• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඩිස්නි පාර මැද්දෙ කන රත්වෙන්න කාපු කම්මුල් පාර

August 1, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ඩිස්නි පාර මැද්දෙ කන රත්වෙන්න කාපු කම්මුල් පාර
Share on WhatsAppShare on Facebook

නව පරපුරේ ජනප්‍රිය නිළියක්, නිරූපිකාවක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය ඩිස්නි රාජපක්‍ෂ. මේ දවස්වල අපට ඩිස්නි හමුවන්නේ ‘සත්‍යා’ ටෙලිනාට්‍ය හරහා. ඉතින් ඩිස්නි ළඟදීම රිදී තිරයටත් එන බවයි ආරංචිය. ඉතින් ඒ කරුණු කාරණා සියල්ල ගැන ඇත්ත නැත්ත සොයා බලන්න අපි ඩිස්නිට කතා කළා.
මේ දවස්වල ‘සත්‍යා’ ගැන ගොඩදෙනෙක් කතාබහ වෙනවා නේද?
මගේ රංගන ජීවිතයේ තවත් හැරවුම් ලක්‍ෂ්‍යක් විදියට ‘සත්‍යා’ හඳුන්වන්න පුළුවන්. ගොඩදෙනෙක් ‘සත්‍යා’ ගැන තමයි අහන්නේ. මම හිතුවාට වඩා හොඳ ප්‍රතිචාර ‘සත්‍යා’ ටෙලිනාට්‍යයේ ‘සාක්‍යා’ට ගොඩදෙනෙක් ආදරය කරනවා. ඒ සදාතනික බැඳීමට මමත් ආදරය කරනවා.
ඔබ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පීන් රැසකගේ පෙම්වතියක් වීම ගැන මොකද හිතෙන්නේ?
මම මුලින්ම ටෙලිනාට්‍යයක දසුන් පතිරණ සමඟ රඟපෑවේ. ඒත් ඒ ටෙලිනාට්‍යය මොකක්දෝ මන්දා හේතුවකට විකාශය වුණේ නැහැ. ඉන්පසු නවපරපුරේ දක්‍ෂ ශිල්පීන් රැසකගේ පෙම්වතිය ලෙසට මාව තෝරාගත්තා. දැන් මගේ පෙම්වතා විදියට රඟපාන්නේ රොෂාන් රවීන්ද්‍ර අයියාම තමයි. ඔහුගෙනුත් රංගනය කියන දේ ගැන බොහෝ දේවල් මම ඉගෙනගනිමින් ‘සත්‍යා’ ටෙලිනාට්‍යයේ රඟනවා.
‘රාවණ’ ටෙලිනාට්‍යයේ පළමු අදියරේ ඔබේ විශේෂ රංගනයක් අප දුටුවා. එහෙත් ඔබ රාවණ දෙවන අදියරේ නැහැ?
ඇත්තටම රාවණ ටෙලිනාට්‍යය වෙනුවෙන් මම විශේෂ කැපකිරීමක් කළා. ඒ වෙනුවෙන් විශේෂ කඩු සටන් පුහුණුව පවා සිදුකළා. මම රාවණගේ පුංචි අම්මා ලෙසට තමයි රඟපෑවේ. රාවණ දෙවන අදියරේ කොටස් කිහිපයකට හිටියා. ඒත් පසුකාලීනව මගේ චරිතය ගලාගෙන ගියේ නැහැ.
ඩිස්නි ටෙලිනාට්‍ය නිළියක් ලෙසට අප දුටුවාට සිනමාවේ තවම ඔබේ රංගනයන් දැකගැනීමට ප්‍රමාද ඇයි?
මේ වන විට චිත්‍රපට දෙකක විතර ප්‍රධාන චරිත රඟපෑවා. සංජය නිර්මාල් අධ්‍යක්‍ෂණය කළ ‘ආලයේ කොරෝනා’ චිත්‍රපටයත්, සුදේශ් වසන්ත පීරිස්ගේ ‘සීරුවෙන්’ චිත්‍රපට සඳහා එකතු වුණා. ලබන මාසයේ සංජය නිර්මාල්ගේ ‘ආලයේ කොරෝනා’ චිත්‍රපටය තිරගත වෙනවා.
ඔබ දරු පරපුරකගේ ගුරුවරියක් නිසා චරිත තෝරා ගැනීමේදී විශේෂත්වයක් දක්වනවා ඇති?
අනිවාර්යයෙන්ම නිර්මාණ රැසකින් මට ආරාධනා ලැබුණා. ඒ අතරින් තෝරා බේරාගෙන මටත් යමක් කළ හැකි හොඳ නිර්මාණ පමණයි මම භාරගන්නේ.
ඔබ යන තැන ඔබේ පෙම්වතා පස්සෙන් කියන්නේ ඇත්තද?
කවුද අනේ ඔය බොරු ගොතන්නේ. කවදාවත් මගේ පෙම්වතා එහෙම එන්නේ නැහැ. මම එන්න කිව්වොත් විතරයි ඔහු මගේ වැඩවලට එන්නේ. ඔහු දන්නවා මම එක්ක ගියාම මගේ වැඩ කරන්න අපහසු බව. මොකද ඔහු ගැනත් බලන්න ඕනෑ. ඒ විතරක් නෙවේ එයත් පැත්තකට වෙලා ඉන්නකොට මටත් හරිම දුකයි ඉතින්. ඔහු උපරිම නිදහස මට දීලා තියෙන්නේ මගේ වැඩකටයුතු කරගෙන යන්න. ඔහුගෙන් කිසිම බාධාවක් නැහැ මට.
පසුගිය කාලේ ජනප්‍රිය නළුවෙක්ගෙන් හොඳ කනේ පාරකුත් කෑවා නේද?
අම්මෝ එය අදටත් මතකයි. ‘හිතුවක්කාරයා’ ටෙලිනාට්‍යයේ මගේ පෙම්වතාට රඟපෑවේ ගයන් අයියා. ඔහුත් එක්ක බැඳුණු ඒ ආදර කතාවට තමයි කන රත් වෙන්න කනේ පාරක් කෑවේ. මම කොල්ලෙක්ගෙන් ගුටි කාපු පළමු අවස්ථාව එය තමයි.
ඔබ නිරූපිකාවක් විදියට ලංකාව නියෝජනය කරමින් පැජන්ට් ජයග්‍රහණය කළා. ඉදිරියේදි ෆැජන්ට් සඳහා යොමු වීමට අදහසක් නැද්ද?
මම මේ ක්‍ෂේත්‍රයට මුලින් සම්බන්ධ වූයේ නිරූපිකාවක් විදියට. ඒ හරහා 2019 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තා. අන්තර් ජාතික තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගත්තා. ඉතින් මට හිතෙනවා දැන් ඇති කියලා. ඒ නිසා මම ෆැජන්ට් පැත්තට සමුදීලා තියෙන්නේ.
වර්තමානයේ මේ ක්‍ෂේත්‍රයට එකතු වුණු නිරූපිකාවක් ගැන විවිධ කතා අසන්නට ලැබෙනවා. එය ගැන ඔබත් කලකිරීමෙන්ද ඉන්නෙ?
සමහර නිරූපිකාවන් කරන වැඩ නිසා අපිටත් නිරූපිකාවක් කියන්න බැරි තරමට මෙම ක්‍ෂේත්‍රය පිරිහිලා ගිහිල්ලා. එය කනගාටුදායක තත්ත්වයක්. මේකප් කරලා, පැහැය වැඩිවුණු පළියට හැමෝටම නිරූපිකාවන් වෙන්න බැහැ.
එය ගැන මනා දැනුමක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් කැපකිරීමක් කළ යුතුයි. මම හිතන විදියට ජීවිතය වරද්දගත්ත, අඩු අධ්‍යාපනයක් තිබෙන අය තමයි වර්තමානයේ නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉන්නෙ. ඔවුන් කරන අශෝභන වැඩ නිසා අපිත් හෑල්ලුවට ලක්වෙනවා.
කලාව අතහැරලා විදේශගත වීමට සූදානම් වෙනවා කියන්නේ ඇත්තද?
මගේ අධ්‍යාපන කටයුතු යම්තාක් දුරට සීමා කරලා තමයි මම ලංකාවට ආවේ. තව මට ඉගෙන ගැනීමට ගොඩාක් දේවල් තිබෙනවා. ඒ නිසා මම විදේශගත වෙනවා. එහෙම වුණා කියලා මම කලාවෙන් ඈත් වෙන්නේ නැහැ. මෙයටත් වඩා හොඳ නිර්මාණවලට මම සම්බන්ධ වෙයි ලංකාවේ නැති වුණත්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පැය 8ක් ප්‍රශ්න කර ශානි රිමාන්ඩ් කරයි

Next Post

මෝඩි-ට්‍රම්ප් කාඩ් කුට්ටමේ රනිල් සහ සජිත් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.