• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

චතූ රන්ජන් එක්ක ගහපු ගේම

August 8, 2020
in Heart
Reading Time: 1 min read
A A
චතූ රන්ජන් එක්ක ගහපු ගේම
Share on WhatsAppShare on Facebook

පසුගිය දවසක එක්තරා ටෙලිනාට්‍යයක් නරඹමින් ඉන්නා විට අමුතු රුවක් අපට මුණගැහුණා. ටිකක් හොයලා බැලුවම ‘ඇය’ ටෙලිනාට්‍යයේ රිතුගේ චරිතයට අලුත්න් පණ දෙන්නේ ඇයයි. ඇය තමයි චතූ රාජපක්‍ෂ. ඉතින් අපි ඇයගෙන්ම මේ ගැන අහන්න හිතුවා.
චතූ මේ දවස්වල කොහොමද ඔබගේ නිර්මාණ කටයුතු?
මේ දවස්වල මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. ‘ඇය’ ටෙලිනාට්‍ය සහ ‘සල්මල් ආරාමය.’ එයට අමතරව තවත් ටෙලිනාට්‍යයක රූ ගත කිරීම් සඳහා යොමුවෙලා ඉන්නවා.
‘ඇය’ ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය ගැන කතා කළ යුතුමයි. ඇයි තවත් කෙනෙක් කරපු චරිතයක් ඔබ බාරගත්තේ?
එය මට අභියෝගයක්. ‘ඇය’ ටෙලිනාට්‍යයේ රංගන ශිල්පිනියන් කිහිපදෙනකු ඉවත් වෙලා. ඉතින් ඒ චරිතවලට සුදුසු අය තෝරාගත්තා. මටත් ලොකු බයක් තිබුණා තව කෙනෙක් කරපු චරිතයක් කරන එකට. මොකද අපි මුල ඉඳලා රඟපානවානම් අපිට සරිලන විදියට චරිතය හදා ගන්න පුළුවන්. ඒත් තව කෙනෙක් කරපු චරිතයකට පණ දෙනවා කියන්නේ බැරෑරුම් කටයුත්තක්. ඒ චරිතය කරන්න එපා කියලා සමහරු කිව්වා. ඒ විතරක් නෙවේ බැන්නා. හැබැයි මම ‘රිතු’ට හිතුවාට වඩා හොඳ සාධාරණයක් කළා.
එතකොට ‘ඇය’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ දුරකතනයෙන් කතා කරලා මොකද කිව්වේ?
ඇත්තටම සමන් කුමාර ලියනගේ අයියා මට කතා කරලා විශේෂ ස්තුතියක් කළා. මම ‘රිතු’ චරිතයට සාධාරණයක් කළා කියලා ඔහු ප්‍රශංසා කළා. තවත් හොඳට මහන්සි වෙලා වැඩ කරන්න කිව්වා. ඔහු ගොඩාක් මහන්සි වුණා ‘රිතු’ චරිතය හරි විදියට හදන්න. මොකද සමහරු මගේ රඟපෑම හොඳ නැහැ කියන තැනට පවා දෝෂාරෝපණය ආවා. ඒත් දැන් ඒ හැමදෙනාටම පිළිතුරු ‘රිතු’ දෙනවා.
පසුගිය දවසක ලංකාවේ ‘හීරෝ’ එක්ක හොඳ රඟපෑමක් කළ බව ආරංචියි?
ඔය කියන්නේ රංජන් අයියා ගැන වෙන්න ඇති. සුරංග ද අල්විස්ගේ ‘ද ගේම්’ චිත්‍රපටයේ මම රඟපානවා. මගේ අයියාට රඟපාන්නේ රංජන් අයියා. මගෙත් පෙර වාසනාවක් තියෙන්න ඇති ඔහු සමඟ එකට කෙටි කාලයක් තුළ වැඩ කරන්න ලැබීම.
රංජන් රාමනායක එක්ක වැඩ කරපු අලුත් පිරිස කියනවා ඔහු සමඟ වැඩ කරන්න අපහසු බව. ඇත්තද මේ කතාව?
ඔය කියන කතා මම දන්නේ නැහැ. නමුත් ඔහු සුන්දර, නිහතමානී කලාකරුවෙක්. ඒ විතරක් නෙවේ සහෝදරයෙක් වගේ. හරිම සහයෝගයෙන්, විනෝදයෙන්, එකමුතුව වැඩ කරනවා. කිසිම ලොකුකමක් නැහැ. අපේ අඩුපාඩු පවා කියලා දීලා අපේ චරිතයට හරියට කරගන්න ඔහුත් උදව් කරනවා.
රංගනයට අමතරව ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට කටයුතු කළා නේද? දැන් නිවේදන කටයුතු කරන්නැද්ද?
ගොඩදෙනෙක් ඔය ගැන මගෙන් අහනවා. ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට ඉදිරියට වැඩකටයුතු කරනවා. මේ දවස්වල නිවේදන කටයුතු කළේ නැහැ කොරෝනා වසංගතය නිසා.
ඔබ සුන්දර රුවැත්තියක්. ඉතින් කැමැති නැද්ද ෆැජන්ට් එකකට යන්න?
මම නිරූපණ කටයුතු කරන්න කැමැති නැහැ. එයට හේතුව නිරූපිකාවක් වුණාම ෆැජන්ට්වලදී විවිධ විලාසිතා ඇඳුම් අඳින්න ඕනෑ. මම ඒ දේට කැමැති නැහැ. මම එහෙම චරිතයක් නෙවේ. සීමාවක් ඇතුළේ තමයි වැඩ කරන්නේ.
චරිතාංග රංගන ශිල්පිනියක් වීමට ඔබ සිහින දකිනවානම් සීමාවක් තුළ වැඩ කරන්න බැහැ නේද?
මම කැමැති නැහැ මගේ ප්‍රතිරූපයට හානියක් වෙනවාට. එක චරිතයකින් දැක්කට ප්‍රේක්‍ෂකයන් බලන්නේ විවිධ කෝණවලින්. මම මේ ඉන්න විදියට හෙමින් ගමනක් යනවා. මම මුදල් බලාගෙන, ජනප්‍රිය වෙන්න හිතාගෙන රඟපානවා නෙවේ. පවුලේ අයගේ කැමැත්ත, ආශාව නිසා මම රඟපානවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සජිත්ගේ ජාතික ලයිස්තුව නම් කරයි

Next Post

සිරිකොත ඉදිරිපිට විරෝධයක් (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.