අත්අඩංගුවට ගනු ලැබු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අගෝස්තු මස 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (31) උදෑසන 7.05ට පමණ ඇල්විටිගල මහල් නිවාස, මාතා පාර, කොළඹ 8 යන ලිපිනයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබුණි.
පැය 8ක කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ චෝදනා කිහිපයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවය.










