• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිළියක් කියන්නෙ තරුවක් නෙමෙයි

January 10, 2021
in Heart
Reading Time: 3 mins read
A A
නිළියක් කියන්නෙ තරුවක් නෙමෙයි
Share on WhatsAppShare on Facebook

⬤ වැඩක් නැති මාධ්‍යවලට කතා කරන්නෙ නැහැ…

⬤ ඒක මට තාම හරියට සෙට් වුණේ නැහැ…

⬤ මම මධ්‍යම පන්තියේ සරල කෙනෙක්…

සුරංගා රණවක සිනමාවට පැමිණියේ අහඹුවක් ලෙසින් ප්‍රවීණ නිර්මාණකරු චන්ද්‍රරත්නම්ගේ ඇසට ඇය හසුවීම තුළිණි. ඒ අහඹුව අතිසාර්ථක විය. විචාරක කතාබහටත්, ජනතා ප්‍රසාදයටත් ලක්වූ භාෂා පහකින් ඉන්දියාවේද තිරගත වූ චන්ද්‍රරත්නම්ගේ අනභිභවනීය නිර්මාණයක් වූ අලිමංකඩ චිත්‍රපටය වෙනුවෙන් එහි ප්‍රධාන චරිතය රඟපෑ සුරංගා රණවකට සම්මානද හිමිවිය. චිත්‍රපට නිළියක වීමට එතරම් උනන්දුවක් නොදැක්වුවද සුරංගා ‘අලිමංකඩ’ නිර්මාණය හමුවේ මැවූ අපූර්වතම රංගනය අතිවිශිෂ්ට වූ නිසා ඈ හමුවේ ඉතා හොඳ චිත්‍රපට කිහිපයක්ම පෙළගැසුණේ කඩිනමිණි. සුරංගා ගැන යමක් අකුරු කරන විට සටහන් කළ යුතු තවත් එක් සුවිශේෂී පුවතක් වන්නේ යුරෝපීය සිනමා පටයක රඟපෑම සඳහා ඈ ලද විරල අවස්ථාවය. පසුගිය වසරෙහි පෙබරවාරි මස 21 වැනිදා බි්‍රතාන්‍යයෙත්, ඇමෙරිකාවෙත් සිනමා ශාලා වෙත මුදාහරින ලද බි්‍රතාන්‍ය සහ ඇමෙරිකානු සම නිෂ්පාදනයක් වූ ‘ග්‍රීඞ්’ :ඨරුැා* චිත්‍රපටයෙහි රංගනය වෙනුවෙනි. එහි මවක ලෙස සුරංගා රඟන චරිතය මිනිත්තු කිහිපයකට සීමා වුවද ශ්‍රී ලාංකේය නවක නිළියකට ‘මයිකල් වින්ටර් බොටම්’ වැනි ජාත්‍යන්තර කීර්තියට පත් අධ්‍යක්ෂවරයකු නිර්මාණයකට දායක වීමට ලැබීම මහඟු වාසනාවක් විය. මාධ්‍ය හමුවේ තරුවක වන්නට උත්සාහ නොකරන අතිදක්ෂ චරිතාංග නිළියක ලෙස විචාරක කතාබහට ලක්වූ සුරංගා ‘හාට්’ සමඟ දොඩන්නට සිය හදවතෙහි දොර කවුළු විවර කළේ ඉතා සුහද සිතින්ය.

🔴 කොහොමද සුරංගා ඔබේ සුවදුක්?
වරදක් නැහැ. ජීවිතයට හරිම සතුටින් මුහුණදෙනවා.
🔴 කලා කටයුතුවලින් ඈත්වෙලා වාගෙද ඉන්නේ?
අපොයි නැහැ. කොරෝනා දෙවැනි රැල්ල එන්නට පළමුව මම අරුණ ජයවර්ධනගේ ‘හැපි බර්ත්ඬේ’ චිත්‍රපටයේ අවසාන රූගත කිරීම්වලට සහභාගි වුණා. නුදුරු දිනෙකදි එය තිරගත වේවි කියා හිතෙනවා.
🔴 කොහොමත් ඔබ මාධ්‍ය තුළින් මඳක් ඈත්ව සිටීමට උත්සාහ කරනවා නේද?
එහෙමමත් නැහැ. හැබැයි මම පලකට නැති දේ කියන්න කරන්න මාධ්‍ය භාවිතා කරන්නේ නැහැ. මාධ්‍ය හරහා කතා කරන්නට නම් එයට හේතුවන යමක් මා කළ යුතුයි. කලාකරුවන් ලෙස අප යම් නිර්මාණයකට දායක නොවන විට ප්‍රේක්ෂකයනට වාගෙම මාධ්‍යවලටද අපව අමතකව යනවා. මේ කලාවේ හැටි එහෙමයි. නිදසුනක් දෙනවා නම් අලිමංකඩ චිත්‍රපටයෙහි රඟපෑමෙන් පසු මට මගේ දුව ලැබුණා. එයට පසු බොfාහ් කාලයක් ගෙවුණේ ඈ සමඟයි. ඒ ගෙවුණු කාලය තුළ මාව බොහෝදෙනකුට අමතක වූ බවයි මට හැඟුණේ. එය අමුතු දෙයක් නෙමෙයි. රංගන කලාවේ ස්වභාවය එයයි. ඒ වගේම කතාකරන්නට යමක් නැති නම් මම මාධ්‍ය පසුපස ගොස් කතා කරන්නට අවස්ථාව ඉල්ලන්නේද නැහැ. යම් මාධ්‍යයක් විසින් මට ආරාධනය කළහොත් මම ඔවුන් හා කතාබහ කරනවා.
🔴 ඔබ රියැලිටි ෂෝ ප්‍රතික්ෂේප කරනවාද?
එහෙම ප්‍රතික්ෂේප කිරීමක් සිදුවන්නේ නැහැ. ආරාධනා කරනවා නම් ඒ ගැන සලකා බලනවා. මෙතැනදීද මම කියන්නේ කතා කරන්නට යමක් නැති නම් රියැලිටි ෂෝ එකකට ගිහිල්ලා වුණත් මම මොනවා කියන්නද?
🔴 ඔබ තරු විලාසිතාවට අකමැති රංගවේදිනියක්ද කියා අහනවා නම්?
මම තරුවක් කියා මම කවදාවත් හිතන්නේ නැහැ. අනික නිළියක් කියන්නේ ‘තරුවක්’ කියන එක නෙමෙයි. චරිතාංග නිළියක් කියන්නේ එක් අයෙක්. ඒ අය තමන්ට කරන්න පුළුවන් චරිතයකට ආරාධනා ලැබුණාම, ඒ චරිතයට අවශ්‍ය සාධාරණය කරනවා. එය එතැනින් ඉවරයි. ඉන් පසු ඔවුන් මහපොළොවේ පය ගහල ජීවත්වන සාමාන්‍ය සරල චරිත පමණයි. තරුවක් කියන්නේ ඊට එහා ගිය කෙනෙක්. ඒ අය පොළොවේ පය ගහලා ජීවත්වෙන චරිතවලට වඩා ටිකක් ඉහළින් සිටින අය. තරුවක් ලෙස තම නම තබා ගැනීමට ඔවුනටද ලොකු කැප කිරීමක් කරන්නට තියෙනවා. තමන්ගේ පෙනුම ගැන ඇඟපත ගැන අඳින පලඳින දේ ගැන, යන එන තැන් සහ කරන කියන දේ ගැන ඔවුන් පමණට වඩා සිතිය යුතුයි. අන්න ඒ සිතුවිල්ල තුළ ඒ අයට ඒ අයගේ තරු ස්වභාවය සමඟ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට අපහසුයි. ඇත්තෙන්ම ඒ කාරණය සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය මම මගේ ජීවිත රටාව තුළ අනුමත කරන්නේ නැහැ. මොකද මම බොහොම සරල කෙනෙක්. ඒ වගේම මට තියෙන්නේ මධ්‍යම පාන්තික පසුබිමක්. ඒ මධ්‍යම පාන්තික පසුබිම තුළ මම මගේ දුව සමඟ හරිම සරලව ජීවත් වෙනවා.
🔴 දුව වෙනුවෙන් කළ කැපකිරීම් තුළදී ඔබට සිනමාවේ යම් සුවිශේෂී අවස්ථා අහිමිව ගියාද?
සමහර විට වෙන්නට පුළුවන්. හැබැයි මට ඒ ගැන දුකක් නැහැ. යමක් අතහැරුණෙ එයට වඩා වටිනා යමක් තදින් අල්ලා ගන්නට ගිහින් නම් අර අත ඇරුණ දේ ගැන දුක්විය යුතු නැහැ. මං හිතන විදිහට මගේ දුව කියන්නේ මගේ ජීවිතයේ වටිනාම දේ. ඒ වටිනා බැඳීමට පළුද්දක් නොවෙන්න කලා ජීවිතය තුළ මට යමක් අතාරින්න වේ නම් දෙපාරක් නොසිතා මම එය කරනවා. ඉහත කීවා සේම තරුවක් නොවන සරල ජීවිතයකට මා ප්‍රවිෂ්ට වීමට පළමු හේතුව වූයේද මගේ ආදරණීය දුවයි. තරුවක් ලෙස කලාවට පිවිසෙන්නට මම සිතුවා නම් බොහෝ විට මගෙන් ඇයට ලැබෙන්නට තිබූ දේ තුළ හිස්තැන් ඇතිවීමට ඉඩ තිබුණා.
🔴 චන්ද්‍රරත්නම් ඔබව අලිමංකඩට තෝරා ගත්තේ ඔබ සරල බවට ප්‍රිය කළ ස්වරූපය නිසාද?
චන්ද්‍රරත්නම් කියන්නේ මම වැඩ කළ ෆිල්ම් ලොකේෂන් එකේ චෙයාමන්. අලිමංකඩට ඔහු මාව තෝරාගත්තේ කිසිදුම චිත්‍රපටයක ඊට පළමුව මා කළ රංගනයක්වත් නොදැකමයි. ‘ඔහුට මා ගැන දැනුණේ. මට මෙය කළ හැකිය යන අදහස හිතට ආවේ කෙහොමදැයි කියන්න මම අදටවත් දන්නේ නැහැ. අලිමංකඩ නිර්මාණය සඳහා චන්ද්‍රරත්නම් බොහෝ කල්යල් බැලුවා. චිත්‍රපටය ආරම්භ කිරීමට ඔහු ඇමෙරිකාවේ සිට පැමිණි පළමු දවසෙමයි ෆිල්ම් ලොකේෂන් එකේ කාර්යයෙහි යෙදී ඉන්න මාව දුටුවේ. නිළියක හෝ තරුවක විදියට එදා ඔහුට මාව පෙනුණේ නැහැ. සාමාන්‍ය කෙල්ලක ලෙස තමයි කමලා වේලයිගන්ගේ චරිතය වෙනුවෙන් මගේ පෙනුම සහ ස්වභාවය ඔහුගේ හිතට වැදුණේ. කපිතාන්ගේ චරිතයට අශාන් ඩයස්ව ඔහු තෝරාගත්තේද අහම්බයෙන් වාගේ. ඔය චරිත දෙකෙටම වෙනත් කලාකරුවන් තෝරා ගන්න සැලැසුමක් තිබුණා. නමුත් චන්ද්‍රරත්නම් කියන ප්‍රවීණ නිර්මාණකරුවාගේ ඇහැ නැවතුණේ මම සහ අශාන් ඩයස් ළඟයි. එය ඔහු ගත් අවදානමක්. ඇතැම් ප්‍රවීණයන්ද ඔහුට අදහස් දී තිබුණා. අලිමංකඩට නවකයන් තෝරා ගැනීම තරමක අවදානමක් කියා. නමුත් ඔහු එයින් සැලුණේ නැහැ. තම මෙහෙවර නිර්භයව දියත් කළා.
🔴 අනෝජා වීරසිංහ යටතේ වැඩමුළු සඳහා සහභාගි වීම, අලිමංකඩ රංගනය සඳහා ඔබට පන්නරයක් වුණා නේද?
සත්තකින්ම ඔව්. අනෝජා වීරසිංහ ගැන කතාබහ කරනකොට මම ඇයව නම්කරන්නේ ‘අනෝජා ටීචර්’ කියන ගරු නාමයෙන්. ඇත්තටම මගේ ගුරුවරිය ඇයයි. ඈ යටතේ මා ලද දැනුම ෆිල්ම් ඇකඩමියකින් ලබාගත් දැනුමට වඩා ඉහළයි. වැඩමුළුව තුළ ඉගෙනුම ලබන අවධියේම තමයි ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ට්‍රෝජන් කාන්තාවන්’ සඳහා ඈ විසින් මා ඔහු වෙත නියෝජනය කළේ. කලාකාරියක ලෙස වාගේම ඇයට මම පුද්ගලිකවද ඇලුම් කරනවා. ගරු කරනවා. ඇගේ සරල ජීවිත රටාව හරිම අපූරුයි. ඒ සරල බව හරහා ඈ දිනාගෙන තියෙන දේ කොයිතරම්ද? ඇත්තටම මම ඇයගෙන් මගේ රංගන ජීවිතයට වාගේම පුද්ගලික ජීවිතයටද බොහෝ දේ එකතු කරගත්තා. තවත් ඒ වාගේ ප්‍රවීණ දෙපළක් ගැන මෙහිදී ගෞරවනීයව සිහිකරන්නට කැමැතියි. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ සහ දිල්හානි අශෝකමාලා, දක්ෂ චරිතාංග නිළියන් වූ ඔවුන්ගේ පුද්ගලිකත්වය ඉතා සරලයි. උසස්ය කියා පාරට්ටුවට සිටින බොහෝදෙනකු වඩා අයිරාංගනී සේරසිංහ වැනි ප්‍රවීණත්වයට පත් සරල පිරිස තුළ අප වැන්නවුන්ට ගත හැකි දෑ බොහෝ තියෙනවා. දිල්හානිද එලෙසමයි. ඔවුන්ව ඇසුරු කිරීමෙන් මා ලබන පන්නරය අමිලයි.
🔴 රංගනය සඳහා ඔබ බාරගන්නේ ප්‍රධාන චරිත පමණද?
නැහැ. යමක් කළ හැකි නිර්මාණයක් වේ නම් ඇරයුම ලැබෙන චරිතයෙහි ලොකු කුඩා බව මම තකන්නේ නැහැ.
🔴 ඔබ වඩා ප්‍රිය රංගනයට වඩා තිර රචනය සහ අධ්‍යක්ෂණයට?
ඔව්. රංගනයට වඩා මම කැමැති ෆිල්ම් එකක බැක් ග්‍රවුන්ඞ් එකේ වැඩ කරන්න. කට්ට කාගෙන මම එය හරිම තෘප්තියෙන් කළා. චිත්‍රපටයක් නිමවන ආකාරය දිහා බලා ඉන්නකොට මට ආසා හිතුණු මුල්ම දේ වුණේ තිර පිටපතක් රචනය කිරීම සහ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමයි. හැබැයි තවම මට ඒ විෂය හරියටම සෙට් වුණේ නැහැ. දැන් දැන් ෆිල්ම් ඉන්ඩස්ටි්‍රයට වඩා ටෙලි කලාව සමීපයි වාගේ. ඒ නිසා සමහර විට ඉදිරියේදී මම අතගහන නිර්මාණය ටීවී වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා.
🔴 චිත්‍රපට කලාව ගැන යම් කලකිරීමක් ඔබ තුළ තියෙනවද?
අයියෝ නැහැ. අනික ඇයි මම චිත්‍රපට කලාව ගැන කලකිරෙන්නේ. චන්ද්‍රරත්නම් වැනි උසස් නිර්මාණකරුවකු හරහා මා ගත් ආරම්භය සාර්ථකයි. තරුවක් නූනට චරිතාංග නිළියක ලෙස ‘සුළඟ අප රැගෙන යාවි’ වැනි නිර්මාණ හරහා මම ප්‍රේක්ෂකයනට දැනෙන යමක් කළා. ලැබෙන සුළු චරිතය පවා මම කළේ ලොකු ආත්ම විශ්වාසයකින්. ඒ විශ්වාසය මා සාර්ථක කළා. තවදුරටත් මම හොඳ චරිතයකට ආරාධනා ලැබුණහොත් එය බාරගෙන සුපුරුදු විශ්වාසය තුළ මා සතු සාර්ථකත්වය ගොඩනඟා ගන්නවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනපති ආණ්ඩු පක්ෂ රැස්වීමට ආවේ නැත්තේ ඇයි: සජිත්ගේ පක්ෂය ඇතුළෙත් ප්‍රශ්නයක් (රාජ්‍ය රහස්)

Next Post

ඩිම්පල් නැන්දා ඔබට සුබපතමි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.