• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බලාපොරොත්තු දීලා අහිමි වෙනකොට දුකයි…

June 10, 2021
in Heart
Reading Time: 4 mins read
A A
බලාපොරොත්තු දීලා අහිමි වෙනකොට දුකයි…
Share on WhatsAppShare on Facebook

නිළි වරම ඔළුවෙ තියාගෙන ජීවත්වෙන්නෙ නැහැ…
ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න කැමති…

කොන්දේ රුදාවට වෙදහෙදකම් කරන වෙද හාමිනේ ලෙස ජනප්‍රිය වුණු ඇය රුවි ලක්මාලි නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇය පුනරුත්ථාපන කඳවුරකට කොටුවෙලා ගෙවපු ජීවිතය අපට ‘දූවිලි සුළඟ’ තුළින් දැකගන්න පුළුවන්. ඉතින් අප්සාරි ලෙස මේ දිනවල ඔබ අතරට එන ඇය සමග අපි කතා කළා.

🔴 අපි කැමැති ඔබ ගැන මුලින්ම විස්තර ටිකක් දැනගන්න?
මම රුවි ලක්මාලි. මගේ ගම් පළාත බණ්ඩාරවෙල. පවුලේ එකම දරුවා මමයි. හැබැයි මම දැන් විවාහකයි.මගේ සැමියා හකුල් ප්‍රසාද. ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනවා. අපි සියලු දෙනාම සතුටින් ජීවත් වෙනවා.

🔴 රුවි මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවද?
අපෝ කවදාවත්ම නැහැ.

🔴 හැබැයි ඔබ ‘දූවිලි සුළඟ’ ටෙලිනාට්‍යයේ නිරූපණය කරන අප්සාරි චරිතය හොඳට රඟපාන බව දකිනවා ?
අප්සාර කියන්නේ හොඳ කෙනෙක්. මත්ද්‍රව්‍යවලට නැඹුරු වුණු කෙනෙක් නෙවෙයි. විටමින් සී කියන කඳවුරේදී අපට බොන්න දෙන්නේ මත්ද්‍රව්‍ය පෙති. අවසානයේ ඒ පෙති ඇඟට විෂ වෙනවා. ඒ නිසාම පුනරුත්ථාපන කඳවුරකට යන්නත් වෙනවා. අප්සාරි චරිතයට සාධාරණයක් කිරීම සඳහා මම සොයා බැලුවා විවිධ තොරතුරු. එවැනි මත්ද්‍රව්‍ය පාවිච්චි කළාම හැසිරෙන්නේ මොන විදියට කියලා මම අන්තර්ජාලය හරහා කරුණු සොයා බලලා තමයි අප්සාරිට සාධාරණයක් කිරීමට උත්සාහ කළේ. අප්සාරි චරිතය මට වෙනස්ම අත්දැකීමක් වුණා. ප්‍රතිචාර ගැන දැන්ම කියන්න බැහැ ටෙලිනාට්‍යය ළඟදි විකාශය වෙන්න පටන්ගන්න නිසා.

🔴 ‘දූවිලි සුළඟ’ට ඔබ හසුවුණේ වර්තමානයේදි නෙවෙයි නේද?
මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු මුල් කාලවල තමයි මම දූවිලි සුළඟ ටෙලිනාට්‍යයේ රඟපෑවේ. මීට අවුරුදු පහකට විතර කලින්. ටෙලිනාට්‍ය විකාශය වීමට ගොඩක් පරක්කු වුණා. හැබැයි ඒ කොහොම වුණත් මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටනවා දූවිලි සුළඟ ටෙලිනාට්‍යය නරඹන්න කියලා. මොකද වර්තමාන සමාජයට වයස් භේදයකින් තොරව ආදර්ශයක් ගත හැකි නිර්මාණයක් ලෙස එය හඳුන්වන්න පුළුවන්.

🔴 රුවි නිතර දෙවේලේ අපි දකින්නේ වෙළෙඳ දැන්වීම් හරහායි. ටෙලිනාට්‍ය සඳහා ඔබේ දායකත්වය අඩු ඇයි?
එයට විශේෂ හේතු කිහිපයක් තිබෙනවා. මාව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කිරීමට ලොකුම උවමනාවක් තිබුණේ මගේ අම්මාට. ඉතින් මගේ අධ්‍යාපන කටයුතු එක්ක ලැබෙන හැම නිර්මාණයකටම සම්බන්ධ වුණේ නැහැ. මම ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න කැමැති කෙනෙක්. මෙගා ටෙලිනාට්‍යවලින් මට ආරාධනා ආවා. ඒත් මම සම්බන්ධ වුණේ නැහැ. එක දිගට වැඩකරන්න තිබෙන නිසා. අනෙක මම දැන් බිරියක්. ඉතින් මම පවුල් ජීවිතයට විශේෂත්වයක් දෙනවා. එතන තිබෙන සුන්දරත්වය මට වෙන කිසිම තැනකින් අරගෙන සතුටක් ලබන්න බැහැ.

🔴 ඔබව වෙළෙඳ දැන්වීම් සඳහා තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවද?
ඒ ගැන මෙහෙමයි කියලා මට කියන්න බැහැ. හැබැයි මම නිරූපණය කරන වෙළෙඳ දැන්වීම්වල මගේ පෙනුම එකිනෙකට වෙනස්. සමහර විට ඒ නිසා වෙන්න ඇති. හැබැයි හිතන තරම් පහසු නැහැ වෙළෙඳ දැන්වීම්වල රඟපාන එක. මොකද තත්පර ගාණක් ඇතුළත රඟපෑමක් එක්ක දෙබස් කිවයුතුයි. ටෙලිනාට්‍යයක නම් කාල වේලාවට රඟපාන්න පහසුව තිබෙනවා.

🔴 ඔබ දැන් කලා ක්ෂේත්‍රයේ පරිපූර්ණ රංගන ශිල්පිනියක් වෙලාද?
අයියෝ කවදාවත් මම හිතලා නැහැ. රඟපාන විෂය කවදාවත් හදාරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. එය පොතපත හරහා ලබන්න පුළුවන් දැනුමක් නෙවෙයි. අපේ අඩුපාඩු හදාගන්නම අපි විවිධ චරිත නිරූපණය කරමින් එය හදාරන්න ඕනෙ. තවම මම එය හදාරමන් හෙමින් යන කෙනෙක්. මම නිළියක් කියලා ඒ වරම ඔළුවේ තියාගෙන ඒ විදියට හැඩගැහෙමින් ජීවත්වන කෙනෙක් නෙවෙයි.

🔴 ඔබ නිරූපණය කළ ‘හරස් පාර’ ටෙලිනාට්‍යයෙන් පසු හිතට කලකිරීමක් ඇතිවුණා කියලා මම පැවැසුවොත් හරිද?
මම ඒ ගැන කතාකරන්න කැමැති නැහැ.මොකද බලාපොරොත්තු දීලා ඒ දේවල් අහිමි වෙනකොට හිතට වේදනාවක් එන එක සාමාන්‍ය දෙයක්. හරස් පාර ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ චරතයට ගොඩක් ප්‍රතිචාර තිබුණා. නැගීඑන නිළියට මාව නිර්දේශ වුණා. හැබැයි සම්මාන ගැන මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ආදරය විතරයි.

🔴 ‘වියලන දළු’ තුළින් ඔබට ජාත්‍යන්තර තරග සඳහා යෑමට වාසනාව උදාවුණා නේද?
විවිධ රටවලට යෑමට මට අවස්ථාව ලැබුණා. ‘වියලන දළු’ චිත්‍රපටය ජාත්‍යන්තරයත් එක්ක තරග කරපු චිත්‍රපටයක්. මම ප්‍රධාන චරිතය තමයි රඟපාන්නේ. ඉදිරියේදී එය ලංකාවේ තිරගත වේවි. ඒ වගේම ‘ආශාවරී’ චිත්‍රපටයත් තිරගත වීමට තිබෙනවා. එතකොට අපි ඒ ගැන කතා කරමු.

🔴 රුවිගේ හිතේ තවත් බලාපොරොත්තු සහ සුන්දර හීනත් තියෙනවද?
මගේ ලොකු ආශාවක් තිබෙනවා හොඳ ආදර්ශවත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න. මේ වන විටත් මගේ ඒ හීනය සැබෑ වෙලා. ඒත් මේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක වේදිකා නාට්‍ය නිර්මාණය නොවන නිසා සියලු වැඩකටයුතු අවහිර වෙලා.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රාස්සගලේ තැනූ විශ්මිත නිර්මාණ…

Next Post

ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා ආණ්ඩුවට උගන්නපු පාඩම!

MORE NEWS

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

Load More
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

දරුවෙකුගේ ජීවිතයේ පළමු වචනය, පළමු පියවර, පළමු සිහිනය හැඩගස්වන්නේ මවුපියන්. තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් ජීවත් වූ ඒ මවුපියන් වයසට...

Read more
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.