එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ සිරිකොත ඉදිරිපිට ඊයේ (07) සවස නීතීඥ අතුල රණගල මහතා විසින් විරෝධය පළ කරමින් ප්‍රකාශයක් ලබා දීමට පියවර ගෙන තිබිණ.
ඒ මහතා කියා සිටියේ රනිල් යනු අපරාධකරුවකු බවත්, දැන් එක්සත් ජාතික පාක්ෂිකයන්ම රනිල්ව පක්ෂයෙන් එළවා දමා ඇති බවත්ය.
එමෙන්ම වික්‍රමසිංහ මහතා එජාපය විනාශය කරා ඇදගෙන ගිය බවද හෙතෙම කියා සිටියේය.










