• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොරෝනා බච්චන් පවුලට තිත තියයිද

July 18, 2020
in Heart
Reading Time: 2 mins read
A A
කොරෝනා බච්චන් පවුලට තිත තියයිද
Share on WhatsAppShare on Facebook

ලෙඩ රෝග පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවය.
එලෙසම ලෙඩ රෝග කිසියම් ප්‍රාණියකු කරා යොමු වන්නේද එයට උස්, පහත් බේද, තරාතිරම්, ජාති හෝ ආගම් බේද යන විශේෂයන් බලපාන්නේ නැත.
පසුගිය මාසයකදී හිරු නොනගින අධිරාජ්‍යයේ මහ
රැජනට සහ ඇගේ වැඩිමල් පුතු වූ කාල්ස් කුමරුට කොරෝනා වැලඳීම එයට ළඟම තිබෙන හොඳම නිදසුනකි.
එහි උණුසුම යම් තරමකට පහව ගියා පමණය, තවත් අවාසනාවන්ත වූ සිදුවීමක් මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිර යන්නට ගත්තේ එවැනිම සුවිශේෂී පවුලක් කේන්ද්‍ර කොටගෙනය.
උතුරු ඉන්දීය සිනමාවේ ඉසව් කිහිපයක් හරහා තම ප්‍රතිභාව සහ මහේශාක්‍ය බව පතුරුවා සිටින බච්චන් පවුලය.
බච්චන් පවුලේ පරම්පරා තුනක් කොරෝනාව හමුවේ රෝගීව සිටින අතර, එයට ගොදුරුව සිටින අයව නාමිකව දන්වා ඇත්තේ අමිතාබ්, අයිස්චර්යා, අභිෂේක් සහ ආරාධනා ලෙසින්ය.
පළමුවෙන්ම තමාට කොරෝනා වැලඳී ඇති බව දැනගත් විගස අමිතාබ් කුඩා වීඩියෝවක කොටසක් යූ-ටියුබය හරහා මුදා හරිමින් කියා සිටියේ,
‘මඳක් ඈත නොවූ කාලයක් තුළ ඔබ මා අසල ගැවසුණාද, මා ඇසුරු කළාද, යන්න පළමුව තහවුරු කරගන්න.
දෙවනුව වහා වෛiවරයකු හමුවී උපදෙස් ගන්න. කරුණාකර මෙය පැහැර නොහරින්න. මන්දයත් මම කොරෝනා උවදුර නිසා පීඩාවට පත්ව සිටිමි.
පළමුව අමිතාබ් රෝහල් ගතවූ අතර, දෙවනුව අභිෂේක් රෝහල් ගතවිය.
‘වෛiවරුන් හරි තීන්දුවක් දෙනතුරු අප නිසොල්මන්ව බලා සිටිමි.’
යනුවෙන් අභිෂේක් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තැබුවේය.
අයිශ්චර්යා සහ ආරාධනාට කොරෝනා තත්ත්වය ආසාදනය වී ඇතැයි පළකරණ බැවින් ඔවුන් දෙදෙනාද නිවෙස තුළ නිරෝධායනය වන බවට ආරංචි ලැබී ඇත.
ආරාධනා සහ ඇගේ මව නිවෙසේ හුදකලාව සිටීම තමාට දරාගැනීමට මඳක් අපහසු බව සටහන් කොට තිබූ අභිෂේක් දුක හිතෙන අන්දමේ සංවේදී රූප රාමුවක්ද එයට සම්බන්ධව පළකර තිබුණේය.
ජුනුහී පිහිටා තිබෙන අමිතාබ්ගේ ප්‍රනීක්‍ෂා නම් මහා මන්දිරය ඉදිරිපිට විශාල බැනරයක් එල්ලා තැබීම ගැන බොහෝ දෙනකු කම්පාවට පත්ව ඇති බව කියැවෙයි.
‘කොවිඞ් ආශ්‍රිත අවදානම් කලාපයකි.’
යනුවෙන් එම බැනරයෙහි සටහන්ව ඇත.
මුම්බායි නගරය පුරා බොහෝ දෙනකු ආගමික වතාවත්හී යෙදෙන අතර, තවත් අය බච්චන් මැඳුරෙහි තොරතුරු දැනගැනීමටත්, පැපරාසින් පිරිස ‘නැනවතී’ රෝහලේ සිටින පිය, පුතු දෙපළ ගැන කුමක් හෝ ඕපාදූපයක් පතුරුවා හැරීමට බලා සිටින බැව් දැන ගන්නට ඇත.
සුවහසක් ප්‍රේක්‍ෂකයනට සතුට බෙදාහල ආදරණීය අමිතාබ් ඔබට ඉක්මන් සුවය පතමි.
මිලියන ගණන් දෙනකු ඔබ සුවය ලැබෙන තුරු බලා සිටින බව මම සතුටින් දන්වා සිටිමි.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් චර්මන් සුවිශේෂීව ඊළඟ ප්‍රාර්ථනය කළේය.
අමිතාබ් බච්චන් යනු ඉතා ගුණගරුකව පිළිගැනෙන පුද්ගලයෙකි.
තමාට කොවිඞ් 19 ආසාදනය වී ඇති බවක් තමා ආශ්‍රය කළ මිනිසුන් මේ මේ අය යන බව විස්තරයක්ද පැහැදිලිව දෙන්නට ඔහු උත්සුක වූයේ එනිසාමය.
නවැතිල්ලේ සිතා බලන විට කෝවිඞ්-19 ආසාදනය වූ තවත් සුපිරි තරුද සිටින්නට හැකිය.
කිසියම් හීනමානයක් තකා ඔවුන් එය සඟවාගෙන ගොස් සිදුවන විපත සුළුපටු නැත.
එලෙසම බච්චන් පවුල කෙරෙහි පමණට වඩා අවධානය යොමු කරලීම නිසා වෙනත් කෝවිඞ්-19 ආසාදිතයන් ගැන සෙවීමේ මෙහෙවර සහ ඔවුනට ප්‍රතිකාර කිරීමේ මෙහෙවරද යම් තරමකට වඩාත් අතපසු වන්නට ඉඩ නොදිය යුතු යැයි ඉන්දීය ජාතික පුවත්පතක මඳක් සැරට පළවී තිබිණි.
‘ඔබ ගැන සේම අන් කොවිඞ් ආසාදිතයන් ගැනද සැලකිලිමත්ව සිටින ලෙස අදාළ අය වෙතින් ඉල්ලා සිටින්නැයි’
යනුවෙන්ද අමිතාබ්ගේ මිලියන 43ක් පමණ ට්විටර් අනුගාමිකයන් අතර සමහර දෙනකු ඔහුගෙන් ඉල්ලා සිටි බව කියැවෙයි.
කොයික කෙසේ වුවද,
ඊළඟට සිදුවන දෑ අවිනිශ්චිතය.
එකක් නම් නිශ්චිතව පවසන්නට පුළුවන.
සිදුවන්නට යමක්, යම් නියමයක් තිබෙන්නේද එය වළක්වන්නට නොහැකිය.
සුපිරි නිවෙසද, දුගී පැල්පතද, යාචකයන් වසන අම්බලමද වේවා එය ඕනෑම තැනකට අදාළ වෙයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අධ්‍යක්ෂවරුන් එක්ක අයුතු යෝජනා සම්බන්ධ නෑ

Next Post

ගොනාකෝවිලේ රොහාට අංජුගෙන් කෝටි 5ක විවෘත ලන්සුවක්!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.