රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාදවලින් මහින්ද රාජපක්ෂ මහතා ගැලවී ඇත්තේ අනූනවයෙන් බව දැනගන්නට ඇත.
ඊයේ (09) දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පුවත්පත් කර්තෘවරුන් සමග පැවැති සාකච්ජාවේදී කර්තෘවරුන් මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් විමසා සිටි අතර එහිදී ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා පවසා තිබුණේ තමන් උපන්දිනයට සුබපැතීමට පමණක් රන්ජන්ට දුරකතන ඇමැතුම් ලබා දී ඇති බවකි.
ඒ හැරුණු විට රන්ජන් සමග තමන් දුරකතනයෙන් කතා කොට නොමැති බව කී මහින්ද රාජපක්ෂ මහතා ඒ නිසා තමන්ට හඩපටි ගැන ගැටලුවක් නැති බවද කියා සිටියේය.










