මල් පෙති, මුළු ලොවක්, ආදර හීන, මං රහසක් කියන්නම් ඇතුළු ගීත කිහිපයක් ඔබට තිළිණ කළ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස්. ඉතින් ඇය නැවතත් අලුත් ගීතයක් නිර්මාණය කරලා.
මේ, ඒ ගැන ඇය අපට කියපු රහස.
ඇස් ගාව නතරවුණු නෙහාරා ඉතින් කොහොමද?
මම සතුටින් නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.
ඇත්තටම නෙහාරා ඔබ ‘ඇස් ගාව’ ගීතයෙන් සමාජගත කිරීමට අදහස් කළේ කුමක්ද?
එහෙම විශේෂ දෙයක් කියන්න මම අදහස් කළේ නැහැ. මට ඕනෙ කළේ ආදර ගීතයක් කියන්න. ඉතින් මට ගැළපෙන විදියට මනුරංග විජේසේකර ‘ඇස් ගාව’ ගීතයෙ පද රචනා කළා. එයට ගැළපෙන විදියට රැන්ඩි පෙරේරා සංගීත රටාවන් මුසුකළා.
ඔබ ලංකාවට ඇවිත් කාලයක් ගෙවුණත් නිර්මාණ කිහිපයකට පමණයි තවම දායක වුණේ?
ඇත්තටම ඔව්. මට ආරාධනා කළා. එහෙම ලැබෙන හැම නිර්මාණයක්ම මම භාරගත්තේ නැහැ. කතාබහට ලක්වෙන හොඳ චරිතයක් ලැබෙන තුරු මම බලාගෙන හිටියා. ඉතින් ඔය කාලය අතරතුර තමයි ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන ‘හේලි’ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණේ. එය හරිම ආශාවෙන් මම රඟපාපු චරිතයක්. ළඟදීම මගේ ඒ වෙනස දැකබලා ගන්න පුළුවන් වේවි.
බොහෝ දෙනෙක් බලාගෙන හිටියා නැවත නෙහාරා – මේනක යුගයක් එයි කියලා. තවම එයට අවස්ථාව ලැබුණේ නැද්ද?
අපි දෙන්නාගේ ලොකු ආශාවක් තිබුණා සිනමාවට එන්න. ඉතින් ටෙලිනාට්‍යවලින් ඇරඹුණු අපේ යුගය මමත් මේනකත් සිනමාවට ගෙනාවා. ඒ ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන ‘අපිට සැදුණ අපේ ලෝකය’ ළමා චිත්‍රපටය හරහා.
අපි ඔබව මේ දවස්වල සුපර් මම් රියැලිටි වැඩසටහන හරහා දකිනවා. ඉතින් ඒ වැඩසටහන පිළිබඳ යමක් සඳහන් කළොත්?
ඇත්තමට මම හරිම ආශාවෙන් සම්බන්ධ වුණු වැඩසටහනක් එය. විනිශ්චය මණ්ඩලයේ කටයුතු කිරීමට ආරාධනාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. හරිම විනෝදයි. ගෘහණියක් කියන්නේ ගෙදරක හරිම කාර්යබහුල චරිතයක්. ඔවුන් දරුවන් බලාගෙන පවුලේ වැඩකටයුතු කරගෙන ජීවත්වෙන කාලවකවානුවක ඔවුන්ගේ දක්ෂතාවන් යටපත් වෙලා යනවා. ඒවා ලෝකයාට පෙන්වන්න අවස්ථාව අඩුයි.
ඉතින් අම්මා කෙනෙක් කියන්නේ උතුම් චරිතයක්. පවුලේ බරත් කරට ගෙන මෙවැනි අභියෝගාත්මක තරගවලට මුහුණ දෙන එක මට හිතාගන්නවත් බැහැ.
නෙහාරා පීරිස් පුංචි තිරයේ විවිධ චරිත මවනවා. ඒත් ඔබ සැබෑ ජීවිතයේදී මොන වගේ කෙනෙක්ද?
මම හරිම මිත්‍රශීලී, නිහතමානී කෙනෙක්.
වසන්ත විතාරණගේ