• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තිරයේ එක් නොවූ දිලිප් – ආශා, ගාමිණී – සුමනා

March 8, 2020
in Heart
Reading Time: 1 min read
A A
තිරයේ එක් නොවූ දිලිප් – ආශා,  ගාමිණී – සුමනා
Share on WhatsAppShare on Facebook

හින්දි සිනමාවේ එදා මෙදා තුර බිහි වූ වඩාත් ශ්‍රේෂ්ඨතම රංගන ශිල්පියා ලෙස සැලකෙන්නේ දිලීප් කුමාර්ය. ඒ හැරුණු විට අමිතාබ් බච්චන් හා ෂාරුක් ඛාන් දෙදෙනාද යුගයන් වර්ණවත් කළ ශිල්පීන් දෙදෙනකු ලෙස සැලකෙයි. වරක් එරට සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ මුල් කවරය සැරැසී තිබුණේ දිලීප් කුමාර්, අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, යන යුග තුනක අංක එකේ නළුවන් තිදෙනාගේ ඡායාරූපයකිනි. ෂාරුක් ඛාන් මෙම අවස්ථාව හැඳින්වූයේ මෙය තමා හට සුවිශේෂී අවස්ථාවක් ලෙසය. මේ වන විට වයස අනුවද ඉක්මවා සිටින දිලිප් කුමාර් 1944 සිට හින්දි සිනමාවේ කැපී පෙනුණු අතර, ඔහු අවසන් වරට චිත්‍රපටයක් සඳහා පෙනී සිටියේ 1998 වසරේය. ඔහු එදා රඟපෑ චිත්‍රපට අතරින් ආන්, අන්දාස්, දෙව්දාස්, මධුමති යන චිත්‍රපට කැපී පෙනුණු චිත්‍රපට කිහිපයකි. එදා මෙදා තුර බොලිවුඞ් සිනමාවේ ප්‍රධාන චරිත රඟපෑ නිළියන් වන නර්ගිස්, මධුබාලා, වෛජයන්තිමාලා, මිනාක්ෂි, වහිඩා රෙහෙමාන්, නුටාන්, කාමිණී කව්ශාල්, සයිරා භානු, පද්මිනි, මුම්ටාස්, හේමා මාලිනී, ලීනා චන්ද්‍රවාකර්, ශර්මිලා තාගෝර්, රාඛී වැනි නිළියන් රැසක් සමඟ තම සිනමා දිවියේ ඔහු ප්‍රධාන චරිත නිරූපණය කර තිබීමද මෙහිදී අමතක කළ නොහැකිය.

ඉහත නම් සඳහන් කළ නිළියන් අතරින් හැට හැත්තෑව දශකවල හින්දි සිනමාවේ ප්‍රධාන චරිත රඟපෑ නිළියන් අතර, අමතක නොවන නමකි ආශා පරේක්. මෙරට තිරගත වූ ආන් මිලෝ සජ්නා, කති පතන්, ලව් ඉන් ටෝකියෝ, ප්යාර් කා මෝසම් යන චිත්‍රපට ඇය ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපට අතර වෙයි. ආශා තම යුගයෙහි ප්‍රධාන නළුවන් වූ ශම්මි කපූර්, දේව් ආනන්ද්, රාජේන්ද්‍ර කුමාර්, ධර්මේන්ද්‍ර, ජෝයි මුකර්ජි, ජිතේන්ද්‍ර, රාජේශ් ඛන්නා, සුනිල් දත්, මනෝජ් කුමාර් වැනි නළුවන් සමඟ ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, අවස්ථා කිහිපයකම ෆිල්ම් ෆෙයාර් සම්මාන සඳහා නිර්දේශ වූ ඇය 1971 වසරේ කති පතන් චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළි චරිතය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මාන අත්කර ගැනීම කැපී පෙනුණු සිදුවීමකි. පසුගිය දිනෙක ‘හිට් ගර්ල්’ නමින් තම චරිතාපදානය එළිදැක්වූ ඇගේ සිනමා දිවියේ එක්තරා අඩුවක් වශයෙන් සැලකෙනුයේ බොලිවුඞ් සිනමාවේ මහා රංගනවේදියා වන දිලීප් කුමාර් සමඟ චිත්‍රපටයක රඟපෑමට ඇයට අවස්ථාවක් නොලැබීමය. මීට කෙටි කලකට පෙර ඇය දිලීප් කුමාර් සමඟ එක්ව රඟ නොපෑම සම්බන්ධයෙන් විමසූ විට ‘මම දිලීප්ට කැමැති නැහැ’ යනුවෙන් පවසා තිබුණු බවට වාර්තා වී තිබිණි. මෙය මහත් ආන්දෝලනයට ලක්වී තිබූ නමුත් පසුව ඇය ප්‍රකාශ කර තිබුණේ තමා එවන් ප්‍රකාශයක් නොකළ බවත් එම පුවත ප්‍රකාශ කර තිබූ මාධ්‍යවේදියා විසින් ඔහුගේ සිතේ තිබූ අදහසක් පිටතට දමා තිබූ බවත්ය. එමෙන්ම දිලීප් කුමාර් හා ඔහුගේ බිරිඳ වන සයිරා බානු සමඟද තමා ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගෙන යන බවද වැඩිදුරටත් පවසා තිබූ ආශා වර්තමානයේ හෝ අවස්ථාවක් උදාවුවහොත් දිලීප් කුමාර් සමඟ රඟපෑමට බලාපොරොත්තුවෙන් සිටින බැව් පවසයි.

බොලිවුඞ් සිනමාවේ දිලීප් කුමාර් හා සමාන කරන විට ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර බිහිවූ අග්‍රගණ්‍ය නළුවා ගාමිණි ෆොන්සේකාය. මෙරට සිනමාවේ විශේෂයෙන්ම ඔහුගේ යුගයේ ප්‍රධාන චරිත රඟපෑ එනම් හැටේ දශකයෙහි ජීවරානි, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, අනුලා කරුණාතිලක, එඞ්නා සුගතපාල, පුණ්‍යා හීන්දෙණිය වැනි නිළියන් සමඟද හැත්තෑව දශකයෙහි කැපී පෙනුණු මාලිනී, ශ්‍රියානි, නීටා, සෝනියා දිසා, ස්වර්ණා කහවිට, ගීතා කුමාරසිංහ, වීනා ජයකොඩි, ජෙනීටා සමරවීර, ස්වර්ණා මල්ලවාරච්චි, (ස්වර්ණා මල්ලවාරච්චි චංචල රේඛා චිත්‍රපටයේ ගාමිණීගේ පෙම්වතිය ලෙස රඟපෑවාය.) මානෙල් වානගුරු, ෆරීනා ලායි වැනි ප්‍රධාන චරිත නිරූපණය කළ නිළියන් සමඟද චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඔහු උදාකර ගත්තේය.

හැත්තෑව දශකයෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ කලින් නම් සඳහන් කළ නිළියන් අතරට එක්වන තවත් ප්‍රධාන පෙළේ නිළියකි සුමනා අමරසිංහ. එවකට ප්‍රධාන චරිත නිරූපණයෙහි කැපී පෙනුණු රෝයි ද සිල්වා, විජය කුමාරතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර, ඔස්වල්ඞ් ජයසිංහ, ටෝනි රණසිංහ, ලයනල් දැරණියගල, එච්. ආර්. ජෝතිපාල වැනි නළුවන් සමඟ ප්‍රධාන චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඇයට අත්විය. එමෙන්ම මෙම චිත්‍රපට සාර්ථක වූ බවද නොකියා බැරිය. කෙසේ නමුත් ඇය සමඟ ප්‍රධාන චරිත රඟපෑ නළුවන්ගේ නාම ලේඛනය දෙස බලන විට එහි යම් අඩුවක් ඇති බව පෙනී යන කරුණකි. ඒ සිනමා සක්විති ගාමිණි සමඟ ඇය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපා නොමැති බවය. හැටේ දශකය අග පමණ තිරයට ආ ‘රෑන ගිරව්’ චිත්‍රපටයේ ගාමිණී සමඟ ඇය රූප රාමුවක දැක ගැනීමට ලැබුණද ඇය ඔහු සමඟ ප්‍රධාන චරිතයක් රඟපා නැත.

නීල් රූපසිංහ, එම්. එස්. ආනන්දන්, ජෝ දේව් ආනන්ද් මෙම දෙදෙනාම යොදාගෙන චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්‍ෂවරුන් අතර පෙරමුණේ සිටි අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකි. නමුත් ඔවුන් එක් අයකු හෝ මෙම දෙදෙනා ප්‍රධාන චරිත සඳහා යොදාගෙන චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කළ බවක් නොපෙනේ. නීල් රූපසිංහගේ පළමු චිත්‍රපටය වූ දැන් මතකද චිත්‍රපටයෙහි ගාමිණි රඟ නොපෑ අතර, එහි සුමනා චරිතයක් නිරූපණය කළාය. නමුත් හතර දෙනාම සූරයෝ, ආදරේ හිතෙනවා දැක්කම, යකඩයා වැනි ගාමිණි රඟපෑ නීල්ගේ සෙසු චිත්‍රපටවල ඇයට අවස්ථාවක් හිමි නොවිණි. එම්. එස්. ආනන්දන්ගේ මගේ නංගී ශ්‍යාමා චිත්‍රපටයෙහි ශ්‍යාමා ආනන්ද හැරුණු විට අනෙක් ප්‍රධාන කාන්තා චරිතය වූවේ ඇයයි. නමුත් එම්. එස්. ආනන්දන් ඉන්පසු අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටවල ඇයට චරිත නොවීය. ජෝ දේව් ආනන්ද් යනු මෙරට සිනමාවේ රෝයි-සුමනා යුගය වඩාත් ස්ථාපිත කළ අධ්‍යක්‍ෂවරයා ලෙස හැඳින්වුවහොත් එය අසත්‍යයක් නොවේ. සුනේත්‍රා, ඔබයි මමයි, සූකිරි කෙල්ල යන ඔහු අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටවල ප්‍රධාන නළු නිළි චරිත නිරූපණය කළේ ඇය හා රෝයි ද සිල්වාය. නමුත් සූකිරි කෙල්ල චිත්‍රපටයෙන් පසු ජෝ දේව් අධ්‍යක්‍ෂණය කළ මිනිසුන් අතර මිනිහෙක් චිත්‍රපටය සඳහා ඔහු ගාමිණී ෆොන්සේකා තෝරාගත් අතර, ඔහුගේ කලින් චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑ රෝයි ද සිල්වාද ප්‍රධාන චරිතයක් සඳහා තෝරාගත් නමුත් ඔහුගේ ප්‍රධාන නිළිය වූ සුමනා හට එවර අවස්ථාව හිමි නොවීය. එමෙන්ම එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිත දෙක සඳහා ඔහු තෝරා ගත්තේ ගීතා කුමාරසිංහ හා වීනා ජයකොඩිය.

එමෙන්ම රෑන ගිරව් චිත්‍රපටය තිරයට ගෙන ආ ධර්ම ශ්‍රී කල්දේරාද ඉන්පසු මෙම දෙදෙනා වෙන් වෙන් වශයෙන් ප්‍රධාන චරිත සඳහා යොදාගෙන චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේය. උදාහරණ වශයෙන් ගත්කල ඔහුගේ මී මැස්සෝ චිත්‍රපටය සඳහා ගාමිණී හා අනුලාද රත්රන් අම්මා, චිත්‍රපටය සඳහා ගාමිණී හා ශ්‍රියානිද යොදා ගත් ඔහු දීපාන්ජලී චිත්‍රපටය සඳහා සුමනා හා තිස්සද යොදා ගත්තේය. නමුත් මෙම දෙදෙනා ප්‍රධාන චරිත සඳහා එක් කර චිත්‍රපටයක් තිරයට ගෙන ඒමට සමහර විට ඔහුටද අදහසක් නොතිබෙන්නට ඇතිදැයි යන්න කිව නොහැකිය.
අනිල් වීරසිංහ

SendShareShare
Previous Post

සමහර මාධ්‍ය ගැන මට විශ්වාසයක් නෑ

Next Post

පූජාගේ ඊළඟ පිම්ම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.