• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොලිවුඩයට කඩාපාත්වුණු නපුරු 19

December 13, 2020
in Heart
Reading Time: 2 mins read
A A
බොලිවුඩයට කඩාපාත්වුණු නපුරු 19
Share on WhatsAppShare on Facebook

වරුන්, අනිල්, නිතු, කියා ප්‍රහාර එල්ල කරයි…

සියල්ල දන්නේ උඩ ඉන්න දෙයියො විතරයි…

දැනුවත්ව පැමිණෙන බොහෝ දේට වඩා නොදැනුවත්ව අප වෙත පැමිණෙන යම් දේ තුළ වන්නේ සොඳුරු විශ්මිත බවකි. සරලව අප එයට ‘අහඹුව’ යැයි කියන්නෙමු.
අසුරු සැණින් කෑගසා සතුට පළ කළ හැකි ඒ අහම්බයන් තුළ කෑගසා හඬන්නට හෝ සුසුම්ලමින් විඳවන්නට වන දුක්කරදරයන් පැමිණෙන අවස්ථාවන්ද එමට වෙයි.
‘කොවිඞ්-19’ ද එවැන්නකි. අහම්බයක්ව ඉංග්‍රීසි අකුරු පහක් සමඟ නපුරු 19ද අමුණාගෙන පැමිණි එය මුළු මහත් මිනිස් සංහතියම ශාපයකට ඇදදමමින් සිටියි. බොහෝ ශාපයනට කෙළවරක් තිබුණද ‘කොවිඞ්-19’ ශාපයට කෙළවරක් නොමැති තරම් විය.
තරාතිරමක් නොවූ ‘කොවිඞ්-19’ උවදුර පදික වේදිකාවේ නිදන යාචකයාට සේම සුපිරි ධනවතාටද බේදයක් නැතුව එකම හැන්දෙන් බෙදුවේය.
බොලිවුඩය වර්ණවත් කරන සුපිරි තාරකාවෝද ඒ අතර සිටියහ. පළමුව බච්චන් පවුලට සැර කණේ පහරක් දුන් ‘කොවිඞ්-19’ය, ප්‍රවීණ දමිළ ගායක බාලු මහේන්ද්‍රන්ගේ සොඳුරු හඬ සදහටම නිහඬ කර දැමුවේය.
පසුගිය දිනෙක බොලිවුඩයෙන් ලැබුණු අලුත්ම ආරංචි මාර්ග පැවැසූයේ තවත් සුපිරි තරු කිහිප පෙළකට ‘කොවිඞ්-19’ උවදුර ප්‍රහාර එල්ල කොට ඇති බවය. ඒ අතර ප්‍රවීණත්වයට පත් සුපිරි නළු අනිල් කපූර්, යොවුන් සිත් කුල්මත් කළ තරුණ සුපිරි නළුවරුන් බවාන්, නිතූ කපූර්, තියාරා අද්වානි සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ රාජ් මේතාද වෙයි.
නොවැම්බර් මස අවසානයේ චක්‍රාකාරයෙන් උතුරු ඉන්දීය සිනමාව පුරා පැතිර ගිය ඒ උණුසුම් පුවතට ඊයක වේගයෙන් තටු ලැබුණේ සමාජ ජාලා වෙබ් අඩවි හරහාය.
‘අනිල් කපූර් ඇතුළු ‘ජග් ජග් ජෙයෝ’ චිත්‍රපට කණ්ඩායම සිත් පිත් නැති ‘කොවිඞ්-19’ උවදුරට ගොදුරු වෙයි.
යන ශීර්ෂ පාඨය සමඟ අරුමෝසම් විස්තර රැසක් එහි සටහන්ව තිබිණි. රූගත කිරීම් සියල්ල හිටි අඩියේ නතර වීම තුළ ‘ජග් ජග් ජෙයෝ’ චිත්‍රපට කණ්ඩායම නන්නත්තාරව සුසුම් හෙලන බවද එහි සඳහන් විය.
පමණට වඩා රසකාරක දමා පදම්කර පතුරවා හැර තිබූ එම කටකතා ගැන ප්‍රවීණ නිළි නිතු වාගේම අනිල් කපූර්ද එතරම් අවුලට පත්ව තිබූ වගක් පෙනෙන්නට නොතිබිණි.
‘රිසි දේ පැවැසීම කිසිවකුගේ අයිතිය වෙයි’ ‘කොවිඞ්-19’ අපට ආසාදනය වී ඇත්නම් අප නිරෝධායනය වීමට සූදානම්ව සිටින්නෙමු.
‘ජග් ජග් ජෙයෝ’ රූගත කිරීම් අතරතුර අනිල් කපූර් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි එලෙස සටහන් කර තිබිණි.
අප ගැන විමසිලිමත්වීම රසිකයන්ගේ ආදරයෙහි එක් කොටසකි. එය ඕපාදූපයක ස්වභාවයක් ගත්තද කලබලයට පත්විය යුතු නැත.
එනමුදු නිතූ කපූර් මහත්මිය සහ කපූර් මහතා සමඟ ‘ජග් ජග් ජෙයෝ’ චිත්‍රපට කණ්ඩායම මේ දිනවල රූගත කිරීම් සමඟ දවස ගෙවන බව සතුටින් දන්වා සිටියි.
ඒ සටහන ට්විටර් ඔස්සේ මුදාහැර තිබුණේ වරුන් බවාන් විසින්ය.
අනිල් කපූර්ට ‘කොවිඞ්-19’ ආසාදනය වී ඇතැයි යන ගොසිප් එක සමඟ බොනී කපූර් නොසිතූ ලෙස කලබලයට පත්ව තිබුණේය.
අනිල් කපූර්ට ‘කොවිඞ්-19’ ආසාදිත වීම ශෝකාන්තයකි.
යනුවෙන් පළව තිබූ අමිහිරි පුවත ගැන අනිල්ටවත් ඇති නොවුණු කැක්කුමක් බොනීගේ සිතට දැනී තිබිණි. සොයුරු බැඳීමකටත් වඩා බොනී සහ අනිල් අතර වන හිතෛෂී ලෙන්ගතුකම එයට හේතු වන්නට ඇත.
රසික අවධානය යනු සතුටට කරුණකි. එතෙක් එය සිත්සේ කරන්නා වූ ඕපාදූපවලට බැර විය යුතු නැත.
එලෙසම.., එම ඕපාදූප කලාව සමාජගත කිරීමේදි යම් විනයක් තුළ ක්‍රියා කරන්නැයි මම ඇයැද සිටිමි. අනිල් කපූර් නම් ප්‍රවීණයා ‘කොවිඞ්-19’ පරීක්‍ෂණයේදී නෙගටිව් යනුවෙන් වාර්තා වී ඇති වග අවසානයේ පවසන්නෙමි.’
බොනී කපූර් එම සටහන යොදා තිබුණේ සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහිය.
හරියටම හරි යැයි කියන පුවත තවමත් සනාථ වී නැත. සමාජජාලාද වෙබ් අඩවි ඔස්සේ අලුතින්ම පළවූ ආරංචිය වී තිබුණේ අනිල්, වරුන් සහ නිතූ අතරට කියාරා අද්වානිද ඇතුළත්ව ඇති බවය. බොනී කපූර් නැවැත නැවැතත් පුන පුනා කියා සිටින්නේ පී.සී.ආර්. පරීක්‍ෂණය තුළ අනිල් කපූර් ‘කොවිඞ්-19’ නෙගටිව් යන්නෙන් සනාථ වූ වගය.
ගැටලුවකට ඇත්තේ අනිල් කපූර් වෙනුවෙන් එවැනි වදන් සහ ප්‍රකාශයන් ට්විටර් ඔස්සේ මුදාහරින අය ඔහුම පමණක් වී අනිල් කපූර් මුනිවත රැකීමය.
දෙසැම්බරයෙහි
‘ත්‍සකප ත්‍්සර’ සඟරාව මුද්‍රණය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී එහි පළ වූ පුවතක සඳහන්ව තිබුණේ,
‘තුන් යුගයක’ සොඳුරු මෙහෙවරකට’ සූදානම්ව සිටි ‘ජග් ජග් ජෙයෝ’ චිත්‍රපට වික්‍රමය ‘කොවිඞ්-19’ විසින් අඳුරු ලෙස වසා ගැනීමට නියමිත බවය. එම අඳුරු පුවත පාමුලින් ‘ජග් ජග් ජෙයෝ’ චිත්‍රපටයෙහි රූගත කිරීම් සඳහා පිටත්ව යෑමට සැරසෙන ඉහත කී ආකාරයෙන් ‘තුන් යුගයක’ චිත්‍රපට කලාව විචිත්‍රවත් කළ සුපිරි තුන් කට්ටුවගේ සේයාරුවක් ගුවන් තොට පසුබිම්කර ගනිමින් පළ වී තිබුණේය.
හරිම සිත්කළු ආකාරයට ඔවුන් මුහුණ මත මද සිනහවක මන්දස්මිතය තවරමින් ඉන්දියානු චාරිත්‍රයට අනුව ‘නමස්තේ’ යනුවෙන් දෑත් වැඳ ආචාර කොට සිටියහ.
60 දශකයෙහි අග භාගය සහ 70 දශකය නියෝජනය කරමින් කපූර් පෙළපතෙහි සුන්දර බිරියක වූ නිතූ කපූර් සිං ද, 80 අග භාගය සහ 90 දශකය වර්ණ ගැන්වූ අනිල් කපූර් ද, 2018 අග භාගයෙහි පැමිණෙමින් උතුරු ඉන්දීය කෙල්ලන්ගේ සිත් උමතු කළ වරුන් දවාන්ද එකී සුපිරි තුන් තට්ටුවට අයත් විය.
ඇත්තටම ඉතින්, අනිල් කපූර් ඇතුලු ‘ජග් ජග් ජෙයෝ’ චිත්‍රපට කණ්ඩායමට ‘කොවිඞ්-19’ ආසාදිත,
ඒ ගැන නම් හරියටම කියන්නට දන්නේ නැත. සියල්ල සහසුද්දෙන්ම දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණය.
‘ඒ මන්දයත්…’
උන්වහන්සේලා ‘කොවිඞ්-19’ ලොව පුරා බෙදාහරින්නේ තරාතිරමකින් තොරවය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් කෙටි පණිවිඩයකින් හෝ USSD මගින්

Next Post

ජිනීවා යන්න කලින් ආණ්ඩුව ගන්න යන අසීරු තීන්දු 3 (රාජ්‍ය රහස්)

MORE NEWS

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.