ඉදිරි මාස 4ක කාලයක් සදහා, එනම් දින 120ක් සදහා ඉදිරිපත් කරනු ලැබූ අතුරු සම්මත ගිණුම හරහා ජනාධිපතිවරයා හට කෝටි 240ක මුදලක් වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇත.
ඒ අනුව සරල ලෙස ජීවත්වන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දිනක වියදම කෝටි 2ක් බවට පත්ව ඇත.
ලබන මස 16 වැනි දින ජනාධිපතිවරයාට විශ්‍රාම ගැනීමට සිදුවන අතර ඒ සදහා ඇත්තේද තවත් දින 22ක් පමණි.
එසේ තිබියදී ජනාධිපතිවරයා සදහා මෙසේ ඉදිරි මාස 4ට කෝටි 240ක් වෙන් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත්තේ සිය විශ්‍රාම දිවිය ගත කිරීම සදහා නිල නිවාස, නිල වාහන, ආරක්ෂාව ආදිය සදහා කෝටි 800ක පමණ පැකේජයක් වෙන් කරගෙන තිබීමට අමතරවය.










