2019 ලෝක ළමා දිනය වෙනුවෙන් අඛණ්ඩව 6 වැනි වරටත් සෙලාන් බැංකුව ‘සෙලාන් ටිකිරි මාසය’ සැමරීම සඳහා විශිෂ්ටත්වයෙන් පෙරමුණ ගෙන ඇත.
ළමයින් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම සඳහා වන අරමුණු පෙරදැරිව, මෙම වසරේ සෙලාන් ටිකිරි ප්‍රචාරණයෙන් වඩාත් සුවිශේෂී තෑගි ලබාදීමේ ක්‍රම මෙන්ම දැනටමත් සෙලාන් ටිකිරි ගිණුම් හිමි දුවාදරුවන්ට සහ නව ගිණුම් හිමි දරුවන් සඳහා ආකර්ෂණීය ප්‍රවර්ධන දීමනා ලබාදීමට බලාපොරොත්තු වේ.
දැනටමත් සෙලාන් ටිකිරි ගිණුමක් හිමි දුවාදරුවන්ට අවමය රු. 750,000 තැන්පතුවකින් විදුලි ජීප් රථයක්, යතුරුපැදියක් හෝ යමහා බොක්ස් ගිටාරයක් වැනි ත්‍යාගයන් හිමිකරගත හැක. එසේම නව ගිණුම් හිමි දරුවන් සඳහා ඉහත සඳහන් එක් ත්‍යාගයක් ඇතුළුව සැනසිලි ත්‍යාග 13ක් දිනාගැනීමට අවස්ථාව සලසාදී ඇත.
තවද, වයස අවුරුදු 15ට අඩු ළමයින් සඳහා ආරම්භ කරනු ලබන නව සෙලාන් ටිකිරි ගිණුමක් සඳහා රු. 100,000ක් වටිනා කුඩා පැසිපන්දු කට්ටලයක් සහ තවත් ආකර්ෂණීය ත්‍යාග 10ක් දිනාගැනීමට අවස්ථාව සලසාදී ඇත. මීට අමතරව නව ගිණුම් අරඹන දරුවන්ට සේම දැනටමත් සෙලාන් ටිකිරි ගිණුමක් හිමි දුවාදරුවන්ට රු. 5000ක තැන්පතුවකින් කුඩා පැසිපන්දු කට්ටලයක් දිනාගැනීමට අවස්ථාව සලසාදී ඇති අතර නව ගිණුම් හිමි දරුවන්ට ඉහත ත්‍යාගයට අමතරව වෙනත් ත්‍යාග 3ක් දිනාගැනීමටද අවස්ථාව හිමිවේ.
ලෝක ළමා දිනය සමරමින්, ළමා මාසය සඳහා සැලසුම් කර ඇති ප්‍රවර්ධන දීමනා පිළිබඳ අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අලෙවිකරණ හා විකුණුම් අංශ ප්‍රධානී ගමික ද සිල්වා මහතා පැවසුවේ “සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව සෑම විටම දරුවන්ගේ මූල්‍ය ශක්තිය සුරක්‍ෂිත කරගැනීම පිණිස නිවැරදි වේදිකාවක් ලබාදීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර ඇති අතර එමගින් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඕනෑම ඉලක්කයක් සපුරා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දීම සිදුකරන බවයි.”
විනෝදය සහ ක්‍රීඩාව දරුවකුගේ වර්ධනයේ අනිවාර්ය කොටසක් බව වටහාගත් සෙලාන් ටිකිරි මෙම ඔක්තෝබර් මාසය තුළ ලබාදෙන්නා වූ තෑගි පරාසය පුළුල් කරන ලදී. සෙලාන් ටිකිරි ගිණුම් ශේෂයන්ට අනුකූලව විදුලි කාර්, යතුරුපැදි, කුඩා පැසිපන්දු ක්‍රීඩා කට්ටල, ක්‍රීඩා බෑග්, පාසල් බෑග්, මග්, ළදරු සෙල්ලම් බඩු, ස්කූටර්, දුරස්ථ පාලක ඩ්‍රෝන, බයිසිකල්, ඕගන්, ඩීවීඩී සෙට්අප්, ටැබ් සහ LED ටීවී ආදී ත්‍යාග හිමිකරගත හැක.