• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පැණි පොවලා හරි අපිට විසඳුමක් දෙන්න

December 19, 2020
in Heart
Reading Time: 3 mins read
A A
පැණි පොවලා හරි අපිට විසඳුමක් දෙන්න
Share on WhatsAppShare on Facebook

රට ඇරලා ඒත් කලාකරුවා ගෙදර…

අපිට උදව් කරන්න කවුරුත් නෑ…

“දැන් රාත්‍රි සමාජ ශාලා පවත්වාගෙන යනව, උත්සව සමයේ රෙදි කඩවල්වල රංචු පිටින් මිනිස්සු රොක්වෙලා බඩු ගන්නව. අද රට විවෘත වෙලා වගේ තත්ත්වයක් තමයි තියෙන්නෙ. නමුත් කලාකරුව ගෙදර. මේ විදිහට කලාකරුවන් ගෙදර තියාගෙන කොරෝනාවලට සිද්ධ වෙන සෙත මොකක්ද කියල තමයි අපිට අහන්න වෙන්නෙ. පැණි බිබී හරි කමක් නෑ මේකට විසඳුමක් තියෙනව නම් අපිට ඒ අවස්ථාව දෙන්න. එල්ලෙන්න වැල් නැතිව අපි බලන් ඉන්නෙ” කවදත් කෙළින් කතා කරන නලින් පෙරේරා පසුගිය දවල්වල කලාකරුවන්ට වෙලා තියෙන අසාධාරණය ගැන මාධ්‍ය ඉස්සරහ කිව්වෙ මේ විදිහට. ටිකක් දුරදිග ගිය මේ කතාව ගැන නලින් අපිත් එක්ක වැඩි විස්තර කිව්වෙ මේ විදිහට.
පහුගිය දවස්වල මාධ්‍යවල ලොකු ප්‍රචාරයක් ලැබුණ ඔබ කරපු කතාවකට?
ඇත්තටම මාධ්‍යවල ගියේ කලාකරුවන් වන අපිට මේ වෙලාවෙ වෙලා තියෙන දේ ගැන කරපු කතාවක වීඩියෝවක්. මේකට ආරම්භයක් වශයෙන් එතනදි අපි කළේ මංගල උත්සව සඳහා මීට වඩා වැඩි පිරිසකට සහභාගි වෙන්න අවස්ථාවක් දෙන්න ඉල්ලීම.
ඇයි ඔබ තනියම මේ වැඬේට අතගැහුවෙ?
මම තනියෙන් නෙමෙයි මේ වැඬේට මුලපිරුවෙ. මගෙත් එක්ක ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල නායකයන් පිරිසක් මේ සඳහා එකතු වුණා. සනිධප සංගීත කණ්ඩායමේ සංගීත්, සන්ෆලවර් සංගීත කණ්ඩායමේ නීල් වර්ණකුලසූරිය, රජිව් සෙබස්තියන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වුණා. නමුත් මෙතනදි අපි පෙනී හිටියෙ ලංකාවෙ සියලුම සංගීත කණ්ඩායම් වෙනුවෙන්.
මංගල උත්සවයක් කියන්නෙ විශාල පිරිසකගෙ දායකත්වයෙන් කරන වැඩක්. ඉතින් ඇයි මේ වැඬේට සංගීත කණ්ඩායම් විතරක් ඉස්සරහට ආවෙ?
ඇත්තටම මේ වැඬේට විවාහ උත්සව සඳහා දායකත්වය ලබාදෙන සියලුම පාර්ශ්වයන් අපිත් එක්ක එකතු වුණා. වෙඩින් ප්ලෑනස්ලා, මල් සැකසුම්කරුවන්, හෝටල්, වෙඩින් හෝල් නියෝජනය කරන පිරිස්, නර්තන කණ්ඩායම් ඒ සියලුදෙනාගේම දායකත්වයෙන් තමයි අපි මේ ඉල්ලීම කළේ.
හැම ක්ෂේත්‍රයක්ම වගේ අර්බුදයකට මුහුණපාල තියෙන වෙලාවක මෙහෙම ඉල්ලීමක් කරන එක සාධාරණයි කියල හිතනවද?
රට දිහා බැලුවහම අනෙක් හැම දෙයක්ම වගේ සාමාන්‍ය විදිහට සිද්ධවෙනව. පොදු ප්‍රවාහන සේවයේ මිනිස්සු ගමන් බිමන් යනව, ෂොපින් ගිහින් පොරකකා බඩු ගන්නව, අනෙත් හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙනව. මම කියන්නෙ ඊට වැඩිය හොඳට අපිට මේ වැඬේ කරන්න පුළුවන්. අනිත් එක තමයි මෙතන ලොකුම අර්බුදයකට මුහුණදීල තියෙන්නෙ අපි. අපිට උදව් කරන්න කවුරුත් එන්නෙ නැහැ. මේ වෙද්දි අපිට ගොඩක් දේවල් නැතිවෙලා තියෙන්නෙ. ඒ දේවල් ගැන කතා කරල වැඩක් නෑ. දෙසැම්බර් මාසෙ කියන්නෙ අපි ඉතාමත්ම කාර්යබහුල මාසයක්. නමුත් මේ වෙද්දි අපිට වැලේ වැල් නැතිවෙලා තියෙන්නෙ. ඒ හින්දයි මෙහෙම ඉල්ලීමක් කරන්න තීරණය කළේ.
මෙතනදි ප්‍රසංග සඳහා අවස්ථාවක් ලබාදෙන්න කියල ඉල්ලීමක් කළාද?
නෑ. අපි මූලිකවම මේ ඉල්ලීම කළේ මංගල උත්සව සඳහා අවස්ථාවක් දෙන්න කියල. මොකද රටේ තියෙන තත්ත්වය මුලින්ම අපි තේරුම් ගන්න ඕනෙ. මේ වෙලාවෙ අවම වශයෙන් සෞඛ්‍ය නිර්දේශ යටතේ කරන්න පුළුවන් දේට ඉඩදෙන්න කියන ඉල්ලීම තමයි අපි එතනදි කළේ. මේ තත්ත්වයත් එක්ක ප්‍රසංග පවත්වනව කියන එක ඉතාම අපහසු වැඩක්.
මංගල උත්සවයක් වගේ වැඩක් විශාල පිරිසක් එක්ක ඔය කියන සෞඛ්‍ය නිර්දේශ යටතේ කරන්න පුළුවන් කියල හිතනවද?
මෙච්චර දවස් වෙඩින් එකකට අවසර තිබ්බෙ 50 දෙනෙක්ට විතරයි. එතකොට එහෙම වෙඩින් එකක් කරද්දි කවුරුත් කැමැති නෑ බෑන්ඞ් එකකට වියදම් කරල බෑන්ඞ් එකක් ගහන්න, නැටුම් කණ්ඩායම් ගෙන්වන්න, ඩෙකරේෂන් කරන්න. ඉතින් හැම ක්ෂේත්‍රයක්ම කඩාවැටිල තිබුණෙ. අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නෙ ඒ සෞඛ්‍ය උපදෙස් පරිදි පුළුවන් උපරිමයෙන් වැඬේ කරන්න. මම කියන්නෙ නැහැ මේ අවසරය දුන්න ගමන් හැමෝම මේකට හැඩගැහෙයි කියල. ඒ තත්ත්වයට අපි පුරුදු වෙන්න මාසයක් දෙකක් යයි. උත්සවයට සහභාගි වෙන කෙනාගෙ ඉඳල හැම කෙනෙක්ගෙන්ම ලොකු සහයෝගයක් මේ සඳහා අවශ්‍ය වෙනව.
දේශපාලනමය වශයෙන් සහයෝගයක් මේ සඳහා බලාපොරොත්තු වුණේ නැද්ද?
දේශපාලනඥයන්ටත් ඕනෙ මේ රට නැවත තිබුණු තැනට ගන්න තමයි. නමුත් මේකෙදි වඩා වැදගත් වෙන්නෙ සෞඛ්‍යමය වශයෙන් ලබාදෙන නිර්දේශ. අපි ජනාධිපතිතුමාට ගිහිල්ල මේ ඉල්ලීම කළත්, එතුමට වැඩ කරන්න වෙන්නෙත් සෞඛ්‍ය අංශයෙ උපදෙස් මත. ඉතින් ඒ අයගෙ අනුමැතිය ගන්න තමයි අපි මෙතනදි උත්සාහ කරන්නෙ.
ඒ අවසරය ලැබෙයි කියල විශ්වාසයක් තියෙනවද?
අපිට දැන් ලැබිල තියෙන තොරතුරු අනුව ගොඩක් දුරට ලබන සතිය වෙද්දි ඒ අවසරය ලැබෙයි. ඉතින් මේ වෙලාවෙ අපි ස්තුතිවන්ත වෙන්න ඕනෙ ඒ සඳහා වැඩකටයුතු කළ සියලුම සෞඛ්‍ය අංශවලට.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

සැනසුම කොතැනද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

මංජුලගේ වාසනාවට ලැබුණු රෝස පැටික්කි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.