පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සීහි නවතම ප්‍රාදේශීය කාර්යාලය ඔක්තෝබර් 9 වැනිදා යාපනයේදී විවෘත කෙරිණි. යාපනය මහ නගර සභාවේ නගරාධිපති, මහජන බැංකූවේ හිටපු සහකාර සාමාන්‍යාධිකාරි ආනන්දරාජා මහතා, මහජන බැංකූවේ යාපනය ප්‍රාදේශීය කළමනාකරු, යාපනය පීපල්ස් ලීසිං කළමනාකරු සමඟ පීපල්ස් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරි දීපාල් අබේසේකර මහතා ඇතුළු පිරිසක් අවස්ථාවට සහභාගි වූහ.
නො 12, දෙවැනි මහල, ස්ටැන්ලි පාර, යාපනය යන ස්ථානයෙහි පිහිටි නව ප්‍රාදේශීය කාර්යාලය හරහා ප්‍රදේශයේ ඕනෑම කෙනකුට තම රක්ෂණ සේවා අවශ්‍යතා ඉතාම වගකීමෙන් හා විශ්වාසයෙන් යුතුව ලබාගැනීමේ හැකියාව පවතී.
මීට අමතරව පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ නිලධාරීන් ඔක්තෝබර් 8 වැනි අඟහරුවාදා දවස පුරා “ පීපල්ස් ඉන්ෂුවරන්ස් නගරයෙන් නගරයට” (People’s Insurance Town to Town) ප්‍රවර්ධන වැඩසටහන යාපනය නගරයේ කඩ සාප්පු සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
මෝටර් රථ, දේපළ, සංචාරක සහ මුහුදු රක්ෂණ ඇතුළුව පුද්ගලයන්ට සහ ආයතනවලට පීපල්ස් ඉන්ෂුවරන්ස් පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සේවාවන් ලබාදෙයි. පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී දිවයින පුරා සිය ප්‍රාදේශීය කාර්යාල ජාලයක් පවත්වාගෙන යන අතර පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලය ඔස්සේ කවුළු කාර්යාල 100කට අධික සංඛ්‍යාවක් ද පවත්වාගෙන යයි. මහජන බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල හා සම්බන්ධිතවද එහි කටයුතු පවත්වාගෙන යනු ලබයි.