• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගොතයි කියලා හැංගෙන්නේ ඇයි

May 3, 2020
in Heart
Reading Time: 1 min read
A A
ගොතයි කියලා හැංගෙන්නේ ඇයි
Share on WhatsAppShare on Facebook

භාතිය ජයකොඩි ගැන බොහෝ දේවල් අපි කියවලා තියෙනවා. ඔහුගේ ජීවිතය ගැන, කලාව ගැන ගොඩක් දේ අපි දන්නවා. අද වෙද්දී භාතිය ජයකොඩි කියන්නේ සංගීතයෙන් ජාත්‍යන්තරය පවා ජයගත්තු කෙනෙක්. ඒත් භාතිය ගැන දන්න හැමෝටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔහු කතා කරද්දී දක්වන අපහසුතාවය. “ගොළු බව” කියලා තමයි මේක අපි සාමාන්‍ය විදියට හඳුන්වන්නේ. මේක උපතින්ම ඇති වන දුර්වලතාවයක්. කතාබහේදී ඇති වන මේ අපහසුතාවය තිබුණත්, ඒක බාධාවක් කර නොගෙන මුළු ලෝකයම ජය ගන්න භාතියට හැකි වුණා. නමුත් මේ සියුම් දුර්වලතාවය හින්දා මුළු ජීවිතයම පරාජය වුණු අයත් අපේ ලංකාව පුරාම ඉන්නවා. මේ වගේ දුර්වලතාවයක් තියාගෙන භාතිය කොහොමද ජීවිතය ජය ගත්තේ. මේ ගැන මීට ටික දවසකට කලින් යූ ටියුබ් නාළිකාවක් හරහා භාතියම පිළිතුරු දීල තිබුණා.

තමන්ව හමු වෙන්න දෙමව්පියන් සමඟ ආව මේ ප්‍රශ්නය තියෙන අවුරුදු 16ක ළමයෙක් ඇසුරින් තමයි භාතිය ඒ කතාව කියන්නේ. ඔවුන් භාතියව හමු වෙන්න ඇවිත් තියෙන්නෙත් සුවිශේෂී දවසක. ඒ අදාළ සිසුවා උසස් පෙළ හදාරන්න වෙනත් පාසලකට යන්න දවසකට කලින්. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නය තියෙන කෙනෙක් නොදන්නා පිරිසක් අතරට යන්න ලොකු බියක් දක්වනවා. තමන්ගේ ප්‍රශ්නය කොයි විදියට එතැනට බලපාවිද කියන තැතිගැන්ම ඇති වීම තමයි එයට හේතුව.

“ඒ ළමයා එතකොට උසස් පෙළ හදාරන්න එක ස්කෝලෙකින් තවත් ස්කෝලෙකට යන්න සූදානම් වෙලා හිටියේ. එහෙම යන දවසට කලින් දවසේ තමයි මාව හම්බ වෙන්න ආවේ. මිනිස්සු හිනා වෙන එක තමයි ඒ ළමයට තිබුණු ප්‍රශ්නේ. මම එයාට කිව්වේ මෙහෙමයි. තමන්ට ඔය ප්‍රශ්නයෙන් එළියට එන්න ක්‍රම කිහිපයක් තියෙනවා. දැන් කෙනෙක් මට විහිළු කරනවා. අපිට ඒක ක්‍රම කිහිපයකට බාර ගන්න පුළුවන්නේ. එක විදියක් තමයි මම කේන්ති ගන්න එක. කේන්ති අරගෙන ප්‍රශ්න ඇති කර ගන්න පුළුවන්. නැත්නම් දුක් වෙලා පැත්තකට වෙන එක. නැත්නම් ඒක විහිළුවක් විදියටම බාර ගන්න පුළුවන්. විහිළුවක් විදියට බාර අරගෙන එයත් එක්කම ඒකට හිනා වෙන්න පුළුවන්. නැත්නම් ඒක ගැන මොකුත්ම නොහිතා නොසලකා ඉන්න පුළුවන්. ඔය හතර විදියටම ඒක අපිට බාර ගන්න පුළුවන්.” භාතිය පැහැදිලි කරන්නේ එහෙමයි.

ඇත්තටම භාතියගේ කතාවට මේක බාධාවක් වෙලා තිබුණත්, ඔහුගේ ගායනයට මේ ප්‍රශ්නයෙන් කිසිම බාධාවක් වෙලා නැහැ. ගොඩක් කෙනකුට තියෙන ඒ ප්‍රශ්නයටත් භාතිය මේ කතාබහ අතරෙදි පිළිතුරු ලබා දෙනවා.
“තමන්ට උපත්තියෙන් හම්බ වෙන දේවල් තියෙනවනේ. සුදුද, කළුද කියන එක වගේ. මේකත් ඒ වගේ දෙයක්. මේක උප්පත්තියෙන් ලැබුණු හොඳටම හොඳ කරන්න බැරි දෙයක්. මේක වෙන්නේ මෙහෙමයි. මං මේ සාමාන්‍ය පැහැදිලි කිරීමක් කරන්නේ. අපේ මොළයේ එක පැත්තකින් තමයි අපි කතා කරන දේවල් පාලනය කරන්නේ. නමුත් අපි ගීත ගායනා කරන වගේ කලාත්මක දේවල් පාලනය වෙන්නේ මොළයේ අනෙක් පැත්තෙන්. ඉතින් අපේ මොළයේ කටහඬ පාලනය කරන පැත්තේ ඇති වෙලා තියෙන පොඩි දුර්වලතාවයක් හින්දා තමයි මේක ඇති වෙන්නේ. නිකං වයර් ෂෝට් එකක් වගේ දෙයක්. ඒ හින්දා මේක කවදාවත් හදන්න බැහැ.”

ඒ ප්‍රශ්නය තියා ගෙන ජීවිතය ජය ගන්න හැටි භාතිය තවදුරටත් පැහැදිලි කරනවා.
“හදන්න බැරි නම් අපි මොකද කරන්නේ. මිනිස්සු කියන දේවලින් කේන්ති ගන්නවද, දුක හිතෙනවද, සතුටු වෙනවද, මොකුත් නොහිතා ඉන්නවද කියන එක අපි තමයි තීරණය කරන්න ඕනෑ. හැබැයි ඒක කරන්න කලින් අපි අපේ තියෙන දුර්වලතාවය පිළිගන්න ලැහැස්ති වෙන්න ඕනෑ. මේක පිළිගැනීමෙන් තමයි තමන්ට ඉදිරියට යෑමක් තියෙන්නේ. මේක නැහැ නැහැ කියලා බොරුවට හංගගෙන ඉන්නවා නම් කවදාවත් ඉදිරියට යෑමක් නැහැ. මහත කෙනෙක් තමන් මහතයි කියලා පිළි අරගන්න ඕනෑ. ඒ ගැන සතුටු වෙන්න ඕනෑ. මේකත් ඒ වගේ තමයි.

දැන් සාමාන්‍යයෙන් හොඳට කතා කරන කෙනෙක් මොකක් හරි දෙයක් කියද්දි වැය කරන ශක්තියට වඩා දෙගුණයක් ශක්තිය අපි දෙයක් කියද්දී වැය කරන්න ඕනෑ. ඒ හින්දා අපි ලෝකයත් එක්ක කේන්ති අරගෙන වැඩක් නැහැ. මිටි කෙනකුට උස කෙනෙක් එක්ක දුවන්න අමාරුයි. ඒත් ඒක බැරි නැහැ. එහෙමයි කියලා අපි උස කෙනා එක්ක කේන්ති අරගෙන වැඩක් නැහැ. එයා උස වුණු එකට අපිට කරන්න දෙයක් නැහැ. ඔය දෙක ඔය විදියට තේරුම් ගත්තම තමන් කරන වැඩ ගැන අවධානය යොමු කරන්න හරිම ලේසියි. පොඩි කාලේ ළමයි විහිළු කරනවා. කේන්ති එනවා. මට තාම මතකයි මට විහිළු කරපු ළමයින්ට මම හොඳටම ගහලා තියෙනවා. නමුත් ඒක නෙවෙයි මේකට විසඳුම.
පළමුවැනි දේ තමන් මේක පිළිගැනීම. එතකොට ගොතයි කියලා කිව්වට මේක අපේ ඇඟට වදින්නේ නැහැ. එතකොට අපිට පුළුවන් අපි කරන වැඬේ ගැනම අවධානය යොමු කරන්න. අපේ දුර්වලතාවය උපාය මාර්ගිකව විසඳගන්න. ඒ සඳහා අවශ්‍ය වෙලාවට අතිරේක ශක්තිය යොදවන්න අපිට පුළුවන්.”

තමන්ගේ උපදේශනයෙන් පස්සේ මෙච්චර වෙලා බය වෙලා හිටිය ළමයා වෙනස් වුණු විදිය භාතිය මතක් කරන්නේ මෙහෙමයි.
“මම ඔය කතාව කිව්වට පස්සේ මෙච්චර වෙලා නිහඬව හිටිය ළමයට ලොකු හිනාවක් ආවා. ඊට පස්සේ මං එයාට කිව්වේ මෙහෙමයි. දැන් ඔයා හෙට අලුත් ස්කෝලෙකට යනවනේ. ඔයා දැන් එතැන අවුරුදු දෙකක් විතර ඉන්නවා. දැන් ඔයා මෙහෙම හිතා ගන්න ඕනෑ. ඔයා ඔය කාලය තුළ පාසලේ පුළුවන් තරම් යාළුවෝ ඇති කර ගන්න ඕනෑ. ඔය පාසලේ හැමෝම කතා කරන චරිතයක් බවට පත් වෙන්න ඕනෑ. පුළුවන් තරම් බාහිර ක්‍රියාකාරකම්වලට යොමු වීම තමයි ඒකට හොඳම දේ. ඒ වගේම පුළුවන් තරම් කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට යන්න ඕනෑ. එතකොට ඔය බයත් නැති වෙනවා. එතකොට මිනිස්සු කියන දේ ගණන් ගන්නේ නැති තැනටත් මනස හැදෙනවා.”
අවුරුදු 16ක ළමයකුට ඒ විදියේ වටිනා උපදේශයක් දුන්න භාතිය වර්තමානයේ තමන් මේ ප්‍රශ්නයට මුහුණ දෙන හැටිත් සිහිපත් කරනවා.

“මට අදටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. දැන් අපිට කැමැති නැති මිනිස්සු පිරිසක් ඉන්නවනේ. ඒ අය මොන දේ කළත් අපිට බනිනවා. බනින්න දෙයක් නැතිම තැන ඒ අය අල්ල ගන්නේ මගේ ඔය ප්‍රශ්නය. මේක ගොඩක් අන්තර්ජාලය හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒව දකිද්දී මට නම් හිනා යනවා. පොඞ්ඩක්වත් තරහා යන්නේ නැහැ. අනේ මේ ලෝකෙ ගැන දන්නෙ තැති මෝඩයෝ නේද කියලයි ඒව දකිද්දි මට හිතෙන්නේ.

ඔය පුරුද්ද මේ ප්‍රශ්න තියෙන පොඩි ළමයින්ට අම්මලා තාත්තලා පොඩි කාලෙම පුරුදු කරවන්න ඕනෑ. මේක හංගන එක නෙවෙයි කරන්න ඕනෑ. මේ අඩුපාඩුව පිළිගන්න පොඩි අයව පුරුදු කරන්න ඕනෑ. එතැනින් තමයි ජීවිතයේ ඉදිරියට යෑම ආරම්භ වෙන්නේ. හැබැයි ඒ අඩුපාඩුව පිළිගන්නකම් ඉදිරියට යෑම පරක්කු වෙනවා.”
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

බාචිගේ Stay Home හදපු ගීතය

Next Post

මංගල දිනයට අසුබ ග්‍රහ හැසිරීම්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.