• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දෝනිගේ චිත්‍රපටයේ රඟපාපු නළුවො දෙන්නම එකම විදියට සියදිවි නසාගනී

February 21, 2021
in Heart
Reading Time: 2 mins read
A A
දෝනිගේ චිත්‍රපටයේ රඟපාපු නළුවො දෙන්නම එකම විදියට සියදිවි නසාගනී
Share on WhatsAppShare on Facebook

⬤ ඉන්දියාවම කැලඹූ මේ අබිරහස මොකක්ද…

‘එම්. එස්. දෝනි…’ සිනමා පටයෙහි රඟපෑ සන්දීප් නහාර් දිවිනසා ගනියි.
‘ඉන්දියා ටුඩේ’ ප්‍රමුඛ මුද්‍රිත සහ විiුත් මාධ්‍යවල පසුගිය 16 වැනි දින පළවූ උණුසුම්ම පුවත එය විය.
එම සිරස්තලය යටතේ ප්‍රකාශිත තොරතුරු අතර, සඳහන්ව තිබුණේ, සන්දීප් නහාර් දිවිනසා ගැනීමට පළමුව සමාජජාලා මාධ්‍යයක කෙටි සටහනක් තැබූ බවකි.
එහි සඳහන්ව තිබුණේ මෙලෙසය,
‘දැඩි සේ මම මානසික පීඩාවට පත්ව සිටින්නෙමි. ගැලවීම සොයා ගතහැකි සියලුම මාර්ගයන් වැසී ඇත…
හොඳම විසඳුම වන්නේ කිසිවක්ම නොදැනෙන, නොවැටහෙන සුවදායී මරණයයි.
එනිසා මම මරණයෙහි සුව සොයා යන්නෙමි.
අවධාරණයෙන් පවසා සිටින්නෙමි.., පෞද්ගලික ගැටළු මත දිවිනසා ගැනීමට මා ගත් මේ හදිසි තීරණයට මගේ පවුලේ අය හෝ වෙනත් කිසිවකු වගකිව යුතු නැත.’
සන්දීප් නහාර් එයට අමතරව ඉහත අදහස මඳක් කෙටියෙන් ඇතුළත්ව තිබෙන වීඩියෝවක්ද දිවිනසා ගැනීමට විනාඩි කිහිපයකට පළමුව සන්දීප් නහාර් විසින් මුහුණුපොතට මුදාහැර ඇත.
ඇත්තටම සිදුව ඇත්තේ සියදිවි නසා ගැනීමක්ද?
මුම්බායි පොලිසිය දැනටත් ඒ පිළිබඳව විමර්ශන දියත්කර ඇත.
සන්දීප් නහාර් සුපිරි තරුවක් නොවූවද, උතුරු ඉන්දීය සිනමාවේ ප්‍රකට චරිත සමූහයකට එක්ව සිටි දක්‍ෂ නළුවෙකි. ප්‍රියමනාප පෙනුම, සිත්කළු සිනහව ඔහුට ගෙන දුන්නේ දැකුම්කළු ස්වභාවයකි. අද්විතීය ක්‍රිකට් ක්‍රීඩකයකු වන මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ ‘එම්. එස්. දෝනි’ හෙවත් ‘The untold story’ චිත්‍රපටය සඳහා සන්දීප්ද ප්‍රධාන චරිතයකින් දායක විය. එයට අමතරව ‘ශුක්‍රාණු’ සහ කේසාරි’ යන චිත්‍රපටවලද රංගනයෙන් සිය රංග කුසලතාව මනාව ඔප්නැංවූ මේ සොඳුරු තරුණ නළුවා මුම්බායි හී ඔෂිවරා පෙදෙසෙහි නිවාස සංකීර්ණයක පදිංචිව සිටි විවාහකයකු විය.
සන්දීප් සියදිවි හානිකර ගත්තේ නිදිපෙති බීලද.
නැහැ… ඔහුගේ සිරුර ඔහුගේම නිදන කාමරයෙහි විදුලි පංකාවෙහි එල්ලී තිබෙනු දැක පළමුව විලාප දී තිබුණේ ඔහුගේ තරුණ බිරිය වූ කන්වාන් අර්මාය.
දෙවියනේ… සන්දීප් දිවිනසා ගත්තෙත් විදුලිපංකාවේ එල්ලිලා බෙල්ලට ගැටයක් දාගෙනද?
ඔව්… ඇයි ඉතින් විදුලිපංකාවේ එල්ලිලා බෙල්ලට ගැටයක් දාගෙන දිවිනසා ගන්න අය මේ ලෝකේ කොයි තරම්ද..? ඒක මහ ලොකු පුදුමයක්යැ..,
පුදුමයක් නෙවේය. සන්දීප් නහාර් විදුලිපංකාවේ එල්ලිලා දිවිනසා ගත් සිදුවීමෙහි යම් ගුප්ත බවක් වේ.
ඇයි එහෙම කියන්නෙ, මොකක්ද ඒ කතාව..,
ඇයි, මතක නැද්ද.., මීට මාස ගණනකට උඩදී හරියටම කියනවා නම් 2020 ජුනි 14 වැනිදා සුපිරි ඉන්දීය තරුවක වූ සුෂාන්ත් රාජ්පුත් සිං දිවිනසා ගත්තේද විදුලිපංකාවේ එල්ලිලා නේද..?
ඔව් ඉතින්… මොකක්ද සන්දීප්ගේ මරණයට සුෂාන්ත්ගේ දිවිනසා ගැනීමත් එක්ක තියෙන සම්බන්ධය…?
ටිකක් නැවතිල්ලේ හිතලා බලන්න.., ඒ සිදුවීම් දෙක අතර අමුතු ගුප්ත බවක් නැතිද කියලා..,
සුෂාන්ත් රඟපෑ අවසන් චිත්‍රපටය ‘එම්. එස්. දෝනි.’ ඔහු සියදිවි නසාගත්තේද විදුලිපංකාවේ එල්ලිලාය.
සන්දීප් නයාර් රංගනයෙන් දායක වූ අවසාන චිත්‍රපටයත් ‘එම්. එස්. දෝනි’ය. ඔහු සිය දිවිනසා ගත්තේද විදුලිපංකාවේ එල්ලිලාය.
ඇත්ත තමයි.., හිතල බලන විට එතැන මොකක්දෝ අමුත්තක් හෝ ගුප්ත බවක් වේ.
ඒ කියන්නේ ‘එම්. එස්. දෝනි’ චිත්‍රපටය නිසා මේ තරුණ නළුවන්ගේ ජීවිතවලට යම් අසුබවාදී නියමයක් එකතු වුණාද?
එය කියන්නට බැරි නැත..,
කලකට ඉහත හොලිවුඩයේ කිතුණු බැතිමතුන්ගේ ගුරු දේවයන් සහ ස්වාමීන් වූ ජේසුස්වාමි දරුවන්ගේ චරිතය රඟපෑ යුරෝපීය තරුණ නළුවන් අකල් මරණවලට ගොදුරු වූ බවට තොරතුරු අනාවරණය විය. ශ්‍රී ලාංකේය වශයෙන් ගත් කළ ‘නාසරතයේ ජේසු’ හී රඟපෑ විජය කුමාරණතුංගද සාහසික වෙඩි පහරකට ලක්විය. මතක විදියට නම් ජේසු නසරේණුට රඟපෑ රංගවේදීන් අතර, තවම ජීවත් වන්නේ ප්‍රකට බොලිවුඩ් නළු ‘මෙල් ගිබ්සන්’ පමණය.
යම් මිථ්‍යාවන් එලෙස සාක්‍ෂි සහිතව සනාථ වන කළ සුෂාන්ත් රාජ්පුත් සිං සහ සන්දීප් නහාර්ගේ දිවිනසා ගැනීම් තුළ තිබෙන යම් සමානකම්ද එක අතකට මිථ්‍යා මතවලට අනුව ගුප්ත ස්වරූපයක් ගන්නා බව නොකියා බැරිය.
‘එම්. එස්. දෝනි’ චිත්‍රපටය යම් අවාසනාවන්ත අසුබවාදී දෑ තව ඉදිරියටත් ප්‍රකට කරන්නට ඉඩ තියෙනු ඇතිද?
කවුද දන්නේ.., පෙරනිමිති කියන්නට බැරිය. මිථ්‍යාවන් හිස මුදුණෙන් පිළිනොගත්තද එවැනි දෑ සුළුකොට තකන්නටද බැරිය.
එනිසා.., ‘එම්. එස්. දෝනි’ චිත්‍රපටයෙහි ප්‍රධානම චරිත රඟපෑ සන්දීප් සහ සුෂාන්ත්ගේ එක සමානකම් ප්‍රකට කරන අසුබවාදී දිවිනසා ගැනීමද එක අතකට මිථ්‍යා මත සනාථ කරන්නක් වන්නට බැරි නැත.
එහි අදහස, ‘එම්. එස්. දෝනි’ සිනමාපටය අසාර්ථක සිදුවීම්වලට මුල පුරන බවක්ද?
තීන්දුව සනාථ කළ යුත්තේ උඩ ඉන්නා දෙවියන්ය.
එකක් කිව හැකිය. ඉන්දියාවට ජාතික වස්තුවක් වූ ක්‍රිකට් තරුවකගේ සත්‍ය කතාවක් වූ ‘එම්. එස්. දෝනි’ චිත්‍රපටය තිරගත වන්නටත් පළමුව ප්‍රධාන නළුවන් දෙදෙන සියදිවි නසාගෙන ඇත..’
චිත්‍රපටය ඔය කී හේතුව නිසා අතිශය ජනප්‍රියත්වයට පත්විය හැකි ඉඩකඩ ඇතුවා සේම කෝටි ගණනක පාඩු පිට පාඩු ලබන ඉඩකඩද තිබෙන්නට බැරිය.
එම කාරණයද මිථ්‍යාව සමඟ බැඳී පවතිනු ඇතැයි සිතන්නට පුළුවන් සංසිද්ධීන් දැනටමත් සිදුවී හමාරය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගොඩගන්න බැරි තරමට සිනමාව ඇදවැටිලා

Next Post

පාස්කු බෝම්බ පත්තු කරන්න සහරාන් මෙහෙයවූ කව්ද මේ ‘අබූ හීන්’ EXCLUSIVE

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.