• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගාමිණී සර් දුන්න පන්ච් එකෙනුයි රඟපෑම ඇඟට වැදුණෙ

March 14, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ගාමිණී සර් දුන්න පන්ච් එකෙනුයි රඟපෑම ඇඟට වැදුණෙ
Share on WhatsAppShare on Facebook

⬤ ඩ්‍රින්ක්වල, මර්ජුවානාවල ත්‍රිල් එක දැනං හිටියට කුඩුවල ත්‍රිල් එක දන්නෙ නෑ…

⬤ ගාමිණී ෆොන්සේකා රඟපාන දිහා බලන් ඉන්න එකත් ලෙසන් එකක්…

⬤ දැන් ටෙලිනාට්‍ය වසංගතයක් වෙලා…

දක්‍ෂ චරිතාංග නළුවකු ලෙස ඕඩියන්ස් එකක් තනා ගැනීමට පිරිමියෙකුට කඩවසම් රුපකායක් අවැසි වන්නේ නැත. එයට ලොව පුරා ඇති නිදසුන් බොහෝමය. අපට අසල්වැසි වූ ඉන්දියාව සේම ශ්‍රී ලාංකේය කලාකෙත තුළද එවැනි නිදසුන් ඇස් පියාගෙන වුවද සොයාගත හැකිය. මහේන්ද්‍ර පෙරේරාද ඉන් එක් අයෙකි… ‘මම නළුවෙක් වුණාට මට නළු පෙනුමක් නැහැ..,’ කොතැනක හෝ කතාබහකට පැමිණි කළ මහේන්ද්‍ර ඒ වචන පෙළ කියන්නේ හඬනඟා සිනාසෙමිනි. තමා පිළිබඳ පාරට්ටු කීමට ඔහු මැලි වුවද.., ඔහුගේ ඇක්ටිං නරඹන ප්‍රේක්‍ෂකයනට නම් ඔහු සැබෑ නළුවෙකි. වීදි භාෂාවෙන් කියනවා නම්.., ‘මහේන්ද්‍ර පෙරේරා පට්ට පොරකි.’ සුහද සංවාදයකට ඔහුව කොටුකර ගැනීමට දුරකතන ඇමැතුම් කිහිපයක්ම ගත්තේද එනිසාය. කතාබහට එක්වන විටද මහේන්ද්‍ර සිටියේ රූගත කිරීමකට පසුදින පාන්දර දුර බැහැරක යෑමට ගමන් මල්ල සකසමිනි.

🔴 ඉතින් කොහොමද මහේන්ද්‍ර ලහිලහියේ ලෑස්තිවෙන්නේ අලුත් ටෙලියක ෂූටිංවලටද?
ටෙලියක් නෙවෙයි, ඒක චිත්‍රපටයක්. අධ්‍යක්‍ෂණය සංජීව පුෂ්පකුමාරගේ.
🔴 චිත්‍රපටය ගැන විස්තර ටිකක් කියමුද?
මම හිතන්නේ අපි ඒ විස්තරය නොකර ඉන්නව නම් හොඳයි නේද? මොකද තවම මේ ඉන්නේ, නමක්වත් තියලා නැති නිර්මාණයකට ආරම්භය තුළයි.
🔴 හොඳයි… එහෙම නම් කියන්න, ඔබ කලාවට යොමු වුණේ අභිරූපන රංගනයෙන්?
සම්පූර්ණ වැරැදි අදහසක්. මම කලාවට පය තැබුවේ සිනමාව හරහායි. ඒ කළුසුදු චිත්‍රපට හැදුණු 1978 අවුරුද්දේයි. ආරාධනය ලැබුණේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්තයගෙන් චිත්‍රපටයේ නම ‘සක්විති සුවය.’
🔴 ඒ ආරාධනය තුළ ඔබ පුදුමයට පත්වුණේ නැතිද?
පුදුමය තිබුණේ ගාමිණී සර් මගේ ඇඟ ඇතුළේ හිටපු කලාකාරයට හරියටම හඳුනාගත්ත සූක්‍ෂ්ම විදිය තුළයි. රඟපෑම කියන එක මගේ ඇඟට දුන්නේ ඔහුයි. එතුමා දුන්න ‘පන්ච්’ එක නිසා තමයි රංගන කලාව හැදෑරිය යුතුය යන හැඟීම මට දැනුණේ.., ඇත්තටම ගාමිණී සර් රඟපාන දිහා බලං ඉන්න එකත් හරියට ‘ලෙසන්’ වාගේ වුණා මං වාගේ පුංචි මිනිහෙකුට. කෙටියෙන් කියනවා නම් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මට ‘විශ්වයක්’ ගානයි.
🔴 ඒ නිසාද ඔබ කරන සමහර රඟපෑම් තුළ ඔහුගේ ස්වරූපය පිළිඹිභු වන්නෙ?
ඒ මොන විකාර කතාවක්ද, සිනමා සක්ති ගාමිණී ෆොන්සේකාගේ ස්වරූපය පිළිඹිභු වන ආකාරයට මා කළ රංගනය හෝ චරිතය මොකක්ද කියන්න මම දන්නෙවත් නැහැ. මම හැමදාමත් රඟපෑවේ, මහේන්ද්‍ර පෙරේරා කියන නළුවාව විතරක්ම හොයාගෙන ගිහිල්ලයි… අනෙක මොන විහිළුවක්ද… ඔහු වාගේ වෙන්න කාටවත් හිතන්නවත් පුලවන්ද? ගාමිණී සර්’ කියන්නේ පාඩම් පොතක්, එය කියැවීම පහසු නැහැ. හැබැයි එතුමා වාගේ වෙන්න උත්සාහ කරන ඒ රංගනය කොපි කරන්න හදන නළුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. නම කියන එක හොඳමදි නිසා මම එය හංගනවා. ඔවුනටත් එක්කයි මම මේ කියන්නේ. ගාමිණී සර් වෙන්න හීන හතකින්වත් කිසිවකුට බැහැ. එයට උත්සාහ කරනවා නම් සිදුවන්නේ අඳුරේ අතපත ගෑමක් පමණයි.
🔴 අපි නවත්තපු තැනට යමු මහේන්ද්‍ර.., ‘සක්විති සුවයෙන්’ පස්සේ ඔබ රංගනය හදාරන්න ගත්තා?
ඔව්… මම ආචාර්ය සලමන් ෆොන්සේකාගේ ඇක්ටිං ක්ලාස්වලට සහ වර්ක් ෂොප්වලට සහභාගි වෙන්න ගත්තා. අන්න එතැනදී අභිරූපණ රංගන කලාවත් හදාරන්න මට ආස හිතුණා.
🔴 ඇයි ඒ ඔබ චාලි චැප්ලියන්ට ප්‍රිය කළාද?
නැහැ.., තරුණ කාලේ ඉඳලා ස්කෝලේ යන වයසෙදි පවා මම එදිනෙදා දකින ඇසුරු කරන චරිත ස්වභාවයක් රඟදක්වන්න ප්‍රිය කළා. පාඩමට නියමිත ගුරුවරයා හදිසියේවත් ආවේ නැති දවසට, මම පන්තිය ඉස්සරහට ගිහින් එය රඟදක්වනවා. ඇත්තටම මට එයට දක්‍ෂකමක් තිබුණා. ඒ නිසා අභිරූපණ රංගන කලාව හැදෑරීමට යොමු වුණා.
🔴 ආචාර්ය සලමන් ෆොන්සේකා යටතේ රංගනය හැදෑරුවාට පසු ඔබ නැවැත රංගනයට යොමුවුණා?
ඔව්… නැවැත සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ඇහැට මාව හසුවුණා. එහිදී ‘සාගරයක් මැද’ටත් පසුව ‘කොටි වල්ගය’ටත් යොමු වුණා.
🔴 ‘කොටි වල්ගයේ’ කුඩුකාර ඇමැති පුතා ප්‍රබල සංධිස්ථානයක් වුණා?
මොනවා කියනවද මේ.., කුඩු කාරයෙක්ය කියලා ලේබලයක් වදින තරමට එය ප්‍රේක්‍ෂකයන් අතර හිට් වුණා.
🔴 කුඩු ගහන කොල්ලන්ව හොයාගෙන ගියේ ඒ හිට් එක ගන්නද?
සත්තකින්ම ඔව්.., කුඩු ගහන කොල්ලන්ගේ සැබෑ ස්වරූපය හඳුනාගන්න මට ඕනෑ වුණා. මොකද ‘ඩි්‍රන්ක් එකක් දැම්මම ඒ ත්‍රිල් එක දැනං හිටියට… ‘මරිජුවානාවල’ ත්‍රිල් එක දැනං හිටියට, කුඩුකාරයකුගේ ත්‍රිල් එක සහ ස්වභාවය කොහොමද කියන්න මම දැනං උන්නෙ නැහැ. ඒ නිසා කුඩු තිප්පොළක් හොයාගෙන ගිහින් උන්ට කුඩු ගන්න සල්ලි දීලා… ඒ ගැම්ම මොකක්ද කියන එක මම හදාරන්න ගත්තා.
🔴 ගාමිණී ෆොන්සේකා ඒ වැඩේට මනාප වුණේ නැහැ?
එතුමා බැන්නා, පිස්සුද ඕයි තමුසෙට පොලිසියට අහුවුණා නම් මොකද වෙන්නෙ බලනවා.., කියලා කෑ ගැහුවා. පස්සේ මම හිනාවෙලා, එහෙම වුණා නම් මම සර්ගේ නම කියලා… මේ චිත්‍රපටය ගැනත් කියනවනේ ඉතින් කියලා කිව්වා.
🔴 කොහොමත් ඔබ කුඩුකාරයෙකුගේ චරිතය තුළ සාර්ථක වුණා?
අනිවාර්යයෙන්ම.., හැබැයි ඉතින් කුඩුකාරයන්ගේ චරිතම ලැබෙන්න ගත්තා. ‘තාරා දේවි’ ටෙලියෙන් මම කුඩුකාරයෙක් වුණා. එතැනින් පස්සේ ලොකු ගොසිප් එකක් ගියා. මම රියල් කුඩුකාරයෙක් කියලා.
🔴 ඔබ ලැජ්ජාවට පත්වුණාද මහේන්ද්‍ර?
අයියෝ නැහැ… එයින් එහා සිදුවන කිසිවක් ගැන මම හිතට ගත්තේ නැහැ.
‘අරුමෝසම් වැහි’ චිත්‍රපටයෙහි ‘සර්කස්කාරයකු’ වීමටත් ඔබ සර්කස් කණ්ඩායමකට බැඳුණා?
ඔව්… සර්කස් කියන විෂය ගැන දැනුමක් නැතුව ඒ සර්කස්කාරයෙක් වෙන්න මට බැරි වුණා. මම සර්කස් කණ්ඩායමකට බැඳිලා මාස 1 1/2ක් ඔවුන් සමඟ පුහුණුවීම් කළා. චරිතයක ස්වභාවය නොදැන කරන මතුපිට රංගනය මට කවදාවත් හුරු වුණේ නැහැ. මට හැමදාමත් ඕනෑ වුණේ චරිතය ඉගෙනගන්න. එය හදාරන්න. පොතක් කියවනවා වාගේ මම මට ලැබෙන හැම චරිතයක්ම කියවන්න හුරු වුණා කිවුවොත් හරි.
🔴 සර්කස් ඉගෙන ගැනීම සඳහාත් ඔබ ඔවුනට ගෙවීමක් කළාද?
‘අරුමෝසම් වැහි’ අධ්‍යක්‍ෂ ප්‍රියන්ත කොළඹගේ චිත්‍රපටයේ රඟපෑම සඳහා ඔවුනට ආරාධනා කළා. එහි සර්කස් කණ්ඩායම ලෙස පෙනී සිටියේ ඔවුන්මයි.
🔴 ආලින්දයේ සිනමාවට ඔබ සේන්දු වුණේ වේදිකාවේ සොඳුරු ගනුදෙනුවක සිටියදී?
ඔව්… 80 – 81 රූපවාහිනී තිරය ලංකාවට ආව කාලේ ටෙලි තිරය සාර්ථක කරන්න අපට හරි ආශාවක් තිබුණා. අප කිව්වේ වේදිකාවට ‘අත්’ ගෙන ආ නාට්‍ය කණ්ඩායම. මම කමල් අද්දරරාච්චි, ප්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනී සහ ජයන්ත චන්ද්‍රසිරි ඇතුලු පිරිසයි. අනෙක ඒ කාලේ දැන් වාගේ ටෙලි කලාව වසංගතයක් වෙලා තිබුණේ නැහැ. චැනල් දෙකයි. සතියටම ටෙලිනාට්‍ය 7යි හෝ 8යි. වැඩිම වුණොත් ඒවායේ කොටස් 15 හෝ 20ක් තමා තිබුණේ.
🔴 ඒ අතර ‘තාරාදේවි’ට ආරාධනා ලැබුණා?
ඔව්… පෙරුම්පුරාගෙන කවදා ටෙලියක රඟපාන්න ලැබෙයිද කියලා බලාන ඉන්න කොට ‘තාරාදේවි’ ලැබුණා.
🔴 ‘හදවිල සක්මන’ හරහා ඔබට හොඳ ඕඩියන්ස් එකක් හැදුණා?
ඒ ප්‍රසන්න ජයකොඩිගේ ‘හාස්කම’. ඔහු හරි සොඳුරු නිර්මාණකරුවෙක්. ප්‍රසන්න සමඟ නිර්මාණයක නියැළීම ඉතාම ආශ්වාදජනක වුණා. ඒ වාගේම ‘හදවිල සක්මන’ සම්මාන රාශියක් දිනූ උසස් ගණයේ නිර්මාණයක්. අදටත් මඟතොටදී ප්‍රේක්‍ෂකයන් ඒ ගැන කතා කරනවා.
🔴 ඔබ නිතර ආනන්ද අබේනායකගේ නිර්මාණශීලී ඇසට හසුවූ රංගවේදියෙක්?
ඇත්තෙන්ම, ඔහු වැනි කදිම දැක්මක් තියෙන නිර්මාණකරුවකු මා සොයා පැමිණෙන හැම අවස්ථාවකම මම අලුත් යමක් රංගනයට එකතුකර ගන්නවා. සම්මාන වාගේම සාර්ථක නළුවකු වීම සඳහා ආනන්ද අබේනායක මට දුන් ආභාෂය මිල කරන්නට බැහැ. තක්සලාව, චෙස්, බැද්දෙ කුලවමිය වාගේම රළ බිඳෙන තැන නරඹන ඕනෑම අයකුට එය හොඳින් වැටහෙනවා.
🔴 හිටිගමන්ම වාගේ ඔබ වේදිකාව අතහැරියා?
ඔව්… ඒ අතහැරීම තවමත් එහෙමමයි. කවදාවත් එයට පය තැබීමේ කැමැත්තක් නැහැ. අවසානයට රඟපෑවේ ධර්මසිරි බන්ඩාරනායකගේ ‘යක්‍ෂා ගමනය’ නාට්‍යයේ.
🔴 එය කලකිරීමක් මත සිදුවූ අතහැරීමක්ද?
බොහෝ විට එය වේදිකා නාට්‍ය කලාවේ සිස්ටම් එක ගැන ඇති වූ කලකිරීමක් මිස පුද්ගලික කොන්තරයක් නෙවෙයි.
🔴 ඔබ නළුවකු වීමට තරම් සුදුසු නැතයි කියා ඔබේ තාත්තා ඔබට සිනාවුණාලු?
ඒකනේ… ගැටවර වයසේ ඉඳන් ර`පාන පිස්සුව තිබුණු නිසා තාත්තා මට විහිළු කළා. ‘දෙහි ගෙඩි දෙකක් තරමටවත් උස නැති උඹට මොන නළුකම්ද පුතේ’ කියලා.
🔴 ඔබ සාර්ථක වූ තැනදී ඒ විහිළුව ගැන තාත්තට ලැජ්ජා හිතුණද?
මම සාර්ථක වෙන තැනදී ඒ ගැන සතුටු වෙන්න තාත්තා හිටියේ නැහැ. ඒතකොට ඔහු ජීවිතෙන් යන්න ගිහින්.
🔴 මහේන්ද්‍ර පෙරේරා කියන රංගන වේදියාව හොයාගෙන ගිය ඔබ, අද ඒ සොයා ගැනීම ගැන තෘප්තිමත්ද?
තැවෙන්නට හෝ දුක්වෙන්නට යමක් ඒ සොයා ගැනීම තුළ මට දැනෙන්නේ නැහැ. මට මා ගැන සතුටුයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වචන 2න් හිට්වුණු ගජමෑන්

Next Post

SLIBFI 2019 සම්මාන උළෙලේදී සෙලාන් බැංකුවට සම්මාන දෙකක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.