• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තනියම යන ගමන හරි අමාරුයි

November 28, 2020
in Heart
Reading Time: 3 mins read
A A
තනියම යන ගමන හරි අමාරුයි
Share on WhatsAppShare on Facebook

අපිට තියෙන්නෙ වෙනම ස්ටයිල් එකක්…

මං ෆලෝ කරන්නෙ ආර්ජිත් සිං…

සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම සැලකෙන්නේ මේ වන විට ලංකාවේ සිටින වඩාත්ම කාර්යබහුල හා ජනප්‍රියතමය සංගීත කණ්ඩායම ලෙසයි. ඉතා කෙටි කලකින් කණ්ඩායම් සංගීත කලාවේ ප්‍රබලයන් වන්නට ඔවුන්ට හැකිවන්නේ ප්‍රාසාංගික කලාවට හඳුන්වාදුන් පෙරළිකාර වෙනසත් සමඟයි. එම නවමු වෙනසට ප්‍රබල දායකත්වයක් දැක්වූ සංගීත කණ්ඩායමේ මුල්පෙළේ ගායකයන් අතරින් ජයතු සඳරුවන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ තම සංගීත ගමන ගැන ජයතු අප සමඟ කළ කතාබහක්.
මුලින්ම ඔබ සංගීත ක්ෂේත්‍රයට පැමිණි ආකාරය ගැන කතා කළොත්?
පාසල් යන කාලෙ ඉඳලම මම සංගීතය විෂයක් විදිහට හැදෑරුව. ඊට පස්සෙ පාසලෙන් ඉවත් වෙනවත් එක්කම වගේ බෑන්ඞ් කීපයකම මම ගායන ශිල්පියෙක් විදිහට වැඩ කළා. පසුකාලීනව ලියාරා, මාරිම්බා, ඕල්රයිට් කියන ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණ.
ඔය ආපු ගමනෙදි ඔබගේ අවසන් නවාතැන් පොළ වෙන්නෙ ‘සහරා ෆ්ලෑෂ්?
ඇත්තටම සහරා ෆ්ලෑෂ් එක්ක මම මේ වෙද්දි අවුරුදු අටකට වඩා කාලයක් ගත කරල තියෙනව. මගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක් වෙන්නෙ සහරා ෆ්ලෑෂ් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම. මොකද මාව ගායකයෙක් විදිහට රසිකයන් හඳුනගන්නෙ සහරා ෆ්ලෑෂ් හරහා.
සංගීත ක්ෂේත්‍රයේ බොහෝවිට දකින්න ලැබෙන දෙයක් තමයි නවකයන් විසින් ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ව අනුකරණය කිරීම. ඔබත් මේ ක්ෂේත්‍රයට එද්දි ජ්‍යෙෂ්ඨයන්ව අනුකරණය කළාද?
එහෙම විශේෂයෙන් මම කාවවත් අනුකරණය කරන්න ගියේ නෑ. මම ගොඩක්ම ආභාෂය ලබාගෙත්තෙ ඉන්දියානු ගායන ශිල්පීන්ගෙන්. ඒ අතරින් ආර්ජිත් සිං කියන ගායන ශිල්පියාට සුවිශේෂී තැනක් හිමිවෙනව. ලංකාවෙ ශිල්පීන් ගත්තොත් වික්ටර් රත්නායක, අමරසිරි පීරිස් වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගෙ ගීත මුල් කාලෙය ඉඳලම ගායනා කරල තියෙනව.
ඔබ සංගීත කණ්ඩායම තුළ විවිධ ශෛලීන්වල ගීත ගායනා කරනව?
ඇත්තටම මම මුල් කාලෙදි බටහිර සංගීත කණ්ඩායම් කීපයකම වැඩ කළා. එයින් ලබාගත්ත ආභාෂය ගොඩක් ඉවල්වුණා බටහිර ආරයට යන ගීත ගායනා කරන්න. ඊට අමතරව සංගීත කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ඕනෑම රටාවක ගීත ගැයීමේ හැකියාව මට තියෙනව.
සහරා ෆ්ලෑෂ් බෑන්ඞ් එකෙන් ලැබුණ ජනප්‍රියත්වයත් එක්ක වෙනත් බෑන්ඞ්වලට සම්බන්ධ වෙන්න ආරාධනා ආවෙ නැද්ද?
එහෙම යෝජනා ආපු අවස්ථානම් ගොඩක් තියෙනව. ඒ යෝජනා ආපු හැම අවස්ථාවකම මම ඒව ප්‍රතික්ෂේප කළා. මොකද මම වැඩ කරන තැනට උපරිම සහයෝගයෙන් වැඩ කරන්න මම හැම වෙලේම උත්සාහ කරන කෙනෙක්. අනිත් එක තමයි සහරා ෆ්ලෑෂ් එකේ නායකයා ඇතුළු අනෙක් ශිල්පීන්ගෙන් මට ලැබෙන සහයෝගය. මම හිතන්නෙ මම බෑන්ඞ් එක දාල යන්න මේ වෙනකම් කිසිම හේතුවක් ඇතිවෙලා නෑ.
ජනප්‍රිය ගායකයන් කීපදෙනෙක්ම බෑන්ඞ් එකේ එකට වැඩ කිරීම මොන වගේද දැනෙන්නෙ?
සහරා ෆ්ලෑෂ් බෑන්ඞ් එකේ මූලිකවම ගායකයන් හතර දෙනෙක් වැඩ කරනව. අපි හතරදෙනාට තියෙන්නෙ වෙනස්ම ස්ටයිල් හතරක්. ඒ හින්ද කවදාවත් අපි අතර කිසිදු ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. අනික අපි අතර කිසිම තරගයක් නෑ. සහෝදරයො වගේ තමයි අපි බෑන්ඞ් එකේ වැඩ කරන්නෙ. මං හිතන්නෙ ඒකෙන් වෙලා තියෙන්නෙ බෑන්ඞ් එක තව තවත් ජනප්‍රිය වීමක්.
සහරා ෆ්ලෑෂ් ලංකාවේ ජනප්‍රියතම බෑන්ඞ් එකක් වීම පිටිපස්සෙ තියෙන රහස මොකක්ද?
ඇත්තටම සහරා ෆ්ලෑෂ් මේ තත්ත්වයට එන්න මූලිකම හේතුව වුණේ අපේ රසිකයන්ගෙ ආදරය. ඔවුන්ගෙ ආදරයත් එක්ක තමයි අපි මේ තරම් දුර එන්න පුළුවන්කම ලැබිල තියෙන්නෙ. අනිත් කාරණය තමයි අපි සෑම සංගීත ශිල්පියෙක් එක්කම බොහොම සුහදව වැඩ කිරීම. අපි සංගීතය සපයන විට සෑම ගායක, ගායිකාවටම අපේ උපරිමය දෙන්න හැම විටම උත්සාහ කරනව. අපි නන්ස්ටොප් හරහා කරපු වෙනසත් මේ සඳහා ගොඩක් ඉවල්වුණා කියල මම හිතනව.
බෑන්ඞ් එකෙන් අයින් වෙලා තනියම ගමනක් ගියොත් හොඳයි කියල හිතිල නැද්ද?
මම හිතන්නෙ තනියෙන් යන ගමන හරි අමාරු ගමනක්. කාගෙන් හරි සපෝට් එකක් අපිට අවශ්‍යයි. අනිත් කාරණය තමයි මේ ගමන යන්න මට බෑන්ඞ් එකෙන් ලොකු සහයෝගයක් ලැබෙනව. මට විතරක් නෙමෙයි බෑන්ඞ් එකේ ඉන්න අනෙත් ගායකයන්ටත් එහෙමයි. අපේ අනෙත් සංගීතමය වැඩවලට බෑන්ඞ් එකෙන් කිසිම නීතියක් පනවල නෑ. ඉතින් අපිට ගායකයෙක් වශයෙන් යන ගමනත් බෑන්ඞ් එකත් එක්කම නිදහසේ කරගෙන යන්න පුළුවන්. ඉතින් තනියෙන් ගමනක් යනවට වැඩිය බෑන්ඞ් එකත් එක්කම පුළුවන් තරම් කාලයක් වැඩ කරන්න තමයි මම උත්සාහ කරන්නෙ.
ජනප්‍රියත්වයත් එක්ක රසිකයන්ගෙන් නිතර ප්‍රතිචාර ලැබෙනව ඇති?
ඇත්තටම සමාජ මාධ්‍යවල ලොකු රසික පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නව. ඒ හරහා නිතරම ඔවුන්ගෙ ආදරය, ප්‍රතිචාර මට දක්වනව. සාමාන්‍යයෙන් දවසකට විශාල කමෙන්ට් ප්‍රමාණයක් මගේ ගීත සඳහා ෆේස්බුක් එකට, යූටියුබ් එකට, ඉස්ටග්‍රෑම් එකට ලැබෙනව. කාලය ලැබෙන විදිහට පුළුවන් උපරිමයෙන් ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න මම හැම තිස්සෙම උත්සාහ කරන්නෙ. මොකද ඔවුන් හින්ද තමයි අපි මේ තැන රැඳිල ඉන්නෙ. ඔවුන්ගෙ ආදරය අපිට ගොඩක් වටිනව.
ඔබේ සංගීත ගමනේ අවසන් අරමුණ මොකක්ද?
මම තවමත් උත්තර භාරතීය සංගීතය හදාරනව. ඒ පැත්තෙන් පුළුවන් තරම් ඉහළට සංගීතය හදාරන්න තමයි මගේ බලාපොරොත්තුව. අනිත් එක සංගීතය ඉගැන්වීම පැත්තත් ඒ සමඟම වැඩිදියුණු කරගෙන විශාල පිරිසකට මගේ දැනුම ලබාදෙන්න බලාපොරොත්තු වෙනව.
ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
මේ දවස්වල මගේ ජනප්‍රිය වෙලා තියෙන ‘ලයිලා’ කියන ගීතයේ මියුසික් වීඩියෝ එකේ වැඩ මේ වෙනකොට අවසන් කරගෙන යනවා. ඊට අමතරව මගේ අලුත්ම ගීතයක් ළඟදීම නිකුත් වෙනව. ඒකෙ විස්තර අපි දැන්ම නොකිය හිටියොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

කොවිඩ්-19 වසංගතය හමුවේත් කොමර්ෂල් බැංකුව ස්ථාවරයි

Next Post

ජේ.ආර්.ගේ කොළඹ හතේ ගරා වැටෙන මැදුරට ආණ්ඩුව කරන්න යන දේ… EXCLUSIVE PHOTOS

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.