⬤ සංගීත් අයියා තමයි මට උදව් කළේ…
⬤ මට කාගෙන්වත් කැපිල්ලක් නැහැ…
වැව් බැඳි රාජ්‍යයේ තවත් තාරකාවියක් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වී සිටින බව අපට දැනගන්නට ලැබුණා. ඇය ප්‍රවීනා දිසානායකයි. අපට මේ දවස්වල හමුවන්නේ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘දීපිකා’ ලෙසටයි. ඉතින් ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ රඟන ඇය සමඟ කෙටි පිළිසඳරක යෙදුණේ මේ විදියටයි.
🔴 ‘නාඩගම්කාරයෝ’ සමඟ ගෙවන ජීවිතය ඔබට කොයි වගේද දැනුණේ?
‘නාඩගම්කාරයෝ’ මට වෙනස්ම අත්දැකීමක් වුණා. මොකද මම රඟපාන පළමු ටෙලිනාට්‍යය නිසා. මම හිතුවේ නැහැ මෙවැනි සුවිශේෂී නිර්මාණයකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. හරිම සුන්දර විදියට තමයි ‘නාඩගම්කාරයෝ’ සමඟ කාලය ගෙවෙන්නේ.
🔴 ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ ජනප්‍රිය නළුවෙක්ගේ හයියකින් කියන්නේ ඇත්තද?
කවුරු කොහොම කියනවාද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම මට මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට උදවු කළේ සංගීත් ප්‍රභූ අයියා. ඔහුගේ මඟ පෙන්වීම යටතේ තමයි මම ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘දීපිකා’ ලෙසට පත්වෙන්නේ.
🔴 අලුතෙන් එන අයට කැපිල්ල වැඩියි කියනවා මේ ක්‍ෂේත්‍රයේ ඔබට කොහොමද දැනුණේ?
මට එහෙම කාගෙන්වත් කැපිල්ලක් තිබුණේ නැහැ. ජනප්‍රිය ශිල්පීන් සමඟ මටත් එකට රඟපාන්න ලැබීම ලොකු භාග්‍යයක්. මගේ වැරැදි, අඩුපාඩු හදාගෙන ප්‍රවීණ ශිල්පීන්ගේ ගුරුහරුකම් ඇතිව සියලුම දෙනා සමඟ සහයෝගයෙන් වැඩ කළා.
🔴 වැව් බැඳි රාජ්‍යයෙන් කොළොම්තොට ආවේ නිළියක් වීමටද?
මගේ අධ්‍යාපනික කටයුතුවලට පහසු නිසා තමයි මම කොළමට ආවේ. මම කලාවට ගොඩාක් කැමැතියි. මගේ වැඩකටයුතු කරගෙන යන අතරතුර මගේ සිහිනය සැබෑ කරගන්නවා.
🔴 නිළියක් වීමට සිහින දකින ගොඩදෙනෙක් අභියෝගවලට බය නැහැ. ඔබේ පෙර සූදානම කොහොමද?
අභියෝග ජය ගැනීම ජයග්‍රාහණයක්. නමුත් එහෙමයි කියලා මගේ චරිතයට හානි වෙන විදියට වැඩකටයුතු කරන්න මම සූදානම් නැහැ.
🔴 පවුලේ එකම කෙල්ල නිළියක් වෙන්න යනවා කියලා කියද්දී ගෙදරින් දක්වපු ප්‍රතිචාර කොයි වගේද?
මගේ මවුපියන් මාව හොඳට තේරුම් අරගෙන තියෙන්නේ. ඔවුන් දෙදෙනාම මගේ හැකියාව ගැන හොඳට දන්නවා. ඒ වගේම මට උදවු කරනවා. ඒ නිසා මට මවුපියන්ගෙන් කිසිම විරුද්ධත්වයක් තිබුණේ නැහැ.
වසන්ත විතාරණගේ