කොරෝනා ආසාදිත පුද්ගලයකුට ඩෙංගු රෝගයද වැළදී ඇති පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ කොරෝනා රෝගය සහ ඩෙංගු රෝගය එකවර වැළදී ඇති රෝගියකු සොයාගෙන ඇත්තේ පළමු වතාවටය.
29 හැවිරිදි පුද්ගලයකු වන මොහු පෑලියගොඩ මාළු පොකුරේ ආශ්‍රිතයෙක් බව වාර්තා වී ඇත.
මේ වනවිට මෙම රෝගියා මීගමු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.










