• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉ‌කොනොමි සීරෝ ‌වෙද්දී ‌ගෝඨා හීරෝ ‌වෙන්න නම්… (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

April 18, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
ඉ‌කොනොමි සීරෝ ‌වෙද්දී ‌ගෝඨා හීරෝ ‌වෙන්න නම්… (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

කොටි බෝම්බයෙන් ජීවිතය බේරාගත් චන්ද්‍රිකා 1999 ජනාධිපතිවරණය දින්නේ සානුකම්පිත රැල්ලකිනි. ඒ රැල්ලේ පිහිනාම ඇය මහ මැතිවරණයත් පවත්වනු ඇතැයි දේශපාලන විචාරකයන් අනාවැකි පළ කළත් ඇය මහ මැතිවරණයක් කැඳවූයේ නැත. ඇය වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න යූ.ඇන්.පී.ය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කරමින් තමන්ට තෙවැනි වතාවටත් ආණ්ඩු බලය ගත හැකි වන ලෙස නව ව්‍යවස්ථාවක් හදන්න කල් ගත්තාය. එය අසාර්ථක වූ විට ඇය 2000 ඔක්තෝබරයේ මහ ඡන්දය පැවැත්වූවාය. ඒ වෙනකොට 1999 ජනාධිපතිවරණ ජයග්‍රහණය සේම ඇයට ජය අත්කර දුන් සානුකම්පිත මහජන රැල්ලද පල්වෙමින් තිබූ අතර ඇයගේ ආණ්ඩුවද අප්‍රසාදයට පත්වෙමින් තිබුණේ දිනෙන් දින දරුණු වෙමින් තිබුණ ආර්ථික අර්බුදය හේතුකොටගෙනය. ඒත් ඇය ජය ගත්තාය. 2000 ඔක්තෝබර් 10 මහ මැතිවරණය ජයගත් චන්ද්‍රිකාට වසරක්වත් රට පාලනය කිරීමට ලැබුණේ නැත. මහා ආර්ථික අර්බුදයකින් රට අඩපණ විය.
ආර්ථිකය ඍණ වූයේ ලංකා ඉතිහාසයේ පළමුවරටය. රුපියල බලන් සිටියදී බිම වැටිණි. ඩොලරය අහස උසට නැග්ගේය. කොරේ පිටට මරේ කීවා සේ කොටි සංවිධානය රටේ ආර්ථික මරමස්ථානවලට පහර දෙන්න පටන් ගත්තේය. ගුවන් තොටුපොළට පහර දීමත් සමඟ ගුවන් තොටුපොළ වසනු ලැබීය. වරායට පහර දීමේ සැලැස්මක්ද විය. වරාය අනාරක්ෂිතයි කියා ජාත්‍යන්තර නැව් රක්ෂණ සමාගම් ශ්‍රී ලංකාවේ වරායට ඇතුළු වන ජාත්‍යන්තරයේ නැව් අධෛර්ය කළේය. වරාය ඉබේ වැසුණි. කෘෂිකර්මාන්තයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණේ නැත. ලෝක ආර්ථික අර්බුදයක් නිසා ලංකාවට දෙනු ලබන ආධාර නතර විය. ඇඟලුම් කර්මාන්තය අර්බුදයකට ගියේය. සංචාරක කර්මාන්තය හොම්බෙන් වැටුණි. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියේ රොකට් එකක් වගේය. තෙල්, සහල්, පාන්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල බලන් සිටියදී ඉහළ ගියේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව අන්ත අසරණ කරමිනි.
‘චන්ද්‍රිකාට බැහැ’
රට හැම තැන මතයක් ව්‍යාප්ත විය. චන්ද්‍රිකා එක්ක හිටියොත් අපි ඉවරයි කියා ඇගේ පක්ෂයේ ලේකම්ද ඇතුළු මැති ඇමැතිවරු විපක්ෂයට එක්වූහ. වසරකින් චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඇදගෙන වැටුණි. මේ ඉතිහාසය මහින්දට හොඳට මතක තිබිය යුතුය. ගෝඨාභය එකල ලංකාවේ හිටියේ නැත. ඒත් ඔහුට මේ ඉතිහාසය දැනගන්න ඕනා නම් ඒ කාලයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටි පී.බී. ජයසුන්දරගෙන් මේ ඉතිහාසය අසා දැනගත හැකිය. අද පී.බී. ජයසුන්දර ගෝඨාභයගේ ලේකම්ය. ආර්ථිකය ඍණ ගිය විට රටේ ජනාධිපති ඇතුළු ආණ්ඩුවම බින්දුවට වැටෙන හැටි ඔහු කියාදෙනු ඇත. දැන් ගෝඨාගේ ආණ්ඩුවේ මහ බැංකු අධිපති කොරෝනා වෛරසය නිසා ලංකාවේ ආර්ථිකය ඍණ වෙන්න පුළුවන් යැයි අනාවැකි පළකොට ඇත.
“චන්ද්‍රිකාගේ ආණ්ඩුවට වුණ දේ ගෝඨාගේ ආණ්ඩුවටත් වෙයිද?”
එහෙම නොවන්න නම් ගෝඨාභය වහාම ආර්ථික යුද්ධය හෙවත් ‘ඉකොනොමි වෝ’ එක පටන්ගත යුතුය. ඒ යුද්ධයට නැතහොත් ‘වෝ’ එකට ගෝඨාභයට හොඳ ජනරාල්ලා සිටිය යුතුය. අද ඔහු වටා එවැනි ආර්ථික ජනරාල්ලා ඉන්න බවක් පේන්න නැත. ඔහු වටා ඉන්නේ කකුල් කැඩිච්ච අශ්වයන්ය. ඔවුන් ජනරාල්ලා නොව ගොන් රාලලාය. ඔවුන් දන්නා එකම ආර්ථික න්‍යාය, චීනයෙන් ගිනි පොලියට ණය ගැනීම පමණි.
2015 මහින්ද පරාජය වූයේත් මේ චීන තියරිය නිසාය. චීනය දකින හීන මෙහෙ හැබෑ කරගන්න ගිහිල්ලාය. හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ නමැති සුදු අලි ගිනි පොලියට නඩත්තු කරන්න ගිහින් මහින්දගේ ආණ්ඩුව හොම්බ බිම ඇනගත්තේය. අද ඒ ගත්ත ණයවල ලොකුම ණය වාරිකය ගෙවන්න වෙලා තියෙන්නේත් ගෝඨාභයගේ ආණ්ඩුවටය.

ඒ අස්සේ කොරෝනා ආවේ 2001 ආර්ථික අර්බුදයෙන් ගහෙන් වැටිලා හිටි චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එල්.ටී.ටී.ඊ. ගොනා ඇන්නා සේය. මේ අර්බුදයේදී චීනය පිළිසරණ පැතීම අන්තිම භයානයකය. දැනටමත් ඇමෙරිකාව, ජපානය චීනයෙන් සිය කර්මාන්ත ශාලා ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටී. කොරෝනා වෛරසයට පෙර චීනය හැඳින්වූයේ ලොව විශාලතම කර්මාන්ත ශාලාව නොහොත් වැඩපොළ කියාය. ඒත් කොරෝනා හැදුණ වෙලාවේ චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකිව ලෝක ආර්ථිකය එකතැන නතර විය. ඇමෙරිකාව සහ ජපානය චීනයෙන් කර්මාන්ත ශාලා ඉවත් කර ගත්තේ ඒ භයානක අත්දැකීමෙන් හොඳම පාඩම් උගෙන ගෙනය.
2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ආර්ථිකය ඍණ ගියේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අරක්ගත් ලෝක බැංකු මූල්‍ය අරමුදල් මාෆියාව නිසාය. 2015 මහින්දට ගෙදර යන්න සිදුවූයේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අරක්ගත් චීන මාෆියාව නිසාය.
ගෝඨා 2009 යුද්ධය ජයගන්න පෙර හමුදාව ශුද්ධ කළා සේ මේ ආර්ථික යුද්ධය ජය ගන්න මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව ශුද්ධ කළ යුතුය. 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ආර්ථිකය ඍණ වූයේ ලෝක බැංකු පදයට නටන නිලධාරීන් නිසාය. 2015 මහින්ද ගෙදර ගියේ චීන පදයට නටන නිලධාරීන් නිසාය.
කොරෝනා වෛරසය ලොව හැඩතල වෙනස් කරමින් තිබේ. ඇමෙරිකාව සහ ජපානය තම නිෂ්පාදන සඳහා වූ කර්මාන්ත ශාලා බිහි කරන්න ලෝක සිතියමේ අලුත් රටවල් හොයමින් සිටී. ලොව ප්‍රකට ආර්ථික විශේෂඥයන් කියන්නේ ඇමෙරිකාවේත් ජපානයේත් බැල්ම වැටෙන රටවල් පහ ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ මලයාසියාව කියාය. ජපානයට සහ ඇමෙරිකාවට චීනය වික්ක දක්ෂ, ලාභ ශ්‍රමය දෙන්න මේ රටවල් සැදී පැහැදී සිටී. ඇමෙරිකාව සහ ජපානය පමණක් නොව යුරෝපයද චීනයෙන් කර්මාන්ත ශාලා ඉවත් කරගන්න සාකච්ඡා පවත්වමින් සිටී. මෙය සාර්ථක වුවහොත් පශ්චාත් කොරෝනා වෛරසය යුගයේ නව ලෝක සැලැස්මට අනුව ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, මලයාසියාව, ඉන්දුනීසියාව චීනය මෙන් නැඟිටිනු ඇත. චීනය තනිවෙනු ඇත.
ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දියාව අසලය. ඇමෙරිකාවෙන්, ජපානයෙන්, යුරෝපයෙන්, ඉන්දියාවට එන කර්මාන්ත ලංකාවටද ගෙන්වා ගැනීම දුෂ්කර නොවේ. ඉන්දියාව හරහා ලංකාවට ඇමෙරිකාවේ ජපානයේ යුරෝපයේ කර්මාන්ත පුරය බවට පත්කරගත හැකි නම් ලංකාවත් චීනය මෙන් නැඟිටින දවස වැඩි ඈතක නොවේ.
ලංකාව ඇමෙරිකාව ඇතුළු යුරෝපයේ ලොව හොඳම ඇඳුම් මසන රටය යන හංවඩුව ගහගත්තේ ප්‍රේමදාසගේ කාලයේය. ගෝඨාභයට ලංකාව ලොව හොඳම කර්මාන්තපුරය කර පෙන්වන්න පුළුවන් නම් ගෝඨාත් ගොඩය. රාජපක්ෂලාත් ගොඩය. රටත් ගොඩය. හැබැයි ඒකට චීනයෙන් ලෝකය දකින්න හදන ණයට කැමැති ටීම් එක අයින් කර අලුත් ටීම් එකක් හදාගත යුතුය. ණයට නොව රටට කැමැති ටීම් එකක් හදාගත යුතුය. ගෝඨා කොරෝනාව පරාජය කරන්න පත්කර ගත් ජනාධිපති කාර්ය සාධක බළකාය වගේ විශේෂඥ දැනුම ඇති අලුත් මුහුණු සහ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් බළකායකට මේ ‘ඉකනොමි වෝ’ එක දිනන එක අමාරු නැත. නැතිනම් ආර්ථිකයත් එක්කම රාජපක්ෂලාත් ඝෘණ නොවුණොත් පුදුමය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජෝතිට මඟහැරුණු එකම ගීතය

Next Post

ම්ලේච්ඡ ගුරුද්වරා ප්‍රහාරය කාගේ වැඩක්ද?

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.