• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වචන 2න් හිට්වුණු ගජමෑන්

March 14, 2021
in Heart
Reading Time: 2 mins read
A A
වචන 2න් හිට්වුණු ගජමෑන්
Share on WhatsAppShare on Facebook

⬤ මම රංගනය හදාරලා නැහැ…

⬤ මම ගොඩක් කට්ට කාල ආවේ…

මේ දවස්වල සුවිශේෂී නිර්මාණයක සුවිශේෂී චරිතයක් අපට දැකගන්න ලැබෙනවා. මල් ගස්වටේ පෙම් කරන චරිතවලට වඩා ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් සුවිශේෂී චරිතයක් තමයි ‘ගජමෑන්’ චරිතය. ‘ගජමෑන්’ගේ මුවින් නිතරම පිටවූයේ මට ‘බඩගිනියි,’ එහෙමත් නැතිනම් ‘ප්ලේන්ටියක්’ කියන වචන දෙක විතරයි. පුංචි කඩමණ්ඩියක නිතර දෙවේලේ කැරැකි කැරැකි සිනාමුසුවෙන් පිස්සු චරිතයක් රඟන ‘ගජමෑන්’ එක රැයකින් ජනප්‍රිය වුණා. ඔහු ගැන ගොඩදෙනෙක් හොයන්නට පටන්ගත්තා. ඔහු තමයි ශෂ්මිත දිල්ශාන්. ඔහු ටෙලිනාට්‍ය ගණනාවකම සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කළත් ඔහුව දැනහඳුන ගත්තේ ‘ගජමෑන්’ ලෙසටයි. ඉතින් ඒ කරුණු කාරණා සියල්ල ගැන ‘ගජමෑන්’ සමඟ අප කතා කළා.

🔴 ශෂ්මිත අපි මුලින්ම ඔබගේ කලා ක්‍ෂේත්‍රයේ පටන්ගැන්ම ගැන කතා කළොත්?
මම පුංචි කාලේ ඉඳලා ටෙලිනාට්‍ය, චිත්‍රපට ආශාවෙන් නැරැඹුවා. ඒ නිර්මාණවල චරිත මමත් ගෙදර කණ්ණාඩිය ඉදිරියේ දෙබස් කියමින් රඟපානවා. මගේ හිතේ ලොකු ආශාවක්, බලාපොරොත්තුවක් තිබුණා මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට. ඉතින් මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා මගේ අරමුණ ගැන හිතුවා.
🔴 ‘දස්කොන්’ ටෙලිනාට්‍යයට ඔබ සම්බන්ධ වුණේ කොහොමද?
‘දස්කොන්’ ටෙලිනාට්‍ය රූපගත කිරීම කළේ අපේ ගම්පළාතේ. ඉතින් මගේ මවුපියන්ගේ දැන හැඳුනුම්කම මත මට ඒ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. මගේ තාත්තා තමයි ‘අස්වැසුම’ චිත්‍රපටයට මැණික් ගල හදලා දුන්නේ. ‘දස්කොන්’ ටෙලිනාට්‍යයෙන් පස්සේ මම ටෙලිනාට්‍ය කිහිපයක සුළු චරිත රඟපෑවා.
🔴 ඔබ ටෙලිනාට්‍යවල රඟපානවට වඩා වැඩිපුර ඔබේ දායකත්වය සපයා දුන්නේ කැමරාවෙන් පිටුපස ඉඳගෙන නේද?
ඔව්… මම එහෙම සම්බන්ධ වුණේ මට මේ ක්‍ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් ගැනීමට. ඒ නිසාම මම සහාය කලා අධ්‍යක්‍ෂවරයෙක් විදියට වැඩකටයුතු කළා. පස්සේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ සමීර හසුන් අයියා මගේ දක්‍ෂතාවය හඳුනාගෙන මාව සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට පත්කළා. ඔහු අධ්‍යක්‍ෂණය කළ ‘මෝදර බඹරු’ ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට මම මුලින්ම වැඩ කළා.
🔴 දැන් ඔබ ඒ සියලුම අභියෝග ජයගනිමින් ජනප්‍රිය තරුවක් බවට පත්වෙලා නේද?
මට දැනෙන විදියට මම තවම පොඩි මිනිහෙක්. ‘ගජමෑන්’ චරිතය ජනප්‍රිය වෙලා කියලා ගොඩදෙනෙක් කියනවා. ‘ගජමෑන්’ කවුද කියලා ගොඩදෙනෙක් හොයන්නට පටන්ගත්තා. ඒ හෙවිල්ලත් එක්ක මම ගැන ගොඩ දෙනෙක් කතාබහ වුණා. විශේෂයෙන්ම විදේශීය රටවලින් තමයි ප්‍රතිචාර ගොඩාක්ම ආවේ ‘ගජමෑන්’ චරිතයට. මම හිතනවා මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයට සාධාරණයක් කරලා කියලා.
🔴 ඔබ නිරූපණය කරන ‘ගජමෑන්’ චරිතය තුළ අපිට වෙනසක් දැනුණා?
ඒ වෙනස තමයි ‘ගජමෑන්’ ජනප්‍රිය වීමට හේතුව. මොකද ‘ගජමෑන්ට’ දෙබස් කීමට ලොකුවට තිබුණේ නැහැ. ඔහු අසාධාරණයට අකැමැති කෙනෙක්. ‘ගජමෑන්’ යම් දෙයක් වටහා ගත්තා නම් හිනාවෙන් තමයි එය සම්මත කරන්නේ. වැඩිපුරම කටේ තිබුණේ බඩගිනියි, එහෙමත් නැතිනම් ප්ලේන්ටියක් කියන වචන දෙක විතරයි කතා කරන්න තිබුණේ.
🔴 ටෙලිනාට්‍යවල සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කරපු ඔබ ‘ගජමෑන්’ වුණේ කොහොමද?
ඇත්තටම මම ඒ හැම දේම කළේ නළුවෙක් වෙන්න හිතාගෙන තමයි. සද්ධාසූරිය මංගල බණ්ඩාර අයියා කිව්වා මට මල්ලි ‘ගජමෑන්’ කියලා පිස්සු චරිතයක් තියෙනවා කරමු කියලා. ඉතින් මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා එවැනි චරිතයක් කිරීමට. ඒත් මම හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට එවැනි චරිතයක් මට කරන්න ලැබෙයි කියලා.
🔴 මේ විදියට තාත්වික රඟපෑමක් කරන්න ඔබ තුළ සැඟැවුණු හැකියාවන් තියෙන්නට ඇති නේද?
ඒ හැකියාව නිසා තමයි මම නළුවෙක් වෙන්න හිත දැක්කේ. හැකියාවත් තියෙන දක්‍ෂ පිරිසක් කොච්චර සැඟවිලා ඉන්නවාද. ඔවුන්ට එන්න විදියක් නැතුව මේ ක්‍ෂේත්‍රයට. අන්න ඒ වගේ තැනක ඉඳලා තමයි මමත් ආවේ. මම රංගනය කියන දේ කවදාවත් හදාරලා නැහැ. පාඨමාලාවකට මගේ කාලය වැය කළා නම් ආර්ථික ප්‍රශ්න මතු වෙනවා. මම ගොඩාක් දුක්විඳලා මේ තැනට ආවේ.
🔴 ඔබ ජනප්‍රිය අධ්‍යක්‍ෂවරයකු යටතේ නිර්මාණ රැසකට සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට වැඩ කරලා ඔහුගේ නිර්මාණයකින්ම ඔබ අද නළුවෙක් බවට පත්වෙලා?
ජයප්‍රකාශ් සිවගුරුනාදන් සමඟ ඔහුගේ ටෙලිනාට්‍ය රැසක ඔහු සමඟ වැඩ කළා. ඔහු මට ගොඩාක් උදවු කළා. මේ ක්‍ෂේත්‍රයේ මගේ ගුරුවරයා ඔහුයි. ඒ විතරක් නෙවේ චින්තන ශ්‍රීමාල් අයියා මට ගොඩාක් උදවු කළා. අපි සියලුම දෙනාම එකම පවුලක කණ්ඩායමක් විදියට බැඳිලා ඉන්නේ. ඉතින් ඔවුන්ගේ නිර්මාණයකින් ලෝකවාසී සියලුම ප්‍රේක්‍ෂකයන් ‘ගජමෑන්’ ලෙසට දැන් මාව අඳුරනවා.
🔴 සහාය අධ්‍යක්‍ෂණයෙන් සමුගෙන දැන් ඉදිරියේදී නළුවෙක් ලෙසට ඔබ වැඩ කරාවිද?
අපෝ කවදාවත් මම ආපු තැන අමතක කරන කෙනෙක් නෙවේ. මට තව යෑමට පියවර කිහිපයක් තිබෙනවා. මම මොන දේ කළත් සහාය අධ්‍යක්‍ෂණයයෙන් ඉවත් වෙන්නේ නැහැ. මගේ එකම අරමුණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් වීම තමයි.
🔴 ඔබේ කලා දිවියට පවුලෙන් ලැබෙන්නේ මොනවගේ දායකත්වයක්ද?
මට ඉන්නේ අම්මයි, මල්ලියි විතරයි. අම්මා මුලදි නම් කොහොමත් කැමැති වුණේ නැහැ. මම මේ වැඩ කරනවාට මොකද මම පිස්සු නටයි කියලා බයට. හැබැයි දැන්නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මගේ අම්මා, මල්ලි සතුටු වෙනවා නම් මට ඒ ඇති.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කුරුවිට තරුණියගේ ඝාතනයෙන් පසු රටම පුදුම වන හෙළිදරව්වක්: අවුරුදු 5ට කාන්තාවන් 23,000ක් අතුරුදන්

Next Post

ගාමිණී සර් දුන්න පන්ච් එකෙනුයි රඟපෑම ඇඟට වැදුණෙ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.