• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දමයන්ති ෆොන්සේකාගෙන් අලුත්ම වැඩක්

January 10, 2020
in Heart
Reading Time: 1 min read
A A
දමයන්ති ෆොන්සේකාගෙන් අලුත්ම වැඩක්
Share on WhatsAppShare on Facebook

දොළොස්මහේ පහන නොනිමී දැල්වෙන පහනක්. ඉතින් නොනිමී දැල්වෙන තරු අතර දැල්වෙන සුවිශේෂී තාරකාවියක් රිදී තිරයට පැමිණියේ දොළොස්මහේ පහන හරහා. ඇය දමයන්ති ෆොන්සේකා. හෙළ සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකාගේ ආදරණීය නැඟණිය වීමත් ඇයගේ විශේෂත්වයක්.
‘ගාඩි’ චිත්‍රපටය හරහා නුදුරු දිනයකදී රිදී තිරයේ කුමාරිහාමි කෙනෙක් බවට පත්වෙනවා. මෙයින් ඔබේ සිනමා රංග චාරිකාව වෙනස්ම මාවතකට පියමනිනවා නේද?
මම ටෙලිනාට්‍යවල විවිධ චරිත රඟපෑවා. එකිනෙකට වෙනස් චරිත තමයි මට නිරූපණය කරන්න ලැබුණේ. සිනමා රංග චාරිකාවෙන් මා නිරූපණය කළ චරිත අතර ‘ගාඩි’ චිත්‍රපටයේ මට ලැබුණ චරිතය සුවිශේෂී. එවැනි කුමාරිහාමි චරිතයක් මම නිරූපණය කරලා තිබුණේ නැහැ. ඒ නිසා ‘ගාඩි’ චිත්‍රපටය මට විශේෂ ලෙස සඳහන් කරන්න පුළුවන්. එපමණක් නෙවෙයි එහි තවත් විශේෂත්වයක් තිබෙනවා.
ඒ තමයි මම දායක වුණ නිර්මාණ අතර අයිරාංගනී සේරසිංහ විවිධ චරිත රඟපෑවා. ඒත් කවදාවත් එතුමිය සමඟ මට එකට රඟපාන්න ලැබුණේ නැහැ. ‘ගාඩි’ චිත්‍රපටයේ ඇය මගේ අම්මාට තමයි රඟපාන්නේ. ඉතින් මේ ලැබුණ සුවිශේෂී චරිතය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ඔබ කලා නිර්මාණවල විවිධ ඉසව් හරහා ඔබේ කැපකිරීම් නිරන්තරයෙන් ලබාදෙන බව අප දන්න කරුණක්. එහෙත් ‘ගාඩි’ චිත්‍රපටයේ රංග කාර්යයට ශිල්පීන් සම්බන්ධීකාරක ලෙස ඔබ කටයුතු කළා නේද?
චරිතයට ගැළපෙන ශිල්පීන් සෙවීම ලේසි නැහැ. ගැමි චරිතයකට වෙස්ටන් පෙනුම තිබෙන ශිල්පිනියක් යෙදවීමෙන් ඒ චරිතයේ තිබෙන ජීව ගතිය ඉස්මතු කර ගැනීමට අපහසුයි. ‘ගාඩි’ චිත්‍රපටය ඓතිහාසික සිනමා නිර්මාණයක්. අපට මෙම චිත්‍රපටයේ රඟපෑම සඳහා කොණ්ඩා, රැවුල් වවපු ශිල්පීන් සෑහෙන පිරිසක් උවමනා කර තිබුණා. මොකද සාමාන්‍ය කෙනකුට විග් දමලා චරිතයක් පෙන්නුම් කරනවාට වඩා අපට උවමනා කළේ ස්වභාවික පෙනුමත් එක්ක කොණ්ඩා, රැවුල් වැඩුණ ශිල්පීන්. ඉතින් අපගේ උත්සාහය අපතේ ගියේ නැහැ. අපට ඒ සඳහා ශිල්පීන් තුන් හාරසීයක් හොයාගන්න පුළුවන් වුණා. මම ‘ගාඩි’ චිත්‍රපටයට කලින් ‘මචං’ චිත්‍රපටයෙත් ශිල්පීන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කළා. ශිල්පීන් තේරීමේදී සමහර අවස්ථාවල මගේ හිතවත් ශිල්පීන් පවා අමනාප වුණා ඔවුන් සම්බන්ධ කරගත්තෙ නැති නිසා. ශිල්පීන් සම්බන්ධ කරලා විතරක් මදි රූපගත කිරීම් අවසන් වනතුරු ඔවුන්ට රැකවරණ ආරක්ෂාව දීමත් වගකීමක් අපේ.
කලා ක්ෂේත්‍රයේ ගොඩදෙනෙක්ගේ එකම සිහිනය අවසානයේ නිර්මාණවේදිනියක් වීමයි. ඔබෙත් ඒ සිහිනය ‘ඉරගල නැකැත’ හරහා සැබෑවුණා?
නිර්මාණයක් කරනවා කියලා එහෙම ආවට ගියාට හැමෝටම කරන්න බැහැ. මම අධ්‍යක්ෂවරියක් වුණේ එක රැයකින් නෙමේ. පියවරින් පියවර මම එකතු කරගත්ත දැනුම් සම්භාරයේ අවසානයේ ‘ඉරගල නැකැත’ ටෙලිනාට්‍ය හරහා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියක් වුණා. මම එයට පෙර ‘ගාස්තුව කීයද’, ‘පරණ පිනක්’ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කර වේදිකා ගතකළා.
‘ඉරගල නැකැත’ ටෙලිනාට්‍යයට ඔබ ඔබේ සහෝදරිය සිනමාවේ නිළි රැජිනිය මාලනී ෆොන්සේකා සම්බන්ධ කරගත්තේ ලේ බැඳීමටද?
මම එහෙම හිතවත්කමට චරිතය දුන්නේ නැහැ. මේ චරිතයට සුදුසුම කෙනා ඇයයි. ඇය නිර්මාණය කළේ අන්ධ වැන්දඹු අම්මා කෙනෙක්ගේ චරිතයක්. ඇයත් මෙයට පෙර මෙවැනි චරිතයක් කර නැහැ. මම දන්නා තරමින්. ඇයගේ චරිතයට මම හිතුවාටත් වඩා උපරිම සහායක් ලබාදුන්නා. ඒ ගැන මම අධ්‍යක්ෂවරියක් විදියට සතුටු වෙනවා.
එවැනි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් චරිතයට අවශ්‍ය විදියට සැකසීම බැරෑරුම් කර්තව්‍යයක් වන්නට ඇති නේද ඔබට?
ඇයව සම්බන්ධ කරගෙන නිර්මාණ කළේ මම විතරක් නෙමේනේ. ඇය මගේ සහෝදරිය වුණත් ඇයට කියලා මම විශේෂත්වයක් දුන්නේ නැහැ. අන්ධ වැන්දඹු අම්මා කෙනෙක් හැසිරෙන්නෙ කොහොමද කියන එක, ඒ තත්ත්වයට මුහුණපාන්නේ කොහොමද කියලා ඇයට විග්‍රහ කළා. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයව අමුතුවෙන් හැසිරවීමක් අවශ්‍ය වූයේ නැහැ.
‘ඉරගල නැකැත’ ටෙලි පිටපත සැකසීම සූක්ෂ්ම ලෙස සකසපු නිර්මාණයක් නේද?
ඇත්තටම එය ගැන කිව යුතුමයි. අද ටෙලිනාට්‍යවල අපි රූපගත කිරීම්වලට ගියත් එවෙලේ ලියලා තමයි අපිට පිටපත් ලැබෙන්නේ. මේ වෙනස නැති කරන්න මට වුවමනා කළා. මුල සිට අවසානය දක්වා අවසන් කරලා තමයි ශිල්පීන්ට පිටපත් ලබාදුන්නේ. මොකද එහෙම දුන්නාම නිර්මාණයක සාර්ථකභාවය, ගුණාත්මකභාවය වගේම කාලය ඉතුරු කරගෙන සාර්ථක නිර්මාණයක් දැකබලා ගන්න පුළුවන්.
ඔබේ තිබෙන කාර්යබහුලත්වයත් එක්ක ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට ‘ඉරගල නැකැත’ කවදා වගේ රසවිඳිය හැකිද?
2020 වසරේ අනිවාර්යයෙන් පුළුවන්.
මේ ලැබුවාවූ නව වසරේ ඔබ සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු කිරීමට සූදානම් වන බව දැනගන්නට ලැබුණා?
මම මේ ක්ෂේත්‍රය මගේ දරු පරපුරක් බිහි කරලා ඉවරයි. ඔවුන් අද විවිධ පැතිකඩවල ඔවුන්ගේ දක්ෂතා පෙන්වනවා. එය මට ආඩම්බරයක්. ඉතින් මගේ ලොකු ආසාවක් තියෙනවා මගේ මේ දරු පරපුර එකතු කරගෙන කෙටි නාට්‍ය උළෙලක් පැවැත්වීමට. ඔවුන් එකතු කරගන්න අපහසුයි. ඔවුන්ගේ ඒ තිබෙන කාර්යබහුලත්වය මත. ඒත් ඒ කටයුත්ත මම කොහොම හරි කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඉර හඳට වැහෙද්දි මතක් වුණු 1955 වදකහ සුදිය

Next Post

රන්ජන්ගෙන් මහින්ද ‌බේරිලා තියෙන්නේ අනූනවයෙන්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.