• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පුංචි තිරේ අහිංසකාවිය

October 26, 2019
in Heart
Reading Time: 2 mins read
A A
පුංචි තිරේ අහිංසකාවිය
Share on WhatsAppShare on Facebook

අම්මාගේ සුරතේ එල්ලී එහෙට මෙහෙට දුව පනිමින් කලාවේ ‘අ’යනු ‘ආ’යනු කියූ ඇය පසුකාලීනව දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූවාය. ඇය මේ වන විට සම්මානනීය රංගන ශිල්පිනියක්ද වී හමාරයි. ඇය නමින් තිසුරි යුවනිකා. කාර්යබහුලත්වය පසෙක තබා අප සමඟ දොඩමළු වන්නට තරම් ඇය නිහතමානී වුණා.
මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් ගොඩක් සතුටුයි. මොකද ලංකාවේ දවසකට ටෙලිනාට්‍ය රාශියක් විවිධ නාලිකාවල විකාශය වෙනවා. ඒ අතර මට වඩා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ඒ නිර්මාණවල හොඳ රංගනයක නියැළෙනවා මමත් දැකල තියෙනවා. ඉතින් ඊටත් වඩා විශිෂ්ඨ ලෙස මම රංගනයේ යෙදිලා තියෙනවා කියලා දැනෙද්දි මට හරිම සතුටුයි. ඇත්තටම ගොඩාක් සතුටුයි.
ඔබ මේ තැනට ආවේ සෙදෝනාගේ චරිතයට මිණි ගංදෑල ටෙලි නාට්‍යයෙන් කියලා මම පැවසුවොත් හරිද?
ඇත්තමට සෙදෝනාගේ චරිතය මට ලොකු කඩඉමක්. මට සෙදෝනාගේ චරිතයෙන් ලොකු දෙයක් කරන්න තිබුණා. ඒ කරපු කැපවීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මම අද මේ තැනට ඇවිත් තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා.
තිසුරි ඔබ චරිතය ආරූඪ කරගන්නේ මොන විදියටද?
මම මුලින්ම කරන්නේ පිටපත හොඳට කියවලා අවබෝධ කරගෙන පිටපත් රචකයා, අධ්‍යක්ෂවරයා සමඟ මේ චරිතය ගැන කතාබහ කරන එක.
ඒ විතරක් නෙවෙයි නිර්මාණයෙදි මම එක්ක සම්බන්ධ වෙන අනෙකුත් ශිල්පීන්ගෙන්ද ලොකු සහයෝගයක් ලැබුණා. මගේ චරිතය සාර්ථක කරගන්න. ඉතින් මේ සියලුම දෙනාගේ ශක්තියත් එක්ක මම මගේ චරිතයට වගේම නිර්මාණයටත් කැපකිරීමක් කළා කියලා මට හිතෙනවා.
ඔබ වගේම ඔබේ සහෝදර ඇතැම් ශිල්පීන් චරිතය වෙනුවෙන් කැපකිරීම් කරනවා. හැබැයි අතරමඟදී නිර්මාණයෙන් පැනල යනවා?
කවදාවත් මම එහෙම කරන්නේ නැහැ. මම මගේ වෘත්තියට ආදරෙයි. අපට නිර්මාණයකින් ආරාධනා කරන්නේ ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය රකිනවා මම. හැබැයි සමහර අවස්ථාවල නිර්මාණයේ ඉන්න බැරිම අවස්ථාවක් ආවොත්, විවේකයක් ගන්නවා. මොකද මිනිස්සුන්ගේ ජීවිතයේ කරදර එන්නේ කිය කියා නෙවෙයි. එවැනි ප්‍රශ්නයක් මත ලෙඩක් දුකක් ඇතිවුණොත් ඉතින් සාධාරණ හේතූන් මත නිර්මාණයෙන් තාවකාලිකව සමුගන්න වෙනවා.
අතිවිශිෂ්ට චරිත මවන අතර දැන් මෙගාවලටත් හිරවෙලා නේද?
මම ගොඩක් ආශාවෙන් කරන්න හිටිය චරිතයක් තමයි ඔබ නිසා නාට්‍යයේ කරන්න ලැබුණෙ. ඉතින් චරිතයේ තිබෙන සරල බව නිසා මට ඒ චරිතය කරන්න ආශා හිතුණා. ‘ඔබ නිසා’ ටෙලිනාට්‍යයේ මගේ චරිතය වෙනුවෙන් විවේචන පවා එල්ලවෙනවා. සමහරු අහනවා ඇයි මේ වගේ චරිත කරන්නේ කියලා. මම වෘත්තීය රංගන ශිල්පිනියක්. ඉතින් මම ගොඩක් කැමැති විවිධාකාර චරිත නිරූපණයන් කරන්න. මම කැමැති නැහැ රාමුවකට කොටුවෙලා ඉන්න. රංගන ශිල්පිනියක් වුණාම විවිධ චරිත රඟපාන්න ඕනා.
මේ දවස්වල නිර්මාණ තුනකින් අපි ඔබව දකිනවා. වැඩි ප්‍රතිචාර ගැන කතා කළොත්?
ගොඩ දෙනෙක් කතාවෙන්නේ ‘ඔබ නිසා’ ටෙලිනාට්‍ය ගැන තමයි. එයට අමතරව ‘පැණි කුරුල්ලෝ’, ‘හුස්ම වැටෙන මල්’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. එක චරිතයක් දරුවෙක් ඉන්න මවකගේ චරිතයක්. අනෙක් චරිතය ගෙදරක හිරකරලා ඉන්න යුවතියකගේ චරිතයක්. හොඳ නරක ප්‍රතිචාර දෙකම ලැබෙනවා.
මම හිතන විදියට නම් එහෙම චරිත බලාගෙන රඟපාන්න ගියොත් ගෙදරට වෙලා තමයි ඉන්න වෙන්නේ?
ඔව්, මම කලින් කිව්වා වගේ මම වෘත්තීය රංගන ශිල්පිනියක්. අනෙක දැන් එහෙම හොඳ නිර්මාණ හැදෙනවා අඩුයි. හොඳ නිර්මාණ නැහැ කියන්නේ නැහැ. හොඳ නිර්මාණයක් හැදිලා ඒකට මට ආරාධනාවක් නාවොත් මගේ වෘත්තියට මොකද වෙන්නේ? ඔන්න ඔය කරුණු කාරණා මම විශේෂ සැලකිල්ලට ගෙන තමයි දැන් වැඩකරන්නේ. හැබැයි මම දොඩම් ගොඩ බදාගත්තා වගේ ඉන්නෙ නැහැ. චරිත තෝරාගැනීමේ ගැටලුවලට මුහුණපාන්නත් සිද්ධ වෙනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
එහෙම විශේෂ බලාපොරොත්තු නැහැ. ගඟක් ගලාබසින්නේ ගල්පරවල වදිමින්. එවිට නැඟෙන බුබුළු චමත්කාරයි. අපේ ජීවිතත් අන්න ඒ වගේ.
ඔබේ ආදරණීය මව සුසන්තා චන්ද්‍රමාලි ආශාවෙන් ඉන්නවා මුණුබුරෙක් දකින්න?
පවුලක් වුණාම දරුවෙක් ඕනෙ තමයි. ඒ හැම දේම කාලයත් එක්ක සිදුවෙයි. මේ දවස්වල මම භාරගත්තු වැඩ ගොඩක් තියෙනවා. ඒ ටික ඉවර කරගන්න වෙනවා. එහෙම නැති වුණොත් ඒ නිර්මාණවල අධ්‍යක්ෂවරුන් අපේ ගේ ඉදිරිපිට ඉඳීවි, මාව හොයන්න ඇවිත්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

විශ්‍රාම යන්න දවස් 22යි: මාස 4ට ‌‌මෛත්‍රී කෝටි 240ක් සම්මත කරගෙන: දවසේ වියදම ‌කෝටි 2යි

Next Post

සෙලාන් ටිකිරි මාසය අඛණ්ඩව හයවැනි වසරටත්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.