේ දිනවල වැඩකටයුතු?
මේ දවස්වල නම් ආරක්ෂාකාරීව ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් දිගටම කෙරීගෙන යනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කීපයකත් රූගත කිරීම් සිදුවුණා. ඉතින් ඒවත් එක්ක කාලය ගෙවෙනවා.
ඔබ කලාවට ආ ගමන ගැන කතා කළොත්?
මම හිරු අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගන්නවා. ඇත්තටම එතැනින් තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණෙ. මුලින්ම මට හිතාගන්න බැරිවුණා. මොකද මම පාසල් වේදිකාවේ රඟපාලා තිබුණට රංගනය පිළිබඳ කිසිම අවබෝධයක් මට තිබුණෙ නැහැ. ඉතින් මට එය ලොකු අත්දැකීමක් සහ ලොකු අභියෝගයක් වුණා. නමුත් මම හිතනවා එයට සාර්ථකව මුහුණ දුන්නා කියලා.
ගීත්මා කියන්නෙ කෙටි කාලයකින් ක්ෂේත්‍රයට පිවිසිලා බොහෝ ජනප්‍රිය වුණු චරිතයක්. ඒ ජනප්‍රියතාව ගැන මොකද හිතෙන්නෙ?
මං හිතනවා එය වාසනාවකට ලැබුණු දෙයක් කියලා. මොකද ක්ෂේත්‍රයට එන්න බලාගෙන ගොඩක් අය ඉන්නවා සහ ක්ෂේත්‍රයේ ගොඩක් අය රැඳිලා ඉන්නවා. හැමෝටම ජනප්‍රියතාව කියන දේ ලැබෙන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ප්‍රේක්ෂකයන්ගෙ ආදරය ලබාගන්නවා කියන්නෙ ලොකු වාසනාවක්.
ඔබ සංගීතේ ටෙලිනාට්‍යයට කොටුවෙලා වගේ නේද? අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
නැහැ. කිසිම
කොටුවීමක් නැහැ. දීර්ඝ ටෙලිනාට්‍යයක් නිසා කාර්යබහුලයි. නමුත් මම සතුටින් වැඩ කරගෙන යනවා. ඒ වගේම වෙනත් නිර්මාණයන්ට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. බොහෝ විට මම දීර්ඝ ටෙලිනාට්‍යවලට ඉදිරියට සම්බන්ධ වෙන එකක් නැහැ. දීර්ඝ නොවන හොඳ
කෙටි නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම අපි සංගීතේ කණ්ඩායම ඇතුළෙ හරි නිදහසේ සතුටින් කාලය ගත කරන නිසා එහෙම කොටුවුණු හැඟමක් නැහැ.
ඔබේ ජනප්‍රියතාවත් එක්ක තවත් සමහරු ඔබට අකුල්හෙළනවා ඇති නේද?
මම දැනුවත්ව කවුරුත් මට ක්ෂේත්‍රයේ එහෙම කරන්නෙ නැහැ. සමහරුන්ගෙ හිත්වල තියෙනවද දන්නෙ නැහැ. නමුත් මම හිතන්නෙ නෑ මට එය අදාළයි කියලා. මම නිහඬව මගේ ගමනක් හෙමින් හෙමින් යනවා.
නිර්මාණ භාරගන්නෙ තෝරලා බේරලාද?
මෙහෙමයි. නිර්මාණ භාරගනිද්දි තෝරා බේරා ගැනීමක් අනිවාර්යයෙන් කරන්න ඕන. ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්න බැහැ. මගේ පෞද්ගලික කැමැත්ත සහ පිටපත බලලා තමයි හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙනව නම් සමබන්ධ වෙන්නෙ.
ගීත්මාගේ අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත්?
අධ්‍යාපනය නම් මේ වෙනකොට මට ටිකක් මඟහැරිලා තියෙනවා. සංගීතේ ටෙලිනාට්‍යයත් සමඟ කාර්යබහුල වීම නිසා මේ අවුරුද්දෙ උසස් අධ්‍යාපනයට යොමුවෙන්න හැකියාවක් කොහොමටවත් ලැබුණෙ නැහැ. හැබැයි ලබන අවුරුද්දෙ ඉඳන් අලුතින් ඒ හැම දෙයක්ම පටන්ගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.
ගීත්මාට එකදිගට ආදර ඇරයුම් ගලාගෙන එනව ඇති නේද?
ඔව්. මගේ ජනප්‍රියතාවත් එක්ක ආදර ඇරයුම් නම් ගොඩක් ලැබෙනවා. ඉතින් ඒ දේ තරුණ වයසෙ හැම කෙනෙක්ටම පොදු දෙයක්නෙ. හැබැයි ඉතින් හොඳ කෙනෙක් තවම මට මුණගැසුණෙ නැහැ. මගේ හිතේ ඉන්න කෙනා තවම හම්බුණේ නැහැ.
ජෙහානි සිල්වා

SendShareShare
Previous Post

භූමදාන අර්බූදය ලන්ඩන් අරන් ගිය වීඩියෝව මෙන්න

Next Post

මගේ සින්දුවලට කාටවත් අතතියන්න දෙන්නෙ නෑ

MORE NEWS

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.