සියලු රස සමඟින් නා නා විධි ඕපාදූප මවන බොහොමයක් සුපිරි තරු අතර ‘රිතික් රෝෂන්’ කදිම තරුවෙකි. කිසිදුම සාධාරණ හේතුවක් නොමැතිව රිතික් සුසෑන් ඛාන්ව හැර ගියේය. කුලෑටි කොල්ලෙකු වූ රිතික්ව ෆෝවර්ඞ් පොරක් කළේ සුසෑන්ය. පැහැදිලි ස්වරයක් නැති, ගොත ගසන කතා ශෛලිය නිසා පිරිස අතරට එන්නට අකැමැත්තක් දැක්වූ රිතික්ගේ බයාදු ගති නැතිකර දැමුවේ සුසෑන්ය.
එච්චරට සිය ජීවිතයට අත්වැල වූ සුසෑන්ව රිතික් ද්වේෂගත ලෙස අතහැර දැමුවේ කයිට්ස්හි රඟපෑ බාබරා මෝරි නිසාය.ස්ත්‍රී ලෝලියකු ලෙස හංවඩු ගැසුණු රිතික්, එයට පසු බාබරා මෝරිවද අතහැර දමා කන්ගනා රනාවුත් සමඟ හාද විය. බොහෝ විට රිතික් ගැන පෙළගැසුණු ඕපාදූප අතර වැඩිපුර ප්‍රසිද්ධ වූයේ එවැනි අසුන්දර කතාය.
කොයික කෙසේ වුවද, බොහොමයක් වූ හොඳ මිනිසුන්ගේ එක් නරකක් තියෙන්නා සේම, එවැනිම නරකම මිනිසුන්ගේද යම් හොඳ ගතිපැවතුම්ද වෙයි. නොහොබිනා ගති වැඩියෙන් ප්‍රකට කළ රිතික් රෝෂන්ටද එය එලෙසම විය.
නිතර නරක පුවත් මවන්නකු වූ හෙතෙම පසුගිය දිනයක හොඳ පුවතක් ඔස්සේ සමාජජාලා වෙබ් අඩවි තුළ වීරයකු වූයේ එනිසාය.
ඒ හොඳ පුවතෙහි වූයේ,
ඉන්දියාවේ රික්ෂෝ රියැදුරකුගේ 20 හැවිරිදි පුතකුට රිතික් විසින් කළ ඉන්දීය රුපියල් ලක්‍ෂ ගණනක පරිත්‍යාගය ගැනය.
20 හැවිරිදි තරුණ ගැටයා ‘කමල් සිං’ය.
මුද්‍රා නාට්‍ය නර්තන ශිල්පියකු වීමේ සිහිනය තුළ කුඩා කාලයේ ඉඳන්ම සිටි කමල් සිං දිස්ත්‍රික්ක මට්ටමේ තරග තුළින් නිතර ජයග්‍රහණයට පාත්‍ර වූ අයෙකි.
උපතින්ම ගෙන ආ දක්‍ෂ නර්තන හැකියාව තුළ මුද්‍රා නාට්‍ය ශිල්පියකු ලෙස ඉගෙනගන්නට කමල් සිං තුළ වූ සිහිනය ඔහුත් සමඟම වැඩුණේ අවුරුදු නවයේ පුංචි දරුවකු වයසේ සිටමය. කුඩා කාලයේ විවිධ තරග ඉසව් ජයග්‍රහණය කළ ‘කමල් සිං’ තමාට මාධ්‍ය හරහා කතා කිරීමේ වරම හිමිවූ හැම අවසථාවකම පවසා සිටියේ,
‘මගේ ලොකුම හීනය ලන්ඩනයට ගොස් උසස් මුද්‍රා නාට්‍ය පාසලකට ඇතුළු වී නර්තනය හැදෑරීමයි.’ නමුත් බොහෝ විට චිකාස් පුරිහී රික්සෝ පදවන්නකුගේ පුතකු වූ මට ‘එම සිහිනය’ සිහිනයක්ම වන බව නිසැකයි. හැබැයි මම ඒ හීනයෙන් කවදාවත් ඇස් අරින්නේද නැහැ,
මොකද..?
කොහෙක හෝ සිටින සුරදූතයකු පැමිණ මට ඒ සඳහා ‘තෑගි මුදලක්’ පරිත්‍යාග කරන බවද ඒ හීනයේම එක් කොටසකැයි මට වරින් වර හැඟෙන්නට ගෙන තිබෙනවා.
යන්නය.
ඉතා දිළිඳු පවුලක උපන් බිකාස් පුරි හී රික්ෂෝ රථ රියැදුරකුගේ පුතකු වූ කමල් එය පැවැසූ ආකාරය ඉතාම හැඟීම්බර විය. බලා සිටි කාගෙත් හිතට වැදුණු ඒ දසුනෙහි කමල් සිංගේ ඇස්වල දිලිසුණු කඳුළට හැමෝගෙම හිත් උණුවිය. සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ඔහුගේ කතාව පැතිර ගියේ ඒ නිසාය.
විවේකය තිබෙන මොහොතක ගොසිප් බලන සුපිරි නළු රිතික් රෝෂන් ද කමල් සිංගේ දුක්බර කඳුළු හීනය දැක සංතාපයට පත්වූයේය.
‘ඇත්තටම කමල් සිං ගැන කනගාටුයි.’
යනුවෙන් කමෙන්ට් එකක් පමණක් නොදමන්නට නොසිතූ ඔහු තම ලේකම්වරයා හමුවී කියා සිටියේ කමල් සිං ගැන නිවැරැදිම තොරතුරු තමාට ලබා දෙන ලෙසය.
කඩිනමින් එය ඉටු කෙරිණි.
බැංකු ගිණුමක්වත් නැති කමල් සිං වෙනුවෙන් ගිණුමක් විවෘත කළ රිතික් පිය – පුතු දෙපළ රහසිගතව හමුවී, ලන්ඩනයට ගොස් මුද්‍රා නාට්‍ය නර්තන කණ්ඩායමට බැඳී වසරක පුහුණුව ලබන්නට අවැසි ලක්‍ෂ ගණනක මුදල ඔවුනට පරිත්‍යාග කළේය.
එලෙසම මේ පිළිබඳව කිසිවකු හා නොකියන්නැයි යනුවෙන්ද සුහද අණක් නිකුත් කළේය.
එහෙත් අනේ.., කෙසේ හෝ සිං සුරදූතයකු පැමිණෙන තෙක් බලා සිටි ‘කමල් සිං’ කොලුවාට ඒ අඳුරු රහස සඟවාගෙන පැය ගණනක්වත් ඉන්නට නොහැකි විය.
‘සුරදූතයා සිතූ ලෙසම නොසිතූ තරම් ඉක්මනට තිළිණය රැගෙන චිකාස් පුරි හී රික්ෂෝ රථ රියැදුරාගේ පුතු හමුවට පැමිණියේය.
ඔහු කවුදැයි ඔබ දන්නවද?
ඔහු ඔබ හැමෝම දන්නා සුපිරි තරුව රිතික් රෝෂන්ය.
කමල් සිං සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි එලෙස සටහනක් තැබුවේය.
කමල් සිංගේ පුහුණු ගුරුවරයා වූ මාරියෝ ප්‍රනාන්දු අලගුවේරාද,
‘ස්තුතියි රිතික්, කෙනකුගේ සිහිනයක් සැබෑ කරලීම ආත්ම ගණනක හොඳ පිනකි.’
යනුවෙන් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සටහන් තැබුවේය.
ගණන්කර දක්වන්නට නොහැකි තරම් වූ කමෙන්ට්ස් ඒ වෙනුවෙන් ලැබුණේ ‘කමල් සිං’ කීවා ලෙසම රිතික්ව සුරදූතයකුගේ නාමය පටබඳිමිනි.
‘සුපිරි තරුව, ඔබට ස්තුතියි…’
‘ඉතින් මම මුද්‍රා නාට්‍ය නර්තනවේදියකු ලෙස ලොව ජයගැනීමට අවැසි පියවර තබන්නෙමි.
‘මගේ සිහිනය හඳුනාගත් ඔබ වෙනුවෙන් නිතර එක් ප්‍රාර්ථනයක් දෙවියන් හමුවේ තබන්නෙමි.’
‘ඒ…’
‘ඔබේ දරුවන් වෙනුවෙන් ඔබ දකිනා සොඳුරු හීන කිසිවිටෙක හීන පමණක්ම නොවේවා යන්නය.’
පසුගිය සැප්තැම්බර් 23 වැනිදාවේ කමල් සිං තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි එලෙසද සටහනක් තැබුවේය. දස දහස් ගණනක කමෙන්ට්ස් ඒ වෙනුවෙන් පළවී තිබුණද රිතික්ගේ කිසිදු ප්‍රතිචාර ඒ වෙනුවෙන් සටහන්ව තිබුණේ නැහැ.
එයට හේතුව වන්නේ,
ශුද්ධ වූ බයිබලයෙහි සඳහන්ව තියෙන පරිදි…
‘දකුණතින් දුන් යමක් වේද? එය වමතටද රහසක් කරන්නැ’යි.
‘ජේසු ස්වාමීන් වහන්සේ පැවැසූ න්‍යාය තුළ මේ සුපිරි තරුව ක්‍රියා කරන නිසාදැයි යන්න දන්නේ නැත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











